ශ්‍රී ලංකාවේ ප්‍රථම තෙත් කලාපීය උද්භිද උද්‍යානය විවෘත කෙරේ
(Video)උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය පෙරේදා (25දා) අවිස්සාවේල්ල, ඉළුක්ඕවිට ප්‍ර‘දේශයේදී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිද උද්‍යානය ලෙසින් හෙක්ටයාර 43 (අක්කර 106) ක් පුරා පැතිර තිබෙන මෙම උද්‍යානය ඉදිකිරීමේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට (විතැන් ශාඛ සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමය.
මෙහිදී තෙත් කලාපයේ වැඩි ප්‍රසිද්ධියක් නොමැති සහ ඌණ උපයෝජිත ශාඛ වර්ග දැකබලා ගැනීමටත්, තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපනය සහ පුහුණුව ලබාගැනීමටත් හැකියාව ලැබේ.
මෙම උද්‍යානය පසුගියදා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් විවෘත කළ අතර, උත්සව අවස්ථාව සඳහා මෙම උද්භිද උද්‍යානය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වන මහේෂ් අල්මේදා, ලේනාඩ් කරුණාරත්න, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු කාර්යමණ්ඩලය හා ප්‍ර‘දේශවාසීන් රැසක් එක්ව සිටියහ.
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
සටහන හා ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                