ඇමෙරිකාවත් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කරලා
මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ හිටපු රුසියානු බුද්ධි අංශ නිලධාරියෙකු හා ඔහුගේ දියණියට විෂ ශරීරගත කිරීමක් හේතුවෙන් රුසියාවට චෝදනා කරන බටහිර ජාතීන් රුසියානු රාජතාන්ත්‍රිකයන් රැසක් මේ වනවිටත් එම රටවලින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.
මෙම මතභේදයට තුඩුදී සිටින බ්‍රිතාන්‍ය මුලින්ම රුසියානු රාජාතාන්ත්රිකයන් පිරිසක් සිය රටින් පිටුවහල් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාවද තම රටේ සිටින බ්‍රිතාන්‍ය රාජාතාන්ත්රිකයන් පිරිසක් පිටුවහල් කරනු ලැබීය.
ඒ අනුව, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයද සිය රටේ සිටින රුසියානු රාජාතාන්ත්රිකයන් පිරිසක් එරටින් පිටුවල් කර තිබුණු අතර, මේ වනවිට රටවල් 20ක් පමණ තම රටවල සිටින රුසියානු රාජතාන්ත්‍රිකයන් 100ක් පමණ මේ වනවිට සිය රටින් පිටුවහල් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම විෂ ශරීරගත කිරීමේ සිද්ධියට කිසිම ආකාරයකින් තම රටේ හෝ තම නිලධාරීන්ගේ සම්බන්ධයක් නොමැති බවට රුසියාව තරයේ කියා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


