කාබුල් රෙස්ලින් ක්‍රීඩා සංකීර්ණයක මරාගෙන මැරෙන ප්‍රහාර ද්විත්වයක්
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර රෙස්ලින් ක්‍රීඩා සංකීර්ණයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය බෝම්බය පුපුරුවා ගනිමින් පුද්ගලයන් සිව්දෙනෙකුට මරු කැඳවන විට, තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එම ස්ථානයට පැමිණි මුදාගැනීමේ කණ්ඩායම් ඉලක්ක කරමින් ඉන් සුළු මොහොතකට පසුව මෝටර් රථයකින් පැමිණ දෙවැනි ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයෙන් ටෝලෝ පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
කාබුල් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුලව ගැවසෙන දිස්ත්‍රික්කයක් තුළ මෙම ප්‍රහාරය සිදුව ඇති බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, මෙය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයක් විය හැකි බවට විශ්වාස කෙරෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

