ඩිම්බකෝෂයේ තිබූ කිලෝ පනහක ගෙඩියක් සාර්ථකව ඉවත් කරයි
කාන්තාවකගේ ඩිම්බකෝෂයක අසාමාන්‍ය අයුරෙන් හටගත් කිලෝග්‍රෑම් 50.8ක්වූ විශාල ගෙඩියක් ( ටියුමරයක්) සැත්කමක් මාර්ගයෙන් සාර්ථකව ඉවත් කිරීමට හැකිවූ බව ඉන්දියාවේ දිල්ලි නුවර ඉන්ද්රප්රාශ්ත ඇපලෝ රෝහලෙන් වාර්ථා වේ. අවුරුදු 52ක්වන මෙම ඉන්දියානු කාන්තාවගේ බර අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇයට ඇවිදීමට පවා අපහසු තත්ත්වයේ සිට ඇති අතර තමන්ගේ ඩිම්බකෝෂයේ යෝධ ගෙඩියක් වර්ධනය වීමෙන් එසේ සිදුවන බව ඇය සිහිනෙන්වත් සිතා තිබුණේ නැත. එම සැත්කම සිදුකළ වෛද්‍යවරු පිරිසේ ප්‍රධානියාවූ අරුන් ප්‍රසාද් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණි.
”ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස අවුරුදු 30කට වැඩි මගේ වෘත්තීමය ජීවිතයේදී මෙවැන්නක් මින්පෙර මම දැකලා තිබුණේ නැහැ. විනාඩි 180ක සැත්කමකට පසු මෙම කාන්තාව සුවෙන් පසුවීමත් ආශ්චර්යක්.මොකද කියනවානම් මේ ටියුමරය විශාල වී තිබූ ප්‍රමාණය බැලුවම පුපුරා යෑමට ආසන්න අවස්ථාවකයි තිබුණේ. “
ඇනීමියා රෝගී තත්ත්වයට ගොදුරුව සිටි මෙම කාන්තාව හිමෝග්ලොබින් මද කමින්ද පෙලී ඇති අතර වෛද්‍ය වරුන් පවසන්නේ මෙම අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ටියුමරයෙන් වෙනත් අවයව වලට බලපෑම් සිදු නොවී තිබීම නිසා සැත්කමෙන් දිනයකට පසු නිවෙස වෙත යෑමට තරම් ඇය වාසනාවන්ත වූ බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

