ට්‍රම්ප් දෝෂාභියෝය ආරම්භයේදී සෙනට් සභිකයන් නීති ගැටලුවල
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේ නඩු විභාගය ආරම්භ වනවිට නව සාක්ෂි ලබාගැනීම සඳහා නැවත නැවතත් ඩිමොක්රටික් සාමාජිකයන් උත්සාහ කිරීම එක්සත් ජනපද සෙනෙට් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සෙසු රිපබ්ලිකානුවන්ගේ බලපෑම්වලට යටත්ව සාක්ෂි වේගයෙන් සපයා ගැනීමේ සැලසුමට පිටුබලය දී තිබුණි.
කෙසේ වෙතත් ඩිමොක්රටික් සාමාජිකයන් පැවසුවේ මෙම ක්‍රියාව සාක්ෂි වසන් කිරීමකට නොඅඩු ක්‍රියාවක් බවයි.
බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්රස් පරීක්ෂණයට බාධා කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී තිබේ. කෙසේ වෙතත් ඔහු මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී ට්‍රම්ප් තමාට එරෙහි චෝදනා සියල්ල ප්‍රෝඩාවක් බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කළේය.
එක්සත් ජනපද අගවිනිසුරු ජෝන් රොබට්ස්ගේ සභාපතිත්වයෙන් යුතු නඩු විභාගයකදී දිනකට පැය හයක්, සතියේ දින හයක් සඳහා තර්ක විතර්ක කරමින් අපක්ෂපාතී ජූරි සභිකයන් ලෙස කටයුතු කිරීමට සෙනෙට් සභිකයින් දිවුරුම් දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
