උතුරු කොරියාව තවත් මිසයිල ද්විත්වයක් අත්හදා බලලා
උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බවත්, සති දෙකක කාලයක් තුළ ඔවුන් විසින් මෙසේ මිසයිල අත්හදා බැලූ සිව්වැනි අවස්ථාව මෙය බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට පතිත වූ බව සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව පවසන ඇමෙරිකාව, දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමක් කරන බවද කියා තිබේ.
පසුගිය සඳුදා ආරම්භ වූ දකුණු කොරියානු - ඇමෙරිකානු හමුදා අභ්‍යාසයන්ට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකරන අතර, එය උතුරු කොරියාවේ කෝපයට හේතුවක් වී තිබේ.
කෙසේ වෙතත්, මෙහි ප්‍රධාන අභ්‍යාසයන් එලැඹෙන 11දා ආරම්භ වීමට නියමිත අතර, මෙම අභ්‍යාස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් විසින් කොරියානු අර්ධද්වීපයේ සාමය උදෙසා තැබූ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බව උතුරු කොරියාව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

