ඉන්දීය තරුණියන් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සැකකරුවෝ දැලේ
ඉන්දියාවේ නව යොවුන් වියේ දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණයකට ලක්කර ඔවුන් එල්ලා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බව ඉන්දීය පොලීසිය කියයි.
එහිදී, දැරියන් සමූහ දූෂණයට පත්කරමින්, ඔවුන් ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු හා සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල භාරගැනීමට උනන්දු නොවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මේ අතර වෙයි.
දාලිත් නමින් හැඳින්වෙන ඉන්දියාවේ අඩු කුලයේ දැරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා පසුගිය සතියේ එරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක ගසක එල්ලා සිටියදී හමුවී තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ උදාසීන ස්වභාවය ගැන ඉන්දියාව පුරා නැවත වරක් දැඩි වීරෝධතාවක් මතුව ආවේය.
කෙසේ වෙතත් ඉන්දීය නව රජය විසින් මෙම නඩු විභාගය කඩිනමින් විභාග කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමත් සමග එරට තුළ ස්ත්‍රී දූෂණයට එරෙහි බලවත් විරෝධයක් පැන නැගුණු අතර, ඒ වෙනුවෙන් වූ නීතිරීතිද වෙනස් විය.
කෙසේ වෙතත් මේ ආකාරයේ ස්ත්‍රී දූෂණ තවමත් ඉන්දියාව තුළ අඩුවක් නොමැති බවට එරට ජනතාව චෝදනා නගයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
