ලබන මාසයේදී ඖෂධ සඳහා පාලන මිලක් ගෙන එන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.ඖෂධ සමාගම් 200%, 600%, 800% තරම් ඉහළ ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යන බැවින් මේ තීරණය ගත් බවද ඔහු පැවසීය.
මීට පෙර ඖෂධ මිලදී ගැනීමේදී මිලක් නිකුත් කිරීමට නියම කර ඇතත්, පාරිභෝගික ජනතාව ඖෂධ මිල ගැන අවබෝධයක් නොමැතිවීමෙන් ඔවුන් ඕනෑම මිලක් ගෙවා අවශ්‍ය දෑ මිලට ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. එබැවින් ඖෂධ මිලක් නියම කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වන තීන්දුව දැනටමත් ගෙන ඇති බවත් හෙතෙම පැවසීය. මේ තීන්දුව නිසා අගතියට පත් ඇතැම් සමාගම් විවිධ බලපෑම් එල්ල කරන නමුත්, ඉන් නොසැලී අදාළ තීන්දුව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.