නන්දා දේවී තරණයේදී අතුරුදන් කඳු නගින්නන්ගේ සිරුරු මුදාගනී
හිමාලය තරණය කිරීමට ගොස් පසුගිය මාසයේදී අතුරුදන් වූ කඳු නගින්නන් හත් දෙනෙකුගේ සිරුරු මුදාගැනීමට සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට හැකිවී තිබේ.
මෙම කඳු තරණයට එක් වූ අට වැනි පුද්ගලයාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව ඉන්දීය බලධාරීහු පවසති.
මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව්දෙනෙකු, ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකු, එක් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ ඉන්දියානුවෙකු වෙති.
ඔවුන් ඉන්දියාවේ දෙවැනි උසම කන්ඳ ලෙස සැලකෙන නන්දා දේවී තරණය කරමින් සිටියදී පොළොව මට්ටමින් අඩි 17,650ක් ඉහළ ග්ලැසියර දෙකක් අතර කඳුවැටියකදී අතුරුදන්ව තිබුණි.
ඔවුන් මෙම ස්ථානය තරණය කරමින් සිටින අවස්ථාවේදී හිම කඳු කඩා වැටීමක් සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම මස මුලදී මෙම මළ සිරුරු තිබූ ස්ථානය නිශ්චිත කරගැනීමට හැකි වුවත්, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ කණ්ඩායම් ඒ වෙත යොමුකිරීමට හෙලිකොප්ටර් යානා කිහිප අවස්ථාවකදීම අපොහොසත් විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

