බඩ ඉදිරියට නෙරා ඒමේ ගැටලුව කළකට ඉහත වැඩිහිටියන්ට පමණක් තිබූ ගැටලුවක්. නමුත් දැන් දැන් එය යෞවනයේ පසුවන්නන් හා කුඩා දරුවන් අතරද ළමා කළ සිටම දැකිය හැකි තත්ත්වයක්. සිරුර වටකුරු හැඩයට රුකුලක් දෙන බඩ මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුට ගැටලුවක් බවට පත්වී අවසන්.
ගැහැණු පිරිමි දෙපක්ෂයම මේ ගැටලුව ඉදිරියේ අසරණවෙන්නේ ඉදිරියට නෙරා ආ බඩ අඩුකරගන්න නොකරන දෙයක් නැති වුණත් මේ ගැටලුව විසඳෙන පාටක් නෙපෙනෙන නිසයි. නමුත් මේ සඳහා සියයට සියයක් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී යැයි ඔබට පැවසුවහොත් එය අලුත් ආරංචියක් වනු නොඅනුමානයි.
ව්‍යායාම, ආහාර පාලනය, ඖෂධ, උපකරණ, ආලේපන මේ කිසිවක් යොදා නොගෙන ඔබේ බඩ අඩුකරගන්න ඔබටත් පුලුවන් වගේම නැවත ඔබේ බඩ ඉදිරියට ඒමත් වළක්වන්න මේ ක්‍රමවේදයට හැකි බව ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහනට හැකියාව පවතීලු. අද සෞඛ්‍ය පිටුව තුළින් අප සාකච්ඡාවට බදුන් කරනුයේ එම කාරණයයි.
බඩ ඉදිරියට එන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔබට මූලිකවම මතුවෙන ප්රශ්නය විය හැකියි. බඩ ඉදිරියට ඒමට බලපානු ලබන්නේ එකම හේතුවක් නොවන නමුත් ඒ ඒ හේතු අතර කිසියම් ඥාතීත්වයක් දකින්නට පුලුවනි. බඩ ඉදිරියට ඒම ගැන ඇතැම් විට ඔබ තීරණය කරනු ලබන්නේ අනෙක් අයෙකුගේ උදරයට සාපේක්ෂව කණ්නාඩියෙන් ඔබට පෙනෙන දේ අනුව නම් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.
පළමුව ඔබ ඔබේ බර මැන ගෙන සිටින්න ඇතැම් අය සිහින්ව පෙනෙන නමුත් බඩ ඉදිරියට නෙරා තිබෙන අවස්ථා දැන් දැන් බහුලයි. ඔබ අසුන්ගන්නා ඉරියව්ව ඔබේ උදරය නෙරා ඒමට යම් තරමකට බලපානවා.
ඔබ කොන්ද කෙළින් තබා නොගෙන කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් වාඩිවෙනවා නම් ඒ අවස්ථාවේ ඔබේ උදර මාංශ පේෂීන් ඉදිරියට තල්ලු වී සිටීම එක දිගටම සිදුවන විට ඒ මාංශ පේෂී පසුකලෙක ඉදිරියට නෙරා එන්නට ඇති ඉඩ කඩ නොසලකා හැරිය නොහැකියි.
තවත් සමහරු ආහාර ගැනීමේදී කුස පිරෙන තරම ඉක්මවා ගියත් පුරුද්දට මෙන් පමණ ඉක්මවා ආහාර ලබා ගැනීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමට බලපානු ලබන උත්තේජනයක් ඇතිවන්නට පුලුවන්. ආහාරගත් විගසම වතුර වීදුරු කීපයක්ම පානය කරන අයටත් මේ ගැටලුව මෙයාකාරයෙන්ම බලපාන්නට පුලුවන්.
බොහෝ විට කටින් හුස්ම ගන්නට හුරු වූ අයටත් යම් තරමකින් උදරය ඉදිරියට නොරා ඒමේ ගැටලුවට මුහුණ දෙන්නට සිදුවෙන්නට පුලුවන්.ඒ ඔවුන් වාතය වැඩි ප්‍රමාණයක් ගිලීම නිසා උදර මාංශ පේෂී ඇදීයාමක් සිදුවන නිසා. මේ හැරෙන්නට මත් පැන් පානය කරන්නන්ද උදරය විශාලවීමට බඳුන්වන්නට ඉඩ ඇති අයයි.
ඇවිදීමට කම්මැලි, නැතිනම් නිතරම අසුන්ගෙන සිටින්නන්ද උදරයේ මාංශ පේෂී දුර්වලවීමේ හේතුවෙන්. උදරය නෙරා ඒමේ ගැටලුවට මුහුණ දෙන්නන් විය හැකියි. නමුත් ඇතැම් කාන්තාවන්ටද දරු ප්‍රසූතියෙන් පසු නිසි ව්‍යායාමයක් නොවීම අධික ආහාර අනුභවය ආදී හේතු නිසා උදරය ඉදිරියට නෙරාඒමේ ගැටලුවට මුහුණ දෙන්නට සිදු විය හැකියි.
කෙසේ නමුත් කුමන හේතුවක් මත උදරය ඉදිරියට නෙරා ආවත් එය ඉක්මණින් පාලනය කර නොගත්තොත් ඒ හරහා ඔබට අධි ස්ථූලතාවට ඇතිවීමෙන් බෝ නොවන රෝග අවධානම තදින්ම ඇතිවෙන්නට හැකියි. සමහරුන්ට නෙරා ආ උදරය හේතුවෙන් පාවහන් පලඳින්න, මේස් දමන්න වැනි කටයුතු මෙන්ම පාදයේ නිය පොතු කපන්න වැනි ක්‍රියා මෙන්ම බිම වාඩිවෙන්න නොහැකියාවක් මතුව ඇත්නම් එයින් ඇඟවෙන්නේ උදරය අනවශ්‍ය තරම් නෙරා ඇවිත් තිබෙන බවයි.
මේ ගැටලුව කඩිනමින් විසඳාගන්නට අවශ්‍ය වනුයේ මෙයින් ඇතිවන සිරුරේ හැඩය වෙනස්වීම නිසා පමණක් නොවේ .කළක් මෙසේ උදරය නෙරාවිත් සිටීම දරාගෙන සිටීමෙන් තැන්පත්වන තෙල් තැන්පතු පසුකාලීනව ඉවත්ව යාමට බොහෝ කල්ගත විය හැකි බැවිණි. උදරය ඉදිරියට නෙරා ආ පසු කෙනෙකුට ඇතිවන ශාරීරික අපහසුව හේතුවෙන් තරමක් කුසීත බක් ඇතිවිය හැකි බව සත්‍යයකි.
ඒ හේතුවෙන් ආහාර ගත් පසු කිසියම් ආකාරයක බරැති බවක් සිරුරට දැනීමෙන් කය වෙහෙසවීමකින් තොරව එක තැන රැඳී සිටිමින් විවේක ගන්නට පෙළඹීම හේතුවෙන් සිරුරේ බර වැඩි වීමට තුඩු දෙන සාධක වඩාත් ඉස්මතුවිය හැකිය. එබැවින් අධික කොලෙස්ටරෝලතාව, හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආඝාතය, පිළිකා රෝග, ස්වසන රෝගාබාධ වැනි බෝ නොවන රෝග මෙන්ම චර්ම ආබාධයන්ද ඇතිවීමේ අවදානමක් පවතී.
අනවශ්‍ය ලෙස ඇතිවන උදරය නෙරා ඒම සහ ස්ථූලතාවයට මෙතෙක් පවතින පිළියම් සෑම දෙයක්ම කළ නමුත් ඒවායින් ප්‍රතිඵල නැතැයි මැසිවිලි නගන අයගේ එම අසාර්ථකත්වයට හේතුව එය ඇතිවීමට තුඩු දෙන හේතු වැලැක්වීමක් නොවීමයි. උදාහරණයක් සැළකුවහොත් සමහර ප්‍රතිකාර ලබාගන්නා අතර ආහාර පාලනය කරන්න යැයි පැවසුවත් ඔවුන්ට වෙනදාට වඩා කුස ගිනි දැනෙන්නට පටන් ගැනිමෙන් වැඩි ආහාර ප්‍රමාණයක් ඉබේම ලබා ගැනීමට පෙළඹීමයි.
ව්‍යායාමයක නිරතවි අවසන් වූ වහාම සමහරු කුස ගිණී වැඩියෙන් දැනී ආහාර වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම එවැන්නකි. මේද කොටස් දියවී යන්නට නම් එයට ශරීරය විසින්ම යොදන උපක්‍රමයක් යොදා ගැනීම, කොතරම් ආහාර ගත්තත් අනවශ්‍ය තරම් එය සිරුරට උරා නොගැනීමට සිරුර හුරු කර ඇත්නම් එයින් සිරුරේ තැන්පත්ව ඇති මේදය දියකර හරින අතරම අලුතින් තැන්පත්වීම පාලනය කිරීම සාර්ථක පිළියමකි. ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහනින් තරබාරුව මෙන්ම මට්ටු කළ නොහැකි උදරය මට්ටු කරන්නේ එම ක්‍රමය යොදා ගනිමිණි.
මනුශ්‍ය ශරීරයේ නිල ස්ථාන තෙරපීමෙන් ඒ හරහා සිරුරට උරාගන්නා මේදය දහනය කිරීම එහි ක්‍රියාවලියයි. එවිට එදිනෙදා සිරුරට අවශ්‍ය කරන පෝෂණ කොටස් කිසි බාදාවකින් තොරව සිරරට ලබාදෙන බැවින්, සිහින් වන සිරුරේ සම වියපත්වී රැළි වැටීම හෝ එල්ලා වැටීමක් සිදු නොවෙයි.
කළින් තිබූ අධි මේද තැන්පත් ඉවත්ව යන මාංශ පේශීන් එල්ලා වැටීමට ඉඩක් නොතබා නැවත සවිමත්වීම අරඹන බැවින් එයින් කිසිවිටක සිරුරට හෝ සමට අවලස්සනක් මතු නොවෙයි. මේ ක්‍රමය අනුව කිසිම අයෙකුට තමන්ගේ ආහාර සීමා කිරීම හෝ විශේෂ ආහාර ලබාගැනීමට අවශ්‍යතාවයක් නොමැත.
ආහාර පාලනයක් නැතිව ලබාගත හැකි නමුත් එයින් වෙනදා මෙන් ස්ථූලතාවයද ඇති නොකරයි. මේ සඳහා කිසිම ඖෂධයක් සිරුරට ඇතුලු නොකරන අතර කිසියම් උපකරණයක් ආලේපනයක්ද බාවිත නොකරයි. ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය නොවන නමුත් ව්‍යායාමයක යෙදුන අයෙකුට ඒවා නවතන්නටද අවශ්‍යතාවයක් නොවේ. මෙමගින් තෙමසකට අඩු කාලයකදී සිරුරේ නියම හැඩය සහ බර වෙත ළඟාවිය හැකි නමුත් එයින් මතු නැවත වතාවක් මහත්වීම හෝ උදරය නෙරා ඒම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොගනී.
එම ප්‍රෙෂර් පොයින්ට්ස් උත්තේජනය මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහය දක්වන සියලුම ක්රියාකාරිත්වයන් නිරෝගීබවට පත්කරන අතරම ඒවායේ ඇදෙන සුලු බව අඩුකරවීම තුළින් කෙනෙකුට විශාල ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම කෙරෙහි ඇති වී තිබූ ඇබ්බැහියද පාලනය වෙයි. මේ නිසා ආහාර පාලනය අපහසු යැයි පවසන ඕනෑම අයෙකුට නිරායාසයෙන්ම සිරුරට අනවශ්‍යය තරමේ ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට තිබූ රුචිකත්වය ඉබේම නැවතී යයි.
මේ ප්‍රතිකාර ක්‍රමය ගර්භීනී අයට පමණක් සිදු නොකරන අතර අවුරුදු දහයට අඩු දරුවන්ටද සිදු නොකරයි. ඒ හැරෙන්නට අනෙක් ඕනෑම අයෙක්ට මෙමගින් සිය උදරය අඩුකරගන්නටත් ස්තූලතාවය අඩුකරගන්නටත් හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය අයෙකුට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පස්වැනි මහලේ ( සෝපාන අංක 8 හෝ 9 න් පැමිණීය යුතුයි) ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන වෙත පැමිණ හෝ හොට් අංක 077 3 237 738, 071 5 555 655 දුරකථන අංක වෙත ඇමතීමෙන් උපදෙස් ලබාගත හැකියි.
උදරය සම්බන්ධයෙන් ඔබටත් යම් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාගැනීම, ඔබට නිසි වෛද්‍ය උපදෙස් හරහා ලබාගැනීම වඩා වැදගත් විය හැකිය. කෙසේ නමුත් ඔබ ඔබේ සිරුරේ ශරීර ස්කන්ධ දර්ශකය නැතිනම් බී එම් අයි අගය සම්බන්ධයෙන් දැනුවත්වීම ඉතා වැදගත්ය.
එය ඔබේ උසට සරිලන බර මත ගොඩ නැගෙන්නකි. මේ වන විටත් විශාල උදරය නිසා ඔබත් පීඩාවෙන් පසුවන්නේ නම් ඔබට ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන වෙතින් ලැබෙන උපදෙස් අනුව ඉක්මණින්ම සිහින් පැතලි උදරයක් ලබාගන්නට හැකිවෙනු ඇත. සිරුරේ හැඩයට වඩා ඔබ මෙකළ ඉතාම බහුල බෝ නොවන රෝග වලින් මිදෙන්නට උත්සහයක් දැරීම වැදගත් වන්නේ නිරෝගීකම උතුම්ම ධනයක් වන බැවිණි.