රුපියල් කොටි 6කට වඩා වටින (පවුම් ලක්ෂ 300,000 ක පමණ) ලැම්බෝගිනී රථයක් පහුගිය දවසක ලන්ඩනයේ වීදියක හදිසි අනතුරකට ලක්වුණා.
සාමාන්‍යයෙන් මෝටර් රථ අනතුරක් දිහා වැඩි උවමනාවෙන් නොබලන අයත්, මේ මෝටර් රථ අනතුරේ ඡායාරූප පවා ගත්තා. ඒ අනතුරෙන් තුවාල වෙච්ච හරි, අනතුරේ දරුණු බව හරි නිසා නම් නෙමෙයි. අනතුරට පත් වුණත්, ඒ අනතුරට පත්වෙච්ච මෝටර් රථයට ඇති ඇල්ම නිසයි.
කොහොම වුණත්, මේ ලැම්බෝගිනී රථය පටු මාර්ගයේ වැඩිපුර සෙල්ලම් දාන්න ගිහිල්ල මේ අනතුරු සිදුවුණු බව සිද්ධිය ඇසින් දුටු අය කියනවා.
ඒ පටු වීදියෙ Lamborghini Aventador නමැති V12 එන්ජිමකින් බලගැන්වෙන මේ සුපිරි මෝටර් රථය එක්වරම වේගයෙන් ධාවනය කරන්න ගිහිලල තමයි මේ අනතුරු සිදුවෙලා තියෙන්නෙ.
අසල සිටි අයෙකුගේ කැමරාවක මේ සිදුවීම සටහන් වුණා. ලැම්බෝගිනී නෙමෙයි, මොන වාහනේ ආවත්, තමන්ගෙ සීමාව දැනගෙන පදවන්න ඕනෑ බවට මේ රූප පෙළ කදිම සාක්ෂියක්.
මේ රථයේ රියදුරා තමන්ගෙ රථයේ වේගය වැඩිකරන්න මෙයා උත්සාහ කළ නිසා වාහනේ ඉස්සිලා ගිහිල්ල අසල තිබුණු වාහන දෙක තුනකම වැදිල නතර වුණා.
බැහැල බලද්දි, රු.කෝටි 6ක් ඉක්මවපු මේ සුපිරි මෝටර් රථයේ රෝදවලටයි, ඉදිරිපසටයි අලාභානි ගොඩයි.
කොහොම හරි මේ අනතුරින් කවුරුවත් අනතුරකට ලක් නොවුණු එක ගැන සතුටු විය හැකියි.