විටෙක මන්ද පෝෂණය අපේ රටේ බොහෝ පාසල් දරුවන් අතර පවතින තත්ත්වයක් යැයි පවසන අතරම තවත් විටෙක අපේ පාසල් දරුවන් අධි පෝෂණය නිසා ඉතා තරබාරුව සිටින වග පවසනවා. ඇත්තටම අප රටේ මෙම තත්වයන් දෙකම පවතිනවාද? සාමාන්‍ය‘යෙන් එවන් තත්ත්වයක් මතු වූ විට ඔබ ඒසඳහා පිළියම් යොදන්නේ කෙසේද යන කාරණා පිළිබඳව යම් කතාබවක් බඩගින්නට මොනව හරි කන්න හිතන අපි යකඩ ගැන හිතන්නේ ඇත්තටම සිරුරේ ලේ හිඟකමක් මතුවුණාමයි. යකඩවලයි ලේවලයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා පොඩි ගැටලුවක් මතුවෙනවා නම් තමයි. ලේ, රතු පාට බව අපි හැමෝම දන්නා කරුණක්. ඒත් ලේවලට මෙම පාට දුන්නු යකඩ වල සම්බන්ධය නම් ඔබ තාම දන්නෙ නැතිවෙන්න පුළුවන්. මේ විමසුම ඒ ගැනයි.
ලේවල පාට වෙනස් නොවෙන්නේ ඇයි?
ලේවලට රතු පැහැය ලැබෙන්නේ ලේවල අඩංගුවෙන හිමෝග්ලොබීන් වර්ණකය නිසයි. පෙණහලුවල සිට ශරීරයේ ඇති නොයෙක් පටකවලට ඔක්සිජන් නිසි ලෙස ගෙන යන්න නම් හිමෝග්ලොබීන්වල නිසි පිහිටීම අත්‍යවශ්‍ය කරුණක්. යම් අයුරකින් යකඩ ඌණතාවයක් ඇතිවුණොත් ලේවල අඩංගු මෙම වර්ණකය නැතිවෙන්න පුළුවන්. නීරක්තිය කියන්නේ මෙම තත්ත්වයටයි.
යකඩ අඩුවුණාම මෙහෙම වෙනවා
යකඩ අඩුයි කියලා අපි දැනගන්නේ කොහොමද කියන ගැටලුවත් මෙහිදී මතුවෙනවා.මේ ගැන දැනගන්න රුධිර පරීක්ෂණයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඉක්මණින් වෙහෙසට පත්වෙන අයෙක් නම් එහෙම වෙන්නේ ඔබේ සිරුරේ යකඩ ඌණතාවයක් පවතින නිසා වෙන්නත් පුළුවන්. වැඩපල කරන්න කම්මැලි කමක් දැනීම අලස බවක් පැවතීමත් එක් ලක්ෂණයක්. පොඩි වැඩක නිරතවුවත් ඇතිවෙන හති වැටීම, සිරුරේ වර්ධනය හීනවීම, අවධානය යෙදවීම ,මතකය අඩුවෙන් දැනීම එහෙමත් නැති නම් මතක ශක්තිය අඩුවීම , අඩු උපත් බරක් ඇති දරුවන් බිහිවීම, වගේම පහසුවෙන් ලෙඩරෝග බෝ වීම. සුදු මැලි පැහැයක් ,දිව මතුපිට සුමට හා වේදනාකාරී බවක්, උග්‍ර යකඩ ඌණතාවය කළක් පැවති විට මතුවිය හැකි තත්ත්වයන් බව ඔබ දැනසිටිය යුතුමයි.
ආහාරවේල් මග නොහැර ගත්තත් යකඩ ඌණතාවයක් ඇතිවෙන්නේ ඇයි.?
අප බොහෝවිට ආහාර වේල්වල ප්‍රමාණවත් පරිදි යකඩ අඩංගුව ඇතිබවට සැක හැර දැනගන්නේ නැහැ. විශේෂයෙන්ම බඩගින්නක් ඇතිවුණාම අපි කෙටි කෑමකින් බඩගින්න නිවුවත් එයින් පෝෂණයට ඇති බලපෑම නොසලකන නිසා අපි නොදැනුවත්ම අපේ ආහාරයේ ප්‍රමාණවත් යකඩ තිබේද යන්න සලකන්නේ නැතිවිය හැකියි. මේ හැරෙන්න බාහිරව ඇතිවෙන ලේ වහනය නිසා ( ඇතැම්විට හදිසි අනතුරක් නිසා අර්ශස් හෝ කාන්තාවන්නේ ආර්ථවය වැනි තත්ත්වයන් නිසා ද මැලේරියාව සහ කොකු පණු ආසාදන හේතුවෙන්ද සිදුවිය හැකිය.) මේ හේතුන් යකඩ ඌණතාවයට බලපෑ හැකිය.
එදිනෙදා ආහාරයෙන් ශරීරයට උරාගන්නා යකඩ ප්‍රමාණය
මෙම කාරණය ආහාරවේලේ අඩංගු මුළු යකඩ ප්‍රමාණය. ආහාර ද්‍රව්‍යවල අඩංගු යකඩවල ස්වභාවය, ආහාරවේලට අඩංගු අනෙකුත් ආහාර වර්ග සහ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය වන යකඩ ප්‍රමාණය මත තීරණය වෙයි.
දිනකට අවශ්‍ය නිර්දේශිත යකඩ ප්‍රමාණය
සාමාන්‍යයෙන් අප වයස අවුරුදු 16 ත් 18 ත් අතර වයස්වල පසුවන්නන් සැළකුවහොත් ඔවුන්ගේ දෛණික යකඩ අවශ්‍යතාවය කාන්තා පාර්ශ්වය සඳහා මි. ග්රෑ 21 කි. එම වයසේ පිරිමි පාර්ශ්වයේ අයෙක් සදහා මි ග්‍රෑම් 34 කි.
ආහාරයෙන් ලැබෙන යකඩ අහිමි කරගන්නා අවස්ථා.-
ටැනින් අඩංගු ආහාර උදාහරණ ලෙස තේ කෝපි ඇට , පයිටේට පොස්පේට අඩංගු ආහාර ,සහල් ඇට වර්ග , සෝයා ප්‍රෝටීන , මෙන්ම ආහාර වේලකට ආසන්න ව හෝ ඒ සමගම තේ කෝපි පානයෙන් ආහාරයේ තිබෙන යකඩ උරා ගැනීම වළක්වනවා.
යකඩ උරා ගැනීම වැඩිකර ගන්න නම්,?
විටමින් සී බහුල අළුත් එළවළු පලතුරු අනුභව කළ යුතුය. ආහාර පිළියෙළ කිරීමේදී සියඹලා ,තක්කාලි, බිලිං වැනි ආම්ලික දෑ එක්කර ගැනීම සුදුසුය. විටමින් සී වලට අමතරව ඒවායේ අඩංගු සිට්රික් මැලික් සහ ටාට්රින් අම්ල යකඩ අවශෝෂණය වැඩිකරයි. කඩල මුං වැනි ඇට වර්ග පැය 24 ක් පමණ පොඟවා අංකූර ඇති වූ විට අනුභවයට ගැනීමෙන් මෙන්ම ආප්ප තෝසේ වැනි ආහාර පිළියෙළ කිරීමේදී අනුගමනය කරන ආහාර පැසවීම නැති නම් පිපීමට සැලැස්වීම නිසාද ආහාර ජීර්ණයෙන් පසු ඇතිවෙන මිශ්‍රණයෙන් යකඩ අවශෝෂණය වැඩියෙන් සිදුවෙන බව සත්‍යයක්. සාමාන්‍යයෙන් යකඩ බහුල ආහාර ලබාගැනීම නිරක්තියට ඖෂධ සෙවීමට වඩා සුදුසුය
මෝරතෙල් හෘද රෝග නිවාරණයට සුදුසු ද ?
මෝර තෙල් හෘදරෝග නිවාරණයට ප්රශස්තයැයි ඇතමුන් කියන කතාව ඇත්තද යන ගැටලුව ඔබටත් මතුවී තිබෙන්නට පුළුවන්. මෝරමාළු යොදාගෙන මෝර තෙල් ලබාගන්නවා යැයි ඔබ සිතුවත් මෝරතෙල් ලබාගන්නේ මෝර මාළුවාගේ අක්මාවෙන්. මෝර අක්මා තෙල් වල වතුරේ දියනොවන විටමින් ඒ සහ ඩී සාරවත්ව පවතින බව යහපතක් නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගතහොත් එම විටමින වුවද ශරීරයට විෂ විය හැකියි. එබැවින් හෘද රෝග නිවාරණයට කියා මෝර තෙල් ගුලි ගැනීම යහපත් යැයි කිවනොහැක.