පාකිස්තාන දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිට තලේබාන් ප්‍රහාරකට ලක්වූ නොබෙල් සම්මාන ලාභී මලාලා යූසුෆ්සායි ප්‍රථම වරට යළිත් සිය මවු රට වන පාකිස්තානය වෙත පැමිණ තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස මේ වනවිට කටයුතු කරන මලාලා අද 20 වැනි වියෙහි පසුවන අතර, ඇය තලේබාන් ත්රස්තයන්ගේ ප්‍රහාරයකට නතුව තිබුණේ 2012 වර්ෂයේදීය.
මෙම සංචාරයේදී ඇය පාකිස්තාන අගමැති ෂහීඩ් ඛාකන් අබ්බාසි සමග සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම සංචාරයේදී ඇය පාකිස්තානය වෙත පැමිණෙන බව කියා තිබුණත්, සවිස්තර සංචාරය පිළිබඳ විස්තර රහසිගතව තබා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණේ ඇගේ ආරක්ෂාව වෙනුවෙනි.
මේ වනවිට සිය පවුල සමග බ්‍රිතාන්‍යයේ රැඳී සිටින මලාලා 2014 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා විට ඇය එම සම්මානය දිනූ ලාබාලතම තැනැත්තිය බවට පත්වූවාය.