ඊමේල් පළහිලව්වෙන් හිලරි යළිත් නිදොස්ලු
ඇමෙරිකානු ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා සම්බන්ධ ඊමේල් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයෙන් නැවත වරක් ඇය නිදොස් කිරීමට FBI ආයතනය කටයුතු කර තිබේ.
මෙම ඊමේල් පළහිලව්ව හේතුවෙන් ඩිමොක්රටික් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දැඩි ආන්දෝලනයකට නතුව තිබූ අතර, මැතිවරණයට දිනක් තබා මෙයින් අපේක්ෂිකාව නිදොස් කිරීමද සැකයට තුඩුදෙන බව විරුද්ධ පක්ෂ චෝදනා කරයි.
විශේෂයෙන්ම හිලරිගේ පෞද්ගලික සහායිකාවකගේ සැමියා සම්බන්ධ නඩු විභාගයකදී ඔහුගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී මෙම සැකයට තුඩුදෙන ඊමේල් සම්බන්ධයෙන් FBI ප්‍රධානියා මීට සති දෙකකට පමණ පෙර චෝදනා කළේය.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී දිගින් දිගටම එම ආයතනය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඩිමොක්රටික් මැතිවරණ ව්‍යාපාරය, මෙම නව තීරණයත් සමග FBI ආයතනය හා එහි ප්‍රධානී ජේම්ස් කොමේ සිංහාසනාරූඪ කිරීමට සැරසෙන බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, හිලරි සම්බන්ධ ඊමේල් 650,000ක් පමණ මෙතරම් ඉක්මණින් පරීක්ෂා කර ඒවායින් හිටපු රාජ්‍ය ලේකම්වරිය නිදොස් කිරීම සම්බන්ධයෙන් පුදුම වන බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

