කැලිෆෝනියානු වෙඩි තැබීම සිදුකළේ ප්‍රේමයෙන් පරාජය වීම නිසාද?
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයේදී තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කැලිෆෝනියා-සැන්ටා බාබරා විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී කළු පැහැති බි.එම්.ඩබ්. මෝටර් රථයක සිට මෙම වෙඩි තැබීම සිදුකරමින් සැකකරු පළා ගොස් තිබුණි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු ඔහු පැමිණි මෝටර් රථය තුළම වෙඩි වැදී මියගොස් සිටියදී පසුව සොයා ගැනුණි..
නමුත්, ඔහු සියදිවි හානිකර ගත්තේද යන්න තවම පැහැදිලි නැත.
පෙම්වතියන්ගෙන් නිතර ප්‍රතික්ෂේප වන තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, ඔහු යූටියුබ් වීඩියෝවක් හරහා තමා ප්‍රතික්ෂේප විමේ පළිය ගන්නා බව පවසා ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
