Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 13 වන බදාදා
2024 නොවැම්බර් මස 13 වන බදාදා
අග්‍රාමාත්‍යවරයාගේ බලතල, යුතුකම් සහ බැඳීම් මූලික වශයෙන් තීරණය කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි පරිච්ඡේදයට ඇතුළත් කර ඇති අමාත්‍ය මණ්ඩලය පිළිබඳ පරිච්ඡේදයෙනි. එහි 46(2) වගන්තියෙන් අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය සීමා කිරීම පිළිබඳ නියමයන් පැනවෙයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වීම මත හෝ ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීම මත ඔහුගේ ධුර කාලය කල් පිරීමට පෙර අවසන් විය හැකිය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(1) වගන්තිය ප්‍රකාරව (1) ධුරයෙන් ඉවත් කරනු ලැබීම (2) ඉල්ලා අස්වීම (3) අන්‍යාකාරයෙන් අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වීම යන කරුණු තුනෙන් එකක් මත අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.
අනිත් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරන ලදහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලතල ඇත්තේ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමෙන් අවුරුදු හතරහමාරක කාලයක් ඉකුත් වූ පසුවය. එතෙක් ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. ඊට ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද සමග ගණන් ගත් කල තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයක් අවශ්‍ය වෙයි.
එසේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට අග්‍රාමාත්‍යවරයා හුදු නාමික බලතල ඇති චරිතයක් නොවේ. ජනාධිපතිරවරයාට පමණක් දෙවැනි වන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු සතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය මේ හා සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස බලපාන බැවින් එම වගන්තිය මෙහි පහත සම්පූර්ණයෙන්ම දැක්වෙයි.
‘43(1) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවද, අමාත්‍යාංශ සංඛ්‍යාවද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂයය සහ කාර්යයද නිශ්චය කළ යුත්තේය.
43(2) ජනාධිපතිරවයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේය.
43(3) ජනාධිපතිරවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තියෙන්‘ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශ මත මන්ත්‍රීවරුන් නෙරපා හැරීම සහ ප්‍රජා අශක්නුතා නියම කිරීම පිළිබඳ නීතිය ප්‍රකාශයට පත් කෙරෙයි. මෙහි ප්‍රජා අශක්නුතා නියම කිරීම යනු ප්‍රජා අයිතිය අහෝසි කිරීම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති ක්‍රියාවයි. එවැනි ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ නීතිමය තත්ත්වය හසුරුවනු ලබනුයේ 1987 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත නම් තරමක් අප්‍රකට පනතෙනි. කෙසේ නමුත් එබඳු පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශය පරිදි මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමට නම් පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයක් සහිතව ඊට අදාළ යෝජනාව සම්මත විය යුතුය.
ඉහත කී නීතිමය තත්ත්වයන් එකින් එක විශ්ලේෂණය කරන කල්හි සාධාරණ ලෙස අනුමිතීන් සහ නිගමනයන් කිහිපයකට එළඹිය හැකිය. ඉන් පළමුවැන්න නම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමට අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය පිළිබඳ අවිනිශ්චිතතාවයි. එම කාර්යය පටිපාටිය වනුයේ රජයට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමද නැතහොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමද යන ශාස්ත්‍රීය මත ගැටුම මෙතෙක් විසඳී නැත. අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම යන පාඨය නීත්‍යනුකූලව අර්ථකථනය කිරීම දුෂ්කරය. මන්දයත්, පාර්ලිමේන්තුව යනු රජයේම අවයවයන් වෙයි. රජයේ අවයවයන් විසින් රජයට විශ්වාසභංගයක් ගෙන ඒම කළ හැකිද යන්න නීත්‍යානුකූලව පහදා දිය නොහැකිය.
තවද අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය ප්‍රකාරව අගමැතිවරයා ජනාධිපතිරවයා සමග හිත හොඳින් සිටින තාක් කල් ඔහුගේ බලතල සුරක්ෂිත වෙයි. එම බලතල බාධාවලින් තොරව විශ්වාසභංගය විවාදයට ලක්ව පවත්නා කාලයේදී වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව හෝ ඔවුන්ගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියාත්මක කළ හැකි වෙයි. එහි අවසාන ප්‍රතිඵලය නම් විශ්වාසභංග යෝජනාව දියාරු කර හැරීමේ යාන්ත්‍රණයක් අග්‍රාමාත්‍යවරයා සතු වීමයි.
මෙකී ගැටලුවල සමුච්චිත ප්‍රතිඵලය වනුයේ නුදුරු අනාගතයෙහිදීම ආණ්ඩු ක්‍රම අර්බුදයක් රට තුළ ඇති වීම බව පෙනෙයි. කෙසේ නමුත් වර්තමානයේ හටගෙන ඇති ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුදයට මූල හේතූන් සොයා කඩිනම් විසඳුම් සෙවීම හැර වෙනත් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්ද නොමැත. අපි දැන් ඒ ඇයිද යන්න විමර්ශනයට ලක් කරමු.
වර්තමානයේ විවාදයට පාත්‍ර වී ඇති අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ආසන්නතම හේතු කිහිපයකි. ඉන් පළමු හේතුව නම් අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය 2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් දැවැන්ත පසුබෑමකට ලක්වීමයි. දෙවැනි ආසන්නතම හේතුව නම් මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාවට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් හරිහැටි ක්‍රියාවට නැංවීමට නොහැකි වීමයි. තුන් වැනි ආසන්නතම හේතුව නම් පසුගිය රජය බලපැවති සමයෙහි මූල්‍ය අක්‍රමිකතා සිදුකළ කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටුකර පෙන්වීමට නොහැකි වීමයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව හදිසියේ පැනනැගුණු එකක් නොවන බවත්, රජයට එරෙහිව කලක් තිස්සේ රැස්වෙමින් තිබූ පීඩනය වඩාත් සංවේදී තැනකින් පුපුරා යාමක් බවත්, අවබෝධ කරගත යුතු වෙයි.
ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත රටක අග්‍රාමාත්‍යවරයෙකු ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වීම අතිශය විරල ගණයේ සිද්ධියකි. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග ඔහු එතෙක් භුක්ති විඳින ලද සුපිරි පහසුකම් හා බලතල සියල්ල අහෝසි වී යයි. එබැවින් අග්‍රාමාත්‍යවරයාගේ ධුරය කල් පිරීමට පෙර අවසන් කිරීමට නම් විශ්වාසභංග යෝජනාවක පිහිට පැතීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවෙයි.
මා විසින් ඉහත විශ්ලේෂණය තුළින් පෙන්වා දී ඇති පරිදි අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සාර්ථක වීම සම්භාවිතා අවකාශය තුළ සිදුවීමේ ප්‍රවණතාව අතිශය අල්ප වෙයි. මන්දයත් එබඳු යෝජනාවක් අතරමගදී ව්‍යර්ථ වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතිදක්ෂ ලෙස කෙටුම්පත් කර ඇති බැවිනි.
මෙතැන්හිදී පැන නගින ප්‍රධාන ප්‍රායෝගික ගැටලුව නම් විශ්වාසභංග යෝජනාව විවාද වෙමින් පවතින කාලය තුළද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ස්වකීය ධුරයෙහි අඛණ්ඩව කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාවේ විධායක ධූරාවලිය සකස් වී ඇති ක්‍රමය අනුව අග්‍රාමාත්‍යවරයා යනු ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන බලතල ඇති අයෙකි. එබැවින් අග්‍රාමාත්‍යවරයෙකු විසින් තමන්ට එරෙහිව පැන නගින විශ්වාසභංග යෝජනාවක් ව්‍යර්ථ කරනු පිණිස කළ හැකි නීත්‍යනුකූල ප්‍රතිකර්ම^ වල පරාසය අතිශයින් විශාලය. එබඳු ප්‍රතිකර්ම තුළින් හටගන්නා සමුච්චිත ප්‍රතිඵලය නම් විශ්වාසභංග යෝජනාව සෑහෙන දුරක් ඉදිරියට ගොස් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමේ අවස්ථාවේදී පරාජයට පත්වීමයි.
ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව 1991 වර්ෂයේදී ගෙන එන ලද දෝෂාභියෝගයෙහි ප්‍රතිවිපාක වර්තමාන සංසිද්ධීන් හා සසඳා බැලීම යෝග්‍ය වෙයි. එම දෝෂාභියෝග පෙත්සමට ආරම්භක අවස්ථාවෙහි මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහාය ලැබුණි. එනමුත් අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝගය පහසුවෙන් තරණය කළා පමණක් නොව ඊට මුල් වූ මන්ත්‍රීවරුන්හට මදි නොකියන්නට පාඩම් උගන්වන්නටද අමතක නොකළේය.
ජනාධිපති ප්‍රේමදාසයන්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට මුල් වූ ලලිත් ඇතුලත්මුදලි මහතා දෙනෝදාහක් ඉදිරිපිටදී මැර ප්‍රහාරයකට ලක්විය. ප්‍රකෝප වූ මහජනතාව විසින් ලලිත් ඇතුලත්මුදලිට පහර දුන් බව රජයේ මාධ්‍යයන් මගින් පුන පුනා කියවුණි. එදා දෝෂාභියෝගයට මුල් වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1993-04-23 දින කිරුළපනදී ත්රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. දෝෂාභියෝග පෙත්සම පිටුපස සිටි අනෙක් ප්‍රබලයන් දෙදෙනා වන ජී.එම්. ප්‍රේමචන්ද්‍ර හා ගාමිණී දිසානායක යන මහත්වරුන්ද ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්ව මිය යාම සාමාන්‍ය සම්භාවිතාව පිළිබඳ රීතීන් තුළින් පැහැදිලි කළ නොහැකි සිද්ධි මාලාවකි.
විසි එක්වැනි සියවසට පැමිණ දශක දෙකක් ඉකුත් වීමට ආසන්න මේ මෙහොතේ ශ්‍රී ලංකාවාසී අප විසින් පසක් කරගත යුතු අමිහිරි සත්‍යයක් ඇත. මේ රට තුළ පවතින වගකීම් රහිත දේශපාලන සංස්කෘතිය මගින් පතුල නොපෙනෙන යළි ගොඩට පැමිණිය නොහැකි ආගාධයක් කරා අප හැමදෙනාම කැන්දාගෙන යන්නේය’ යන්න ඒ අමිහිරි සත්‍යයි. මේ රටෙහි දේශපාලනය ක්‍රීඩාවේ රීතීන් නොදත් ආධුනිකයන් දෙපිරිසක් අතර සිදුකෙරෙන මල්ලවපොරයක් වැනිය. පිට පිට සිදුකෙරෙන පෞද්ගලික පළිගැනීම් හැරුණුකොට සාධනීය ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වන හැටි දෙපිරිසෙන් එක් අයෙක්වත් නොදනිති. පරණ කෝන්තර පිරිමසා ගැනීම හැර රට සංවර්ධනය කරවන්නට දෙපිරිසෙන් කාටවත් උනන්දුවක් නැත. පන්දුව අනෙකා වෙත විසිකිරීම හැර වෙනත් සාධනීය ක්‍රියාවලියක් අද දේශපාලන කරළිය තුළ දකින්නට ඇත්තේම නැත.
මෙරට සමාජ ආර්ථික හා දේශපාලන සංතුලනය බිඳ දැමීම ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් හිතාමතාම අටවන ලද උගුලක ප්රතිඵලයකි. ජේ.ආර්. 1977 දී විශාල ජනබලයක් සහිතව තේරීපත්වෙයි. ඔහුගේ සිතෙහි මුලින්ම හටගත්තේ සදාකල් බලයේ රැඳීමේ අවශ්‍යතාවයි. හෙතෙම ඊට අපූරු සැලැස්මක් සෑදීය. හේ ජනවරමක් ලැබූ බව කියා පාර්ලිමේන්තුවට සෘජුව වගනොකියන විධායක ජනාධිපති නිලයක් නිර්මාණය කළේය. හේ විධායක බලය අවියක් කරගෙන රටේ සමාජ යාන්ත්‍රණය සියතට ගත්තේය. ජේ.ආර්. ගේ අනුප්රාප්තිකයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද සියලු දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් මේ රට අගාධයට යාම තව තවත් ශීඝ්‍ර විය. මන්දයත් මුලින් වැරදුණු තැන යළි පහසුවෙන් නිවැරදි කළ නොහැකි බැවිනි.
ඒකාධිපති වියරුව නම් රෝගයට බෙහෙත් නැති බැවිනි.විධායක ජනාධිපති ක්‍රමයට පසුකාලීනව මෙරටට හඳුන්වා දුන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයෙන් මේ වන විට විශාල හානියක් සිදුව අවසන්ය. ඒ හානිය සිදුව ඇත්තේ මෙසේය. එතෙක් සිය මැතිවරණ කොට්ඨාසය තුළ සිය ඡන්ද කටයුතු කළ ජනතා නියෝජිතයන්ට දිස්ත්‍රික් නියෝජන ක්‍රමයේදී මුළු දිස්ත්‍රික්කය පුරා ප්රචාරක කටයුතු කිරීම අනිවාර්යය විය. ඔවුන්ට අවශ්‍ය මුදල් ව්‍යාපාරිකයන් විසින් ආයෝජනය කරනු ලැබීය. ඒ ආයෝජනයන්ගේ ප්‍රතිඵල ලෙස ව්‍යාපාරිකයන්ට ඇතිපදම් සොරකම් කිරීමට ‘‘වරදාන ප්රදානය කරනු ලැබීය. ඒ වරදාන භුක්ති විඳීම තුළින් පාතාල කල්ලි බිහිවිය. පාතාල කල්ලි නායකයෝ සිය ප්‍රධානීන්ගේ නියෝජිතයන් ලෙසද, දේශපාලකයන්ගේ සුරතලුන් ලෙසද ද්විත්ව චරිත රඟපෑහ. දේශපාලකයන් මහලු වී සිය ධුරයෙන් ඉවත් වූ පසු ඒ තැන ගත්තේ පාතාල නායකයන් හා ඉදිරි පෙළ ව්‍යාපාරිකයන් විසිනි.
අද වන විට සියල්ල උඩුයටිකුරු වී අවසන්ය. මුළු රටම පාතාල දේශපාලනයට ගොදුරු වී වවුල් හපයක්ව ඇතැයි කීම වඩාත් සාධාරණය.මෙරට තුළ වර්ගවාදී දේශපාලනය බිහිවූයේද මෙයාකාරයෙනි. වර්ගවාදයට මූලික හේතුව සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයයි. සමානුපාතික නියෝජන ක්‍රමයෙන් සුළු පක්ෂ වැපිරී ගොස් දේශපාලන ව්‍යසනයක් නිර්මාණය වන බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කීය. අද ඇන්.ඇම්. ගේ අනාවැකිය ඒ අයුරින්ම සනාථ වී ඇත. මෙරට ක්‍රියාත්මක වන සියලුම බෙදුම්වාදී- අන්තගාමී කල්ලි සිය පන්නරය ලබාගත්තේ සමානුපාතික නියෝජන ක්‍රමයෙනි.
අද ඔවුන්ට සමානුපාතික නියෝජන ක්‍රමය ඇතත් නැතත් සිය බෙදුම්වාදී අරගලය දිගටම ගෙන යා හැකිය. එහි අනිවාර්යය ප්‍රතිඵලය ලෙස ජනතාවගේ ඡන්ද බලය කොටස් කිහිපයකට වෙන් වී ඇත. එයින් පාවෙන ඡන්දවලට වැඩි වටිනාකමක් ලැබී ඇත.
මේ අනුව පාවෙන ඡන්ද දඩයම් කිරීමත්, අන්තගාමී කල්ලි ආකර්ෂණය කර ගැනීමත් දේශපාලන බලාධිකාරය දිගටම පවත්වා ගැනීමේ ක්‍රමවේදය ලෙස රජය මෙන්ම රජයට විපක්ෂ කණ්ඩායම් විසින්ද හඳුනාගනු ලැබ ඇත. මෙලෙස ශ්‍රී ලාංකිකයන් එකිනෙකාගෙන් වෙන් වී යාමේ වාසිය සෑම කල්හිම අන්තවාදී කල්ලි හා බහුජාතික බලවේග විසින් භුක්ති විඳිනු ලැබීය. ඔවුහු දේශපාලන නායකයන් සමග කේවල් කරමින් අරපැත්තට මේ පැත්තට පනිමින් සෑම විටම වැඩි වාසි ලදහ. අරාබි වසන්තය, විල්පත්තු ඉඩම් කොල්ලය, උමාඔය ව්‍යසනය ආදී අවාසනාවන්ත සිදුවීම් රැසක මූලය එයම වෙයි.
මෙරට බහුතර ඡන්දදායකයෝ අද ෆෝල්ස් හෝප් සින්ඩ්‍රොම් යන මනෝ ව්‍යාධියේ රෝග ලක්ෂණ පෙන්වති. ෆෝල්ස් හෝප් සින්ඩ්‍රෝමය හඳුනාගනු ලැබූයේ දෙවන ලෝක යුද සමයේ නාසි වධ කඳවුරු පිළිබඳ අධ්‍යයනයකිනි. ෆෝල්ස් හෝප් සින්ඩ්‍රෝමයට ලක්වූ අය ඉටුනොවන බලාපොරොත්තු මත විශ්වාසය තබා සුළු කාලයකට පමණක් මානසික තෘප්තියක් ලබා ගනිති.හිට්ලර්ගේ අවුස්විට්ෂ් වධ කඳවුරට ගෙනැවිත් දමනු ලබන යුදෙව්වන්ට ඉන් පිටවීමට මාර්ග දෙකක් පමණක් ඇතැයි එහි පාලකයන් විසින් කියා දෙනු ලැබීය. ඉන් එකක් නම් වධ කඳවුරේ විදුලි වැටයි. එහි තැවරෙන ඕනෑම අයෙකු තත්පර ගණනක් තුළ දැවී අළු වී යනු ඇත. දෙවැනි පිටවීමේ මාර්ගය වධ කඳවුරේ දුම් කවුළුවයි. දිනපතාම තෝරා ගැනෙන දුර්වලයන් ගෑස් කාමරවලට යොමුකර මරා දමා පෝරණුවෙහි ලා පුළුස්සනු ලැබීය. හිට්ලර්ගේ අණින් මිය ගිය අහිංසක සිවිල් වැසියන්ගේ එකතුව හැටලක්ෂයක් පමණ වේ යැයි ඇස්තමේන්තු කර ඇත.
අවුට්විෂ් කඳවුරේ සිටියවුන්ද මේ කුරිරු යථාර්ථය නොදැක්කා නොවේ. එහෙත් ඔවුන් වැඩි දෙනෙකුගේ සිත් තුළ බලාපොරොත්තුවේ මානසික සංහිඳියාව දිගටම පැවතුණි. අන්තිම තත්පරයේදී හෝ මිත්‍ර පාක්ෂික හමුදාවන් පැමිණ තමන් බේරාගනු ඇත යන්න ඔවුහු බලාපොරොත්තුව සිටියහ. නමුත් අවුස්විට්ෂ් කඳවුර අත්පත් කරගත් රුසියානුවන්ට බේරාගත හැකිවූයේ අතළොස්සක් පමණි. 1945 ජනවාරියේදී රුසියානු හමුදා පැමිණෙන විට අවුස්විට්ෂ් වධ කඳවුරේ ගෑස් කාමර තුළදී රැඳවියන් වැඩි දෙනෙකුගේ ඉරණම විසඳනු ලැබ තිබුණි.
අපේ රටේ පුරවැසියන්ද හිට්ලර්ගේ වධ කඳවුරුවලට හසුවූ යුදෙව්වන්ට එක් අතකින් සමාන කළ හැකිය. කවුරුන් හෝ දේශපාලන නායකයෙකු ඉදිරියට පැමිණ මේ රට බේරාගනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. එහෙත් ඒ බලාපොරත්තුව ඉටු නොවන බවද ඔවුහු හොඳාකාරවම දනිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd