Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
'නිවැරදි දැව භාවිතය තුළින් පරිසරය සංරක්ෂණය කරමු' යන සංකල්පය ශ්‍රී ලාකේය සමාජය තුළ ස්ථාපිත කිරීමට අප ගත් උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත. එහෙත් අඩුම තරමින් එය සාකච්ඡාවට ලක් කරවීමට පසුගිය දශකය තුළ අප ගත් උත්සාහයෙහි යම් ප්‍රතිඵල උදා වී ඇත. පරිසරවේදීන් මෙන්ම පරිසර ක්ෂේත්‍ර‘යේ ඉහළ නිලධාරීන්ද මේ පිළිබඳව ගැඹුරු කියවීමක්, වටහා ගැනීමක් නොමැති වීම මෙයට හේතුව බව මාගේ මතයයි. එබැවින් මෙම ලිපිය ලිවීමට එම හේතුව වඩාත් මා පෙළඹ විය. හරිත ගොඩනැගිලි සඳහා වඩාත් සුදුසුම අමුද්‍රව්‍ය වශයෙන් දැව නම් කළ හැකිය. මේ සඳහා දැව සුදුසුකම් ලබන්නේ ඇයිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
හරිත ගොඩනැගිලි යන්නට හරිත ඉදිකිරීම් (Green Constriction), තිරසාර ගොඩනැගිලි (Sustainable Building) යන වදන්ද භාවිත වේ. හරිත ගොඩනැගිලි සංකල්පය අනුව ගොඩනැගිලි ව්‍යුහය මෙන්ම ඉදිකිරීමට අදාළ ක්‍රියාවලිය පරිසර හිතකාමී විය යුතුය. එපමණක් නොව ගොඩනැගිල්ලේ මුළු ජීවිතකාලය පුරාම අවශ්‍ය කරන සම්පත් කාර්යක්ෂමව පරිහරණය කළ යුතුය.
මේ අනුව අප තේරුම්ගත යුතු කාරණය වන්නේ හරිත ගොඩනැගිලි සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා ගොඩනැගිල්ලේ සැලසුම්, ඉදිකිරීම්, අවශ්‍ය මෙහෙයුම්, නඩත්තු වැඩ, අලුත්වැඩියා සහ අවසානයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කරලීමද පරිසර හිතකාමී කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතය තුළින් ඉටු කළයුතු බවය. මෙහිදී වඩාත් අපගේ සැලකිල්ල යොමු විය යුත්තේ කාර්යක්ෂම ලෙස බලශක්තිය, ජලය සහ අනෙකුත් සම්පත් භාවිතය කෙරෙහිය. ඊට අමතරව ගොඩනැගිල්ලේ ජීවත් වන අයගේ සෞඛ්‍ය මෙන්ම වැඩකරන සේවකයන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමද සැලකිල්ලට ලක් කළ යුතුය. මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගන්නා අතර, අපද්‍රව්‍ය හට ගැනීම අඩු කිරීම සහ පරිසර දූෂණ ක්‍රියාවලියන් සීමා කිරීමද වගබලාගත යුතු වේ.
මෙම ලිපිය මගින් හරිත ගොඩනැගිලි සංකල්පය පිළිබඳ සාකච්ඡා කිරීම කිසිසේත්ම අදහස් නොකරන අතර, හරිත ගොඩනැගිලි සංකල්පය තුළ වඩාත්ම සුදුසු ගොඩනැගිලි අමුද්‍රව්‍ය වන්නේ දැව බව ඔප්පු කිරීමට මෙම අර්ථ දැක්වීම සහ පැහැදිලි කිරීම කළෙමි.
දැව ව්‍යුහය ගත් විට එය ඉතා සංකීර්ණය. එහෙත් අනෙකුත් ඉදිකිරීම් අමුද්‍රව්‍යවලට සාපේක්ෂව අඩු ප්‍රාග්ධනයක් යොදා දැව භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකිය. සමහර විට පොරොවක් හෝ කියතක් ඇතැතිව මිනිස් ශ්‍රමයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සමත් වීම මෙහි විශේෂතවයයි. දැවවල තවත් විශේෂත්වයක් වන්නේ ඝන දැව (Solid Wood) ආකාරයට දැව කඳෙන් ඉරා ගත් ඉරූ දැව බිම් ඇතිරිලි (Flooring), උළුවහු, වහල සහ ගෘහ භාණ්ඩ සඳහා සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් නොකර සරල ක්‍රියාවලියකින් පසු යොදා ගැනීමට හැකි වීමය. මෙම ක්‍රියාවලියට යොදාගත නොහැකි ඇද වූ කඳන්, ගැට සහිත දැව, දිරාපත් කොටස් සහිත අපතේ යන දැව හා තන්තු ආශ්රිත ප්‍රතිචක්‍රීකරණ නිෂ්පාදන කොටස්, නිෂ්පාදන ක්‍රියාවලියකට (Processed) ලක්කර ප්රතිසංස්ථාපනය කළ දැව (Reconstituted), එනම් Particle Board, Fiber Board, කඩදාසි වැනි නිෂ්පාදන බිහිකිරීම සඳහා යොදා ගැනේ. මේ අනුව අප තේරුම්ගත යුතු වන්නේ ස්වාභාවික පුනර්ජනනීය සම්පතක් වන දැව, ඉතා කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකි යාන්ත්‍රණයක් දැනටමත් දැව කර්මාන්තය තුළ ස්ථාපිත වී ඇති බවය.
ගොඩනැගිලි අමුද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා විශාල බලශක්ති ප්‍රමාණයක් වැය වීම බහුලව දැකගත හැකි සංසිද්ධියකි. එහෙත් වනාන්තර මගින් නිපදවන දැව කඳන් ඉරා, ඉරූ දැව ලෙස ප්‍රවාහනය කිරීම සාමාන්‍ය‘යෙන් සිදු වේ. මේ සඳහා ඉරුම්හල්, වනාන්තර ආශ්‍රිතව ස්ථාපිත කර ඇත. දැව කඳන් ඝන මීටරයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1400 ක් පමණ වුවද වාතයේ වියළාගත් පරිවර්තන දැව ඝන මීටරයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 840 ක් පමණ වීම තුළ ප්‍රවාහනය සඳහා බලශක්තිය වැයවීම අඩු වේ. ඊට අමතරව දැව ප්‍රවාහනය ගංගා දිගේ, දුම්රිය මගින් සිදුකිරීම හේතුවෙන් ප්‍රවාහනය සඳහා සිදුකරන බලශක්ති වැය වීම අවම වේ. මෙම කාරණයද පරිසර හිතකාමී නැඹුරුවකි. කොන්ක්‍රීට්වලට සාපේක්ෂව (2,500kg/m3), සකසන ලද (Processed) දැව ඝනත්වයෙන් අඩු වීම (750kg/m3) මේ සඳහා නිදසුනකි. මේ අනුව ගොඩනැගිලි අමුද්‍රව්‍ය අතර අඩුම බලශක්ති ප්‍රමාණයක් වැය කර, ප්‍රවාහනය කළ හැකි අමුද්‍රව්‍ය දැව වීම දැවවල තිබෙන හරිත ලක්ෂණයකි.
දැව ඉරුම්හල් (Saw Mills)
දැව කඳන් ඉරා, ඉරූ දැව බවට පරිවර්තන ක්‍රියාවලිය සැලකූ විටද එය වානේ, ප්ලාස්ටික් නිෂ්පාදනයට සාපේක්ෂව පරිසරහිතකාමීය. දැව ඉරුම්හලෙන් නිපදවන අතුරු නිෂ්පාදන වන දැව කැබලි, දැව කුඩු වෙනත් භාවිතයන් සඳහා බහුලව යොදාගැනීම සිදුවේ. එපමණක් නොව දැව පරිවර්තන ක්‍රියාවලියට විෂ රසායනික යොදා ගැනීමක් සිදුනොවීමද පරිසර හිතකාමී ලක්ෂණයකි.
ඉරූ දැවවල ස්ථායී බව රැකගැනීම සඳහා දැව වියළා ගැනීම හෙවත් දැව පදම් කිරීම සිදුවේ. දැව වියළා ගැනීම සඳහා පළමුව වාතයේ දැව වියළාගෙන පසුව දැව උඳුනක් (Kiln Drying) උපයෝගී කරගෙන දැව පදම් කර ගැනීම (වියළීම) සිදුකර ගනී. මෙමගින් බලශක්තිය සංරක්ෂණය කරගත හැකිය. එපමණක් නොව දැව වියළා ගැනීමට අවශ්‍ය තාපශක්තිය නිපදවීම (හුමාලය නිපදවීමට) සඳහා දැව කුඩු සහ අපතේ යන දැව කොටස් භාවිතය සිදුකෙරේ. මෙම අවස්ථාව උපරිමයෙන් භාවිත කිරීමෙන් පරිසර හිතකාමී ගොඩනැගිලි අමුද්‍රව්‍යයක් ලෙස දැව භාවිතය තවදුරටත් හරවත් කළ හැකිය.
මෙම ක්‍රියාවලියේදී නිපදවන දැව යතු කුඩු (Shaving) සහ දැව කුඩු ආදිය දැව උඳුන්, ගෙවතු අතුරන (Mulch) වෙනත් කර්මාන්ත සඳහා භාවිතය සහ ඉඩම් පිරවීම සඳහා යොදාගන්නා බැවින් පාරිසරික හානිය අවම වේ. Engineered Products, Glue Lamination, Reconstituted Products.
තුනී ලෑලි සහ Laminated Veneer Lumber (LVL) සඳහා යොදාගත් ගම් (Glues) උදා. Fromalde Hyde වායුගෝලයට වාෂ්ප වීම අවම කිරීමට අද සමත් වී ඇත.
මීට අමතරව Nail Plating සහ Finger Jointed ආදී තාක්ෂණික ක්‍රම මගින් කුඩා කෙටි දැව කොටස් එකිනෙකට සම්බන්ධ කර දිග දැව ඒකක ලෙස (Trusses, Beams) භාවිත කරනු ලැබේ.
දැව කොටස්, පතුරු (Flakes) (Lignocelluloses) පීඩනයක් යටතේ කෘත්‍රිම රෙසින (Resin) හෝ ඇලවුම්කාරක (Binder) මගින් එකිනෙකට බැඳ තහඩු (Panel) නිෂ්පාදනය කිරීම Particle Board යැයි කියනු ලැබේ. Medium Density Fiber Board (MDF) මෙම Panel නිෂ්පාදනයේදී සිදුවන්නේ දැව තන්තු කෘත්‍රිම රෙසින (Resin) / ඇලවුම්කාරක (Binder) මගින් රත් කිරීමක් සහ පීඩනයක් යටතේ ඇලවීමයි. මෙම තහඩු මතුපිට වඩාත් සිනිඳුය (Smooth).
Hard Board නිෂ්පාදනයේදී තනි තනි දැව තන්තු පීඩනයට ලක් කිරීමේදී ස්වාභාවික ලිග්නින් බන්ධන මගින් තන්තු එකට බැඳීමට ලක් වේ. Block Board නිෂ්පාදනයේදී සෙ.මි. 2.5 ක පමණ පළල දැව තීරු එකිනෙකට ඇලවීම සිදුකෙරේ.
වීදුරු, ඇල්මිනියම් සහ වානේ වැනි අනෙකුත් ප්‍රධාන ගොඩනැගිලි අමුද්‍රව්‍ය සැලකූ විට දැව නිෂ්පාදන නැවත නැවතත් භාවිතයට ගත හැකි වීම දැවවල විශේෂත්වයකි. උදා. දොර ජනෙල් රාමු, ඝන දැවවලට (Solid Timber) අමතරව තුනී ලෑලි, Particle Board, Fiber Board, Glulam and LVL නැවත ප්‍රතිචක්‍රීකරණය සඳහා යෙදිය හැකිය. පරිරක්ෂිත දැව බැහැර කිරීමේදී (Disposal) එහි ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික හානියක් සිදුනොවීමට වගබලා ගත යුතුය. බොහෝවිට මෙම දැව ඉඩම් ගොඩකිරීම (Land Filling) සඳහා යොදා ගනී. දැව නැවත භාවිතයේදී (Reuse) දැවවල අඩංගු තීන්ත, වාර්නිෂ්, අනෙකුත් දැව නිමාවට ගන්නා (Finishes) ද්‍රව්‍ය ඉවත් කිරීම, ඇණ, ස්කුරුප්පු ඇණ (Screws) ඉවත දැමීමේදීද පාරිසරික කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය.
ස්වාභාවික වනාන්තරයකදී හෝ වන වගාවකදී ගසක් තම ප්රභාසංස්ලේෂණ (Photosynthesis) ක්‍රියාවලිය සඳහා වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් (Co2) ලබාගෙන වායුගෝලයට ඔක්සිජන් නිදහස් කිරීම සිදුකෙරේ. මෙම ක්‍රියාවලියේදී වායුගෝලයෙන් ලබාගන්නා 'Co2' දැව තුළ (Wood Tissue) ගබඩා කිරීම (Sequester) සිදු වේ. දැව කිලෝග්‍රෑමයක් නිෂ්පාදනයේදී ගසක් විසින් %Co2^ කිලෝග්‍රෑම් 1.47ක් වායුගෝලයෙන් ලබාගෙන ඔක්සිජන් කිලෝග්‍රෑම් 1.07 වායුගෝලයට නිදහස් කරනු ලැබේ.
ගසක් වයසට යත්ම කාබන් තිර කිරීමේ හැකියාව අඩුවේ. ඒ අනුව ස්වාභාවික වනාන්තරයකට වඩා වර්ධනය වන වනවගාවක් මගින් වැඩි වශයෙන් කාබන් තිර කිරීම සිදු වේ. වනාන්තර හෙක්ටයාර් එකක් මගින් වර්ෂයකට කාබන් කිලෝග්‍රෑම් ටොන් 01 සිට 10ක් වනතෙක් තිර කිරීම සිදු වේ. මෙය වසර 30ක් පුරා සිදු වේ. මේ අනුව පරිණත වනවගා කපා එම දැව භාවිතයට ගෙන නැවත එම ස්ථානයේ වනවගා පිහිටුවීම, වායුගෝලයේ කාබන්ඩයෝක්සයිඩ් අඩු කිරීමට ගතහැකි හොඳම පියවර වේ. වනාන්තර නැවත ප්‍රතිස්ථාපනයකින් තොරව හෙළීම මෙන්ම, දැව ගිනිබත් කිරීම හෝ දිරාපත් වීමට ඉඩහැරීම මගින් වායුගෝලයේ Co2 ප්‍රමාණය වැඩි වේ. අප විසින් දීර්ඝ කාලයක් දැව විනාශ නොවී තබා ගන්නේ නම්, එහි තේරුම වන්නේ අප විසින් වායුගෝල %Co2^ දැව තුළ ගබඩා කර තබාගැනීමට සැලැස්සූ බවයි.
දැව තුළ කාබන් තිරකර තබා ගැනීම සැලකිල්ලට ගත් විට එහි ජීවිත කාලය කඩදාසි සඳහා අවුරුදු 03, පැලට් (Pallets) සඳහා අවුරුදු 10ක්, ගෘහ භාණ්ඩ සඳහා අවුරුදු 30ක් සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහා අවුරුදු 50ක් ලෙස සලකනු ලැබේ. දැව තුළ මෙම කාබන් ස්ථිර ලෙසම තිරකර තබා ගැනීම සඳහා නිවැරදි දැව භාවිතයන් අනුගමනය කළ යුතය. මේ සඳහා දැව සංරක්ෂණ ක්‍රම හඳුන්වාදී ප්‍රචලිත කිරීම අද දවසේ කාර්යභාරය වේ. මෙම ක්‍රියාමාර්ග මගින් ප්‍රතිචක්‍රීකරණය, ඉඩම් පිරවීමට භාවිතය මෙන්ම, දැව දිරාපත්වී පරිසරයට කාබන්ඩයොක්සයිඩ් නිදහස් වීම පමා කිරීමට හෝ නතර කිරීමට හැකියාව ලැබේ.
අමුද්‍රව්‍ය යොදාගෙන නිමි භාණ්ඩයක් නිපදවීමේදී ඒ සඳහා අවශ්‍ය කරන මුළු ශක්ති ප්‍රමාණයට 'Embodied Energy' යැයි කියනු ලැබේ. මෙම ශක්ති ප්‍රමාණය ගණනය කිරීමේදී අමුද්‍රව්‍ය ලබා ගැනීමට, නිෂ්පාදන ක්‍රියාවලිය, ප්‍රවාහනය, ඉදිකිරීම් ආදි සියලු අවස්ථා සඳහා වැය වූ ශක්තිය සැලකිල්ලට ගනු ලැබේ. මේ අනුව දැව ඉදිකිරීම සඳහා අඩුම 'Embodied Energy' වැය වීමක් සිදු වේ. පහත දක්වා ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ග 04ක් සඳහා බලශක්තිය (Fossil Fuel) වැය වන ආකාරය සහ Co2 නිදහස් කරන ලද ප්‍රමාණය මෙන්ම Co2 ගබඩා කළ සංඛ්‍යා ලේඛනයන්ය.
මේ අනුව ගොඩනැගිලි අමුද්‍රව්‍ය අතර දැව නිෂ්පාදනයේදී පමණක් කාබන් ගබඩා කිරීමක් සිදුවන බව පැහැදිලිය. අනෙකුත් ගොඩනැගිලි අමුද්‍රව්‍ය නිෂ්පාදනයේදී කාබන් මොනොක්සයිඩ්, සල්පර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රොකාබන් නිකුත් වීම සිදු වේ. බරට සාපේක්ෂව වැඩි ශක්තියක් ගොඩනැගිලි අමුද්‍රව්‍ය ලෙස සතු වේ. දැව එබැවින් දැව අමුද්‍රව්‍ය හැසිර වීමට මෙන්ම ප්‍රවාහනයට අඩු බලශක්තියක් වැය වේ.
ගොඩනැගිලි අමුද්‍රව්‍ය යොදාගෙන ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ වර්ගයේ අතුරු නිෂ්පාදන, අපද්‍රව්‍ය (Waste) ලෙස බැහැර කිරීම සිදු වේ. උදාහරණ ලෙස සිමෙන්ති ටොන් එකක් නිෂ්පාදනයේදී පරිසරයට සල්පර් ඩයොක්සයිඩ් 240gmක් සහ නයිට්රජන් ඩයොක්සයිඩ් කි.ග්‍රෑම් 06ක් බැහැර වීම සිදු වේ. එහෙත් දැව නිෂ්පාදනයේදී SO2 සහ NO2 වායුගෝලයෙන් උරාගෙන දැව තුළ තැන්පත් කිරීම සිදු වේ.
ඝන අපද්‍රව්‍ය සැලකීමේදීද වානේ සහ යකඩ නිෂ්පාදනයේදී විශාල ඝන අපද්‍රව්‍ය නිෂ්පාදනයෙන් සිදු වේ. ජලය දූෂණය සැලකූ විටද වානේ සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී සිදුවන දූෂණය ඉතා ඉහළ වේ. කොන්ක්‍රීට් ඝන මීටරයක් නිෂ්පාදනයේදී %Alkaline Affluent^ ලීටර් 1500-3000ක් පමණ නිපද වේ.
දැව හැර අනෙකුත් ප්‍රධාන ගොඩනැගිලි අමුද්‍රව්‍ය වන කොන්ක්‍රීට් හා වානේ නැවත ප්‍රතිස්ථාපනය සඳහා භූවිද්‍යාත්මක කාලයක් (Geological Time) ගතවන අතර, දැව නැවත පුනර්ජනනය සඳහා වසර 25-35ක පමණ කෙටි කාලයක් ගත වේ. එපමණක් නොව දැව ගති ලක්ෂණ ගසේ වයස, පරිසර තත්ත්වය, කළමනාකරණ සිද්ධාන්ත, ශාක විශේෂයේ ජාන වෙනස්කම් මත වෙනස් වේ. දැව ශාක 20000 පමණ ලෝකයේ ඇති අතර, එම ශාක විශේෂ අතර, දැව ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. එබැවින් නිවැරදි දැව භාවිතය සඳහා සෑම දැව වර්ගයකම දැව ගති ලක්ෂණ පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය. 'ශ්‍රී ලංකාවේ දැව ශාක, දැව ගති ලක්ෂණ සහ දැව භාවිතය^ නමැති දැව අත්පොත මගින් ශ්‍රී ලංකාවේ දැව විශේෂ 250ක සියලු දැව ගති ලක්ෂණ ඉදිරිපත් කර ඇත. එබැවින් නිවැරදි දැව භාවිතය සඳහා මෙම දත්ත පරිහරණය කළ හැකිය.
යම් භාවිතයක් සඳහා දැවවල සුදුසු බව නිර්ණය කිරීමේ පදනම දැව විශේෂය පමණක් නොව එහි පරිණත බව සහ දැව ලබා ගන්නා ශාකයේ කඳේ ස්ථානය, වර්ධන තත්ත්වයන්, කල්පවතින ලක්ෂණය, දැවවල දෝෂ, දැව ඝනත්වය, තෙතමන ප්‍රමාණය, වෛරම පිහිටන අක්ෂීය තලය ආදී සාධක විශාල ගණනක් බලපානු ලබයි. මේ පිළිබඳ සැලකිල්ලට ගෙන දැව පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
උදා.- රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ සංවර්ධන සහ පුහුණු අංශයෙන් දැව පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම.
දුරකථන අංකය - 011 2885853
ගොඩනැගිලි ඉදිකිරීමේදී වඩාත්ම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වශයෙන් දැව හැඳින්විය හැකිය. ඒ අනුව වනවගා මගින් නිෂ්පාදනය කරන දැව, නිවැරදිව භාවිතය තුළින්, පරිසර සංරක්ෂණය සිදුකළ හැකි බව මේ අනුව මනාව තහවුරු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd