චීනය සහ ලාඕසය සම්බන්ධවූ නව අන්තර් දුම්රිය මාර්ගයක්
අවසන් වානේ කදම්භය තැබීමත් සමග නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින් සිට ලාඕසයේ වියන්ටියාන් දක්වා වූ කිලෝමීටර් 1,000ක් දුරට දිවෙන දුම්රිය මාර්ගය සාදා නිම කර තිබේ.
චීන-ලාඕස් මායිමේ ගොඩබිම් වරායක් අසල පිහිටි ෂිෂුවාංබාන්නා ඩයි ස්වයං පාලන මැන්ග්ලා ප්‍රාන්තයේදී චීන-ලාඕස් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් විය.
දෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු කරනු ඇති බව අපේක්ෂා කරන්නේ යැයි චීන රාජ්‍ය දුම්රිය සමාගම පවසයි.
චීනය සහ ලාඕසය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරේ. චයිනා-ලාඕස් දුම්රිය මාර්ගය යනු චීනය විසින් යෝජිත එක් තීරය සහ මාවතක් මූලාරම්භය සහ ගොඩබිම් රටක සිට ගොඩබිම ආශ්රිත කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීමේ ලාඕසයේ උපාය මාර්ගය අතර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් බව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

