ඉරාක නව පාලනය සමග සාකච්ඡා කිරීමට සුන්නි කොටස් ඉඟ පළ කරලා
ඉරාකයේ ඇතැම් සුන්නි නායකයන් එරට නව අගමැතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ සූදානමක් පවතින බවට ඉඟි පළ කොට ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
බහුතර ෂියා මුස්ලිම් වැසියන් පිරිසක් ජීවත් වන රටක් වුවත්, මේ වනවිට ඉරාකය සුළුතර සුන්නි මුස්ලිම්වරුන්ගේ අන්තවාදී සංවිධානය වන ISIS සමග දැවැන්ත අරගලයක නිරතව සිටී.
මේ වනවිට මෙම ගැටුම් බටහිර බැග්ඩෑඩය දක්වා ව්‍යාප්තව ඇති අතර, ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් යම් තරමකටවත් ඉරාක රජයේ හමුදාවන්ට හා කුර්දිස්ථාන් හමුදාවන්ට අස්වැසිල්ලක් හිමිව තිබේ.
මේ අතර, ISIS ඉස්ලාමීය අන්තවාදීන් සුළුතර ක්‍රිස්තියානුවන්ට එරෙහිව ගෙනයන ප්රචණ්ඩත්වයද මේ වනවිට බටහිර ප්රමුඛ යුරෝපා සංගමයේද දැඩි විවේචනයට එල්ල වී තිබේ.
ඔවුන් වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ලවීමටද ප්‍රධානතම හේතුවක් බවට මෙම ප්‍රචණ්ඩක්‍රියා හේතු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

