කොවිඩ් සුනාමිය අතර මෝදි අලුත් නිවහනක් හදනවාලු
ඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.
ඉන්දියාව සහ එරට ජනතාව මෙතෙක් පැවති භයානකව කොවිඩ්-19 රැල්ල සමග පොරබදමින් සිටින මොහොතක ඉදිකිරීම් ව්‍යාපෘතියකට ඇ.ඩො.බිලියන 1.8ක් වෙන්කිරීම සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලඥයන් මෙන්ම, මහජනතාව තුළ දැඩි කෝපයක් ඇතිව තිබේ.
සෙන්ට්‍රල් විස්ටා පුනරුත්ථාපන ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන දැවැන්ත මුදලක් යට කෙරෙන මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එයින් අදහස් වන්නේ අනෙකුත් බොහෝ ගොඩනැගිලි ව්‍යාපෘති නවතා දමා තිබියදීත් ඉදිකිරීම් දිගටම කරගෙන යාමට ඒ සඳහා ඉඩ ලබාදීමය.
ඉන්දීය පුරවැසියන් දෙදෙනෙකු අගනුවර අගුලුදමා තිබියදීත් මෙම ඉදිකිරීම දිගටම කරගෙන යෑමට එරෙහිව එරට මහාධිකරණයේ නඩු පවරා තිබුණු අතර, ඉන් එක් අයෙකු ආසාදිතයෙකු මෙන්ම, ඔහුගේ මවද කොවිඩ් -19 ආසාදිතයෙකු බව පැවසෙයි.
පෙත්සම්කරුවන් තර්ක කර තිබුණේ මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු ගොඩනැඟිලි අත්‍යවශ්‍ය සේවාවක් නොවන බවත් ඉදිකිරීම් කටයුතු කොවිඩ්-19 සුපිරි පැතිරීමේ සිදුවීමක් බවට පත්විය හැකි බවත්ය. කම්කරුවන් තම ශ්‍රම කඳවුරේ සිට ඉදිකිරීම් භූමියට අඛණ්ඩව ගෙන යන බව එම පෙත්සමේ සඳහන්ව තිබුණි.
පසුගිය මස අගදී මහාධිකරණය විසින් නඩුව විභාග කිරීමට ඉදිරිපත් වූ නමුත් පෙත්සම්කරුවන්ට මෙම කාරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමට සිදුවූයේ, පහළ අධිකරණය මෙම තත්ත්වයේ බරපතළකම තක්සේරු කිරීමට අපොහොසත් වී ඇති බවට තර්ක කරමිනි.
පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව කොවිඩ්-19 මරණ 3,000කට වඩා වාර්තා කර කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා කොවිඩ්-19 වාර්තාවට අනුව, පසුගිය සතිය තුළ ගෝලීය කොරෝනා මරණ වලින් හතරෙන් එකක්ම ඉන්දියාවේ සිදුවිය.








popular news
-
Somapala Tuesday, 11 May 2021 05:13 AM
Who cares. We have to be more worried about Basil's Malwana. Sad to see journalists may even walk in a street if 'Balu Katu" is given. What a insult to highly respected journalists like Edwin Ariyadasa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

