Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ගොත ගැසීම අපේ තල්ලේ හෝ උගුරේ නැති නම් තොල්වල ඇතිවන ආබාධයක් නිසා මතුවෙන්නක් නොවේ. මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේද ගොත ගැසීම සඳහා විශේෂයෙන්ම බලපානු ලබන්නේ මානසික තත්ත්වයන් බවයි. කේන්තිය කළකිරීම ආදී මනෝ මූලික තත්ත්වයන් ගොත ගැසීම ඉහළ නැංවීමට සමත් හේතූන් බව ඔබ දැනසිටීම ඉතාමත් අවශ්‍යය.
ගොත ගැසීම ඇතිවෙන්නට බලපාන ශාරීරික හේතුව කුමක්ද යන්න දැන ගැනීමට ඔබ කැමති ඇති. ගොත ගසන යම් කෙනෙක් කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ උගුරේ පේෂී වඩාත් සංකෝචනය වෙන බව නැතිනම් හැකිලී යන බව ස්කෑන් පරීක්ෂණවලදී තහවුරු වෙන තත්ත්වයක්. කතාව හිරවී යාමට මොහොතකට පෙර ඒ අයගේ ස්වර තන්ත්ර වඩාත්ම තදවෙන බව ද ඒ අනුව හෙළිවෙන්නක්. මේ හේතුව නිසාවෙන් නිවැරදි කථනයක් සඳහා වූ ප්රාශ්වාස වාතයට බාධාකාරී ලෙස හැසිරෙන බවද එයින් අනාවරණය වී තිබෙනවා. නමුත් මෙය වෙනස් කරගත හැකි තත්ත්වයක්. එයට අවශ්‍ය වෙන්නේ ඉතා සරල ස්වසන අභ්‍යාස කීපයක්.
කුඩා ළමයින් නම් තම දෙමවුපියන්ගේ අවධානය තමන් වෙත ලබා ගැනීමට යම් තරමක ගොතයක් පෙන්වන්නට හැකියි. කෙසේ නමුත් ඔබට අවවාද කළ යුත්තේ කිසිවිටෙක ගොත ගසන්නෙකු අනුකරණය නොකරන ලෙසයි. එසේ කළ හොත් කල් යත්ම එය ඔබේ පුරුද්දක් බවට පත් වී හොඳින් කතාකළ අයෙකු වුවත් ගොතයක් පෙන්වන්නට ඉඩ තිබේ. ගොත ගසන අයෙකුට 'ගොතයා' යන නමින් කතාකිරීමද කෙනෙකු ගොතයෙකු බවට පත්කිරීමට ඉවහල් විය හැකිය. මේ නිසා එවන් අයෙකු විහිලුවට ලක්කිරීම තුළ ඔවුන් එම පුද්ගලයාගේ ගොතය තහවුරු කරවන්නට සමත් වෙයි. එම වරද ඔබ වෙතින් කිසිවිටෙක නොවන්නට වග බලාගන්න.
ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ගොතය පිළිබඳ සිතන්නට එවන් තැනැත්තෙකු පෙළඹේ. එවිට තමන්ගේ කතාව පැටලැවෙන බවත් ගොත ගැසෙනබවත් එම පුද්ගලයා විසින් විශ්වාස කරන්නට පෙළඹෙයි. එය ගොතය වර්ධනයවීමට ප්‍රභල හේතුවක් ලෙසද ක්‍රියාත්මක විය හැකිය. සමහර අකුරු සහ එම අකුරුවලින් පටන්ගන්නා වචන තමන්ට උච්චාරණය කළ නොහැකි බව ඔවුන් අදහස් කරයි. එවිට ඔවුන් කරන්නේ සංඥා යොදාගැනීමය. නැති නම් එම වචන මග හැර කතාකරන්නට පෙළඹීමය. ගොත ගැසීම් එදිනෙදා සිදුවෙන සිදුවීම් සමග අඩු වැඩි වශයෙන් දැනෙන්නට ඉඩ ඇති බව දැකිය හැකි එක් තත්ත්වයකි. ඇතැම් විට ගොතය සඟවාගන්නට ඔවුන් වැඩිපුර කතානොකර ඉන්න තත්ත්වයන්ද පැවතිය හැකිය.
බෙහෝවිට බස් රථයේදී ප්‍රවේශ පත්‍රයක් ඉල්ලා සිටීම, කඩයකින් බඩු ගැනීම දුරකථනයට පිළිතුරු දීම ආදි අවස්ථාවන්ට සමහරුන්ට මුහුණ දෙන්නට අපහසුවිය හැකිය. නමුත් නුපුරුදු ස්ථානවලදී නුපුරුදු පුද්ගලයන් අතරදී මෙය වඩාත් වැඩිවිය හැකිය. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් ඇසුරේදී මේ තත්ත්වය වඩාත් වැඩි විය හැකිය.
මේ සඳහා නියමිත කථන ප්‍රතිකාර ශිල්ප ක්‍රම අනුගමනය කළ යුතුයි. කථාව හැසිරවීමේදී මොළයේ මට්ටමින්ද ඊට දායකත්වයක් සැපයෙයි. කතාකරන වචන එම පුද්ගලයාගේ තොල් අතරින් පිටකිරීමට පෙර එම වචන මොළය මට්ටමින් සකස් කිරීමක් සිදුවෙනවා. බොහෝ ගොත ගසන පුද්ගලයින්ගේ වචන සොයා ගන්නට දක්වන හැකියාවේ ප්‍රමාදය කොහෙත්ම ඔවුන්ගේ බුද්ධි මට්ටමේ අඩුවක් නෙවෙයි. චතුර ලෙස කතාකිරීමට අවශ්‍යවන වචන මොළය මට්ටමින් සොයා දීමේ ප්‍රමාදයක් පමණයි. ඔවුන් සමග සරල ලෙස සංවාදයේ යෙදීමත් සරල ලෙස ප්‍රශ්න ඇසීමත් දීර්ඝ උච්චාරණයත් ප්‍රතිකාර ආරම්භයේදී අනුගමනය කරනු ලබන සාර්ථක පියවරී කීපයකි.
popular news
Dilshan Sunday, 02 September 2018 09:09 PM
ගොතය මටත් තිබුනා.ගොඩක් ලොකුවට තිබුනා.පස්සෙ මන් කොකෝවා පවුඩර් සීනි රහිතව උනු වතුරට දාල දියකරලා බොන්න ගත්තා.දැන් හොදටම හොදයි.ගොතය තියන අයට ඕක අත්හදා බලන්න පුලුවන්.
Reply : 20 85
Janesh Saturday, 16 February 2019 09:52 PM
ඇත්තටම cocoa powder සහ උණු වතුර එකට එකතු කරලා බිවුවම නැති වෙනවද?
Reply : 6 6
Abdul rahman Tuesday, 10 December 2019 04:52 PM
ගොත
Reply : 0 0
රහ්මාන් Tuesday, 10 December 2019 09:06 PM
ඇත්තටම cocoa pwder , සීනි උණු වතුරට එකතු කරලා බිව්වොත් ගොතය හරි වෙනවාද
Reply : 0 3
දුමින්ද Tuesday, 07 January 2020 10:37 PM
අනෙ මටත් ගොද ගැහෙනවා වචන පිට වෙන්නෙ නැ හුස්ම ගන්න අමරූ වෙනවා වගෙ එක පරට අහ්ක් අහ්ක් ගැවෙනවා මන් සාමාජෙට මුහුන දෙන්නෙ නැ අවුරුදු දෙකක් ගෙදර ලැජ්ජාව නිසා අනෙ එකට බෙහෙත් නැද්ද මන් තාම ගෙදර ඉන්නෙ මෙ ලෙඩෙ නිසා
Reply : 0 1
සම්පත් Thursday, 11 June 2020 10:21 AM
මට දැන් වයස 28යි. ගොත ගැසීමෙ තත්වය නිසා දරුණු මානසික බලපෑමකට ලක්ව ඉන්නවා . සමාජයෙන් දුරස්ව ඉන්නවා බොහෝ අවස්ථාවල. මෙවනවිට බොහෝ දෙ අහිමි කරගෙන තිබෙනව. මෙයට මෝහන ප්‍රතිකාර තිබෙන බව මා අසා තියෙනවා. එය අත්ය්ක්ද. මා හට තනිව හොදින් කතා කළහැකි. ගීත ගායනයද කළහැක. මනස තුළ කතා කිරීමට බියක් ඇත . මා කුමක් කළ යුතුද ???
Reply : 2 6
Hasitha karannagoda Friday, 23 October 2020 04:16 PM
Matath samanya vidiyata gothaya thiyenawa.....samaharak awasthawaldi wachanaya pita wenne ne..ekata mokadda karana one.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd