දිල්ලි විශ්වවිද්‍යාලයේ තෙවැනි ලිංගිකත්වයට ඉඩක්
ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගැනීමකට ලක්කර ඇති බව එරටින් වාර්තා වෙයි.
ඔවුන් එය සිදුකර ඇත්තේ එවැනි අයැදුම්කරුවන්ගේ ලිංගිකත්වය සටහන් කිරීම සඳහා වෙනම තීරුවක් විශ්වවිද්‍යාල අයැදුම් පත්වලට එකතු කිරීමෙනි.
ඒ අනුව, මෙවර දිල්ලි විශ්ව විද්‍යාලයට අයැදුම් කර ඇති ස්ත්‍රී හෝ පුරුෂ නොවන පශ්චාත් උපාධි අයැදුම්කරුවන් 9 දෙනෙකුගේ අයැදුම්පත් අනුමත කළ බව එරට විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශ කොට තිබේ.
මීට ප්‍රථම මෙවැනි ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයකින් යුතු අයැදුම්කරුවන් වෙත බල කෙරුණේ ස්ත්‍රී හෝ පුරුෂ ලෙස තම ලිංගිකත්වය සටහන් කරන ලෙසිනි.
පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළේ ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන පුද්ගලයින් තුන්වැනි ලිංගිකත්වයක් ඇති පිරිසක් ලෙස සැලකියයුතු බවය. ඒ අනුව, දිල්ලි විශ්වවිද්‍යාලය මෙම තීරණයට පැමිණ තිබේ.
එමෙන්ම, එම විශ්ව විද්‍යාල නිලධාරියෙක් පැවසුවේ ලබන වසරේ සිට ප්‍රථම උපාධි පාඨමාලා අයැදුම්පත් සඳහාද මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

