චීන රජය විසින් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
විශේෂයෙන්ම වෛරසය ප්රබලව පැතිරීම ඇරඹුණු වුහාන් නගරයේ මෙන්ම, වෛරසය පැතිරී ඇතැයි විශ්වාස කෙරෙන සියලුම නගර වෙත මෙම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇත.
විශේෂයෙන්ම පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය ක්ෂණිකව පරීක්ෂා කිරීම සඳහා නගර පුරා තාවකාලික පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති ආකාරය දැකිය හැකිය. එමෙන්ම මගී බස් රථ, කුලී රථ මෙන්ම දුම්රිය මැදිරි පවා විෂබීජහරණය කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදවීමට චීනය කටයුතු කර ඇති බව කටයුතු කරන ආකාරය එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් විසින් වෛරසය පැතිර ඇති මෙන්ම, පැතිර නැති ප්‍රදේශ වෙත පවා සිය කාර්ය මණ්ඩල යොමු කරමින් වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සහ එය ආසාධනය වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කළ යුතු පියවර පහදා දෙන ආකාරයද දැකිය හැකි විය. මීට අමතරව ශල්‍ය මුඛ ආවරණයක් නිසි පරිදි භාවිත කරන ආකාරය පවා පැහැදිලි කරමින්, අත්පත්‍රිකා බෙදමින් වෛරසය හැකි ඉක්මණින් චීනයෙන් අතුගා දැමීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.