වර්ෂ 1930 වන විට රටේ සමස්ත සහල් අවශ්යතාෙවන් රට තුළින්ම සපයා ගැනීමට හැකිවූයේ 25%ක සහල් ප්‍රමාණයක් පමණි. ඉතිරි 75%ක සහල් අවශ්‍යතාව ආනයනික සහල් මත යැපෙන්නට සිදුවිය. එතෙක් වගා කළ සාම්ප්‍රදායික වී ප්‍රභේදවලින් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාගැනීමද ඉතාමත් අසීරු වූයේ එම ප්රභේදයන්හි පොහොර ප්‍රතිචාරයද යහපත් නොවුණු නිසාවෙනි. තවද ඒවායේ පඳුරු දිගින් වැඩි වීම හේතුවෙන් ඇදවැටීමට ලක්වීම නිසා කොළ පාළු රෝගයට ලක්වීමේ වැඩි ඉඩකඩක් දක්නට ලැබිණි.
එවකට රට තුළ 50%ක්ම වගා කෙරී ඇත්තේ මාස 5-6 වයසැති පොඩි වී, මුතු සම්බා, පඳුරු වී වැනි දිගුකාලීන වී ප්‍රභේදයන්ය. 31%ක ප්‍රමාණයක් මාස 4 වයස් කාණ්ඩයට අයත් වෙල්ලෙයි ඉලංගකායන්, මුරුංගකායන් වැනි වී ප්‍රභේද වගා වූ අතර, තවත් 10%ක ප්‍රමාණයක් මාස 3 වයස් කාණ්ඩයේ වෙල්ලෙයි පෙරුමාල්, හීනටි, පච්චපෙරුමාල් වැනි වී ප්‍රභේද වගා කෙරිණි.
නුමුහුම් වී ප්රභේදවල මතු වූ ගැටලු
දේශීය සහල් නිෂ්පාදනය නැවත බලගැන්වීමේ අභියෝගය සිය වගකීමක් කොටගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1940 වසරේදී වගා දර්ශ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය යටතේ වී වගා කටයුතු සඳහා විවිධ වයස් කාණ්ඩයන්ට අයත් නුමුහුම් පෙළ වී වර්ග 21ක් නිර්දේශ කරන ලදී. ඒවායේ අස්වනු වැඩි කිරීම සඳහා නයිට්රජන් පොහොර භාවිතය සුලභ කළ අතර, බොහෝමයක් වර්ග පඳුරු ඇදවැටීමට සහ කොළ පාළු රෝගයට ලක්විය. එම නිසා නයිට්රජන් පොහොර සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වන, කොළ පාළු රෝගී තත්ත්වයට හා පඳුරු ඇද වැටීමට ලක් නොවන වී වර්ග අභිජනනය සඳහා පර්යේෂකයන්ගේ අවධානය යොමු විය.
පිටරටින් හඳුන්වා දුන් වී වර්ගවල අසාර්ථකත්වය
1950 වසර පමණ වන විට ආසියාතික රටවල් බොහෝමයක වැඩි අස්වැන්නක් ලබාගත හැකි වී ප්රභේදයන් ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත වූ අතර, ඒ අනුව Ptb 16 ප්‍රභේදය ඉන්දියාවෙන්ද, %මාස්^ හා %සිගාඩ්ස්^ යන ප්රභේදයන් ඉන්දුනීසියාවෙන්ද මෙරටට හඳුන්වාදෙනු ලැබිණි. නමුත් එය අතිශයින්ම අසාර්ථක වූයේ Ptb 16, මාස් යන වර්ග කොළ පාළු රෝගී තත්ත්වයට පහසුවෙන් ගොදුරු වීම නිසාත් සිගාඩ්ස් ප්‍රභේදය මෙරට කාලගුණික හා දේශගුණික තත්ත්වයන් යටතේ අස්වනු ලබාදීමට වැඩි කාලයක් ගත වූ නිසා මෙන්ම බලාපොරොත්තු වූ මට්ටමේ අස්වනු ප්‍රමාණයක් ලබාදීමට අසමත් වූ නිසාවෙනි.
මෙරටදී පැරණි වී වැඩිදියුණු කිරීම ඇරඹෙයි
ඉහත ගැටලුකාරී තත්ත්වයන් නිසා සාර්ථක වී ප්‍රභේදයක් නිපදවීම මෙරටදීම පැරණි වී භාවිතයෙන් සිදුකිරීමට පර්යේෂකයන්ගේ අවධානය යොමු විණි. ඒ අනුව 1950 දශකයේ එවකට වී වැඩිදියුණු කිරීමේ පර්යේෂණ සිදුකළ මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් විවිධ හිතකර ලක්ෂණ සංකලනය කිරීම සඳහා දෙමුහුම්කරණ තාක්ෂණය හඳුන්වා දුන් අතර, 1952 වසරේදී එම පර්යේෂණ කටයුතු බතලගොඩ මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය වෙත ගෙනයන ලදී. මෙහිදී නයිට්රජන් පොහොර සඳහා වැඩි ප්‍රතිචාරයක් දැක්වීම, කොළ පාළු රෝගය සඳහා ඔරොත්තු දීම, වගා කාලය අඩුකර ගැනීම හා සම්මත ගුණාත්මක ප්රමිතීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු විය.
ඒ අනුව 1958 වසරේදී දෙමුහුම්කරණ තාක්ෂණය ඔස්සේ නිපදවා නිර්දේශ කළ ප්‍රථම වී ප්‍රභේදය වූ H4 වී වර්ගය එළිදැක්විණි. පසුකාලීනව බෙහෙවින් ජනප්‍රිය වූ H4 වී ප්‍රභේදය පර්යේෂණ තත්ත්වයන් යටතේ හෙක්ටයාරයකට ටොන් 7ක පමණ අස්වැන්නක් ලබාදීමට සමත්ව තිබේ. 1969 දක්වාම නිපදවුණු H කාණ්ඩයේ ප්රභේදයන් මධ්‍යස්ථ වශයෙන් පොහොර සඳහා ප්‍රතිචාර දැක්වූ අතර, කොළ පාළු රෝගය සඳහාද සාර්ථකව ප්‍රතිරෝධය දැක්වීය. නමුත් පසුකාලීනව ඇදවැටීමට පාත්‍ර වීම හා අස්වනු විභය අඩුවීම මෙහි දුර්වලතා ලෙස හඳුනාගැනීමත් සමග H කාණ්ඩයේ ප්රභේදයන් භාවිතය සීමා විය.
නව වැඩිදියුණු කළ වී ප්‍රභේද
වැඩිදියුණු කළ පැරණි වී ප්රභේදයන්ගේ දුර්වලතා හඳුනා ගනිමින් පොහොර ප්‍රතිචාරය සාධනීය වූ, රෝගයන්ට ඔරොත්තු දෙන, පඳුරු කෙටි වී ප්‍රභේද නිෂ්පාදනය කිරීම සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හෙක්ටයාරයකට ටොන් 7ක අස්වනු විභවයක් සහිත Bg 11-11 (මාස 4) , Bg 34-6 (මාස 3) සහ Bg 34-8 (මාස 3) වැනි වී ප්රභේදයන් හඳුන්වාදෙනු ලැබීය. මේ අතරින් Bg 34-8 වී වර්ගය අඩු අස්වැන්නක් ලබාදෙන තුන්මසක වයස් කාණ්ඩයට අයත් පච්චපෙරුමාල් වී ප්‍රභේදයට වඩා ජනප්‍රිය විය. Bg 34-8 ප්‍රභේදය 1974 වසර වන විට ජාතික වී වගා වපසරියෙන් 55෴ ඉක්මවා යාමට සමත් වූයේ එහි තිබූ සාර්ථකත්වය හේතුවෙනි. පසුකාලීනව නිපද වූ Bg 94-1 (මාස 3) ප්‍රභේදයේ වැඩි අස්වනු විභවයක් දක්නට ලැබුණු අතර, යල මහ කන්න දෙකෙහිදීම සාර්ථක ලෙස වගා කිරීමට හැකි විය.
අරමුණු රැසක් මුදුන්පත් කරගැනීම
වර්ෂ 1990 පමණ වන විට වී අභිජනනය පිළිබඳ මෙරට පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ රට සහලින් ස්වයංපෝෂිත කිරීම, ප්‍රධාන රෝග හා පළිබෝධ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත්ය. 1990 වන විට පරිභෝජනය වන සහල්වල ගුණාත්මකභාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. වී පර්යේෂණායතනයන් 2000 වසර වන විට සහල්වල පෝෂණීය ගුණයන් තව තවත් වැඩිදියුණු කිරීමට සිය පර්යේෂණ ඔස්සේ සමත් විය. ඒ අනුව 2014 වසරේදී පාරම්පරික ප්‍රභේදයක් වන සුවඳ සහිත සූදුරු සම්බාවල සුවඳ එලෙසම පවත්වා ගනිමින් ඊට වඩා වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාදෙන නව ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය සමත් වූ අතර, එය At 373 නමින් හැඳින්විය. 2010 වසර වන විට අජෛවී ආතති තත්ත්වයන්ට ඔරොත්තු දෙන, වල්පැළ නිසා වර්ධනය අඩාළ නොවන වී වර්ග නිපදවීමට පර්යේෂකයන් කටයුතු කර තිබේ.
කාලීන පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන ප්‍රභේද
වර්තමානය වන විට අප විවිධාකාරයේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටිති. ඒ ඔස්සේ ගංවතුර හා නියඟ වැනි ආන්තික පරිසර තත්ත්ව වී වගාව කෙරෙහි ඍජු බලපෑමක් එල්ලකොට තිබේ. එමෙන්ම ඒ ඒ පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙමින් සාධනීය අස්වනු විභවයන් ලබාදෙන සහ පළිබෝධක උවදුරු සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම කෙරෙහි අභිජනකයන් 2010 වසරේදී සිය අවධානය යොමු කළහ. ඒ අනුව පසේ ලවණතාව අධික මුහුදට ආසන්න කුඹුරු ඉඩම්වල හා වර්තමානයේ ලවණතාව වැඩි වීමේ අවදානමකට ලක්ව තිබෙන රට අභ්‍යන්තරයේ පිහිටි කුඹුරුවල වගා කළ හැකි ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද බිහිවී ඇත. උදාහරණ ලෙස At 354, Bg 369 හා Bg 310 හැඳින්විය හැකිය. එමෙන්ම පහතරට තෙත් කලාපයේත් එය අතරමැදි හා වියළි කලාපයේ වැලි සහිත කුඹුරුවල යකඩ විෂ වීම වැඩි වශයෙන් වාර්තා වීම නිසා Bw267-3, Bw361, Bw363, Bw367, Bw364 හා Bw372 යන යකඩ විෂ වීමට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවනු ලැබීය.