කොරියානු සෝල් අනතුරින් දිවි බේරාගත්තවුන් අත්දැකීම් විස්තර කරයි
දකුණු කොරියානු සෝල් නෞකා අනතුරේදී දිවි බේරාගත් සිසුන් තමන් රැඳී සිටින කුටි වෙත ජලය පිරෙන විට ඒවායෙන් ඉවතට පැනගත් ඒ ත්‍රාසජනක අත්දැකීම් ලෝකය හමුවේ පවසා තිබේ.
යාත්‍රාව වෙත වේගයෙන් ජලය ගලා එමින් පැවතියත්, තමන් සිටි කුටිවලම රැඳී සිටින ලෙස එම සිසුන් වෙත ලබාදුන් අණ පිළිපැදීම හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි විය.
මෙම කුටි ජලයෙන් පිරී යද්දී දොරවල් අසලට ජලයේ ගසාගෙන පැමිණි ඇතැම් සිසුන්ව නිරායාසයෙන්ම ඉන් ඉවතට ඇදී යාම හේතුවෙන් ඔවුන්ගේ දිවි බේරී ඇති බව ඔවුන් සිය අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත. එමෙන්ම, එසේ එළියට ගසාගෙන පැමිණි ඇතමෙකු කුටිවල සිරවී සිටි සිසුන් කිහිප දෙනෙකු එළියට ඇද ගැනීමටද සමත්ව ඇත.
පසුගිය අප්‍රේල් 16 වැනිදා ජේජු දූපත් ආසන්නයේදී ගිලුණු සෙවොල් නෞකා අනතුරින් පුද්ගලයන් 304ක් ජීවිතක්ෂයට පත්වූ අතර මින් වැඩි පිරිසක් පාසල් සිසුන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

