රෝහලෙන් බාර නොගන්න ඩෙංගු රෝගීන්ට නිවසේ ප්‍රතිකර්ම ප්‍රවේශමෙන්
අප රට ඩෙංගු වසංගතය දිනෙන් දින වඩ වඩාත් පැතිර යන අවස්ථාවකට මුහුණ දී ඇති බැවින් ඩෙංගු රෝගීන් රැක බලා ගැනීමේ දුෂ්කර අවස්ථාවකට සෞඛ්‍ය අංශ මුහුණ පා සිටී. ඩෙංගු රෝගීන් කොතරම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇතිද යන්න පැවසුවහොත් මේ වනවිට රෝහල්වල වෛද්‍ය වාට්ටු එම රෝගීන් ඇතුළත් කර ගැනීමට නොහැකි තරම් වී තිබේ.
එපමණක් නොව පෞද්ගලික අංශයේ පවා ඩෙංගු රෝගීන් බාර ගැනීමට ඉඩ නැතැයිි පවසන තත්ත්වයට පත්ව තිබේ. ඩෙංගු රෝගියෙකු රෝහලකට ඇතුළත් කරගැනීමට ඉඩ පහසුකම් නැතිනම් ඔබ කරන්නේ කුමක්ද..?
රෝගියා නිවසේ තබාගෙන සත්කාර සලකමින් ජීවිතය බේරාගැනීමට නොහැකිද යන්න අප සෑමදෙනෙකු තුළම මේ වනවිට මතු වී ඇති පොදු ගැටලුවක් තිබේ.
සැබවින්ම සෑම ඩෙංගු රෝගියෙකුම රෝහල් ගතකර ප්‍රතිකාර සැලැස්විය යුතුමද යන්න මෙහිදී බොහෝ දෙනෙකු වික්ෂිප්තභාවයට පත්වන තත්ත්වයක් පවතී. අපි ඒ පොදු ගැටලු සම්බන්ධයෙන් අවධානය දක්වා ඩෙංගු රෝගියාව රැකබලා ගන්නට රෝහලක සහාය නොලැබෙන්නේ නම් කුමක් කළ යුතුද යන්න විමසා බලමු.
ඩෙංගු රෝගය හඳුනාගන්නට බොහෝ දෙනෙකු දින තුනක් බලා සිටීම අප මෙතෙක් හුරු වී සිටින ක්‍රමයයි. මෙවර ඩෙංගු රෝගයේ දෙවැනි කාණ්ඩයට අපි මුහුණ දී සිටිමු. මෙතෙක් අප රටේ විටින්විට පැතිර ගියේ ඩෙංගු රෝගයේ පළමුවැනි තෙවැනි සහ හතරවැනි කාණ්ඩ වන බැවින් අප ඒවායේ තොරතුරු සම්බන්ධ අවබෝධයන් ලබා සිටිමු.
මේ නිසා ඩෙංගු බෝවන්නේ කෙසේද රෝග ලක්ෂණ මොනවාද හා ඒවාට කළ යුතු පිළියම් ආදියද යොදා ගන්නට දැනුවත්ව සිටිමු. නමුත් වසංගත රෝග සම්බන්ධයෙන් අප ලබා තිබෙන දැනුම සැමවිටම ඒකාකාරීව ෙනාපැවතිය හැකිය.
ඩෙංගු රෝගයේ රෝග බීජ ද මේ අනුව සැමදාම ඒකාකකාරී නොවන බවත් ඒවා කිසියම් ආකාරයකින් වෙනස් වෙනස් ආකාර දැක්විය හැකි බවත් අප දැනුම්වත්ව සිටිය යුතුය.
ඩෙංගු රෝගයේ දෙවැනි කාණ්ඩය මේ අනුව මෙවර අප නොදන්නා කරුණු ප්‍රයෝජනයට ගෙන බොහෝ ජීවිත අවදානමකට ලක්කළා පමණක් නොව බොහෝ ජීවිතද අහිමි කර ඇත.
කෙසේ නමුත් මේ දිනවල ඩෙංගු උණට අමතරව වෙනත් වෛරස් උණක්ද පැතිර යමින් තිබෙන බව සැබෑවකි. මේ නිසා ඩෙංගු උණ පිළිබඳ යම් තරමක මගහැරීමක්ද රෝගියා සහ රෝගියාගේ සමීපතමයන් අතර සිදුවී තිබේ. අප ඒ හේතුව නිසාවෙන් ඩෙංගු රෝගය යැයි ස්ථීර වශයෙන් හඳුනාගන්නා ලක්ෂණ සම්බන්ධව හා ක්‍රමය ගැන නැවත වතාවක් දැනුම්වත්ව සිටුමු.
තරමක තද උණක් ඇතිවීම ඩෙංගු රෝගයේ ලක්ෂණයකි. නමුත් උණ ඇත්තේ මද වශයෙන් වුවත් උණ සෑදුණු රෝගියා ඩෙංගු රෝගියෙක්ද යන්න තහවුරු කර ගැනීම තුළින් එම රෝගියා නිවසේ තබා වුවත් රැකබලාගත හැකි තත්ත්වයට ලඟා විය හැකිය.
සාමාන්‍යයෙන් ඩෙංගු උණ ඇති වූ අයෙකු අනිවාර්යයෙන් ඩෙංගු රක්තපාතයට මුහුණ දෙන්නේ යැයි පැවසිය නොහැකිය. ඩෙංගු රෝගීන් යම් තරමක ප්‍රමාණයක් රක්තපාතයට ගොදුරු වූවත් එසේ රක්තපාතයට ගොදුරු වීම පාලනය කරවා රෝගියා රැකබලාගැනීම වේලාසනින් ආරම්භ කිරීමෙන් කළ හැකිය.
උණ ඇති වූ පළමු දිනය Ns-1 නම් රුධිර පරීක්ෂණයට ලක්කිරීමෙන් රෝගියාට වැලඳී ඇත්තේ ඩෙංගු උණ දැයි ස්ථීර කළ හැකිය. එසේ එම රුධිර පරීක්ෂණය අනුව රෝගියා ඩෙංගු උණ negative නැතිනම් ඩෙංගු රහිත යැයි හෙළි වුවහොත් රෝගියාට ඇඳ විවේකය ලබාදෙමින් නැවත දිනකට පසුව Ns -1 රුධිර පරීක්ෂණය සිදු කරවාගන්න.
එයින් අනිවාර්යයෙන්ම ඩෙංගු රෝගියෙක්ද යන්න ස්ථීරව දැනගත හැකිවනු ඇත. ඩෙංගු යැයි තහවුරු කර ගත් සැණින්ම රෝගියා රොහල්ගත කරන්නට කලබල විය යුතු නොවේ. එයින් අනතුරුව පළමුවෙන්ම ඔබ කළ යුත්තේ රෝගියාගේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්ථාවක්, නැතිනම් ෆුල් බ්ලඩ් කවුන්ට් රුධිර පරීක්ෂණ වාර්තාවක් පරීක්ෂා කර බැලීමයි.
එම පරීක්ෂණය හරහා රෝගියාගේ රුධිර පට්ටිකාවල තත්ත්වය ගැන පරීක්ෂාකර ගත හැකිය. මෙවැනි අවස්ථාවක කෙනෙකුගේ රුධිර පට්ටිකා 1. 50000 සිට 4.50000 දක්වා පවතින්නේ නම් එවැන්නන් රෝහල් ගත කරන්නට අවශ්‍යතාවක් පැන නොනගී. එවන් අය නිවසේ ඇඳ විවේකය තුළ තබා උදේ සවස නැවත නැවත රුධිර පට්ටිකා තත්වය පරීක්ෂාවට ලක්කරවමින් අවධානය දක්වමින් දියර ආහාර ලබාදෙමින් රැක බලා ගත යුතුය.
නමුත් යම් ආකාරයකින් රුධිර පට්ටිකා තත්ත්වය 20000 අඩු නම් රුධිර පරීක්ෂණය දිනකට තෙවතාවක් සිදුකළ යුතුය. කෙසේ නමුත් එක්තරා තත්ත්වයකදී අනිවාර්යයෙන්ම රෝගියා රෝහල් ගත කළ යුතු අවස්ථාවක් එළැඹීමේ අවධානමක් පැවතිය හැකිය. ඒ අවස්ථාවට මෙවන් කරුණු බලපානු ලබයි. රුධිර පට්ටිකා යම් ආකාරයකින් 1.30000 අඩු නම් රෝගියා රෝහලක් වෙත බාර කරන්න.
හේතුව රුධිර පට්ටිකා ප්‍රමාණය ලක්ෂයකට වඩා අඩුවීම රක්තපාතය ඇතිවීමට ආසන්න වශයෙන්ම බලපානු ලබන හේතුවක් වන බැවිනි. එමෙන්ම රෝගියා දිගටම වමනය කරන්නේ නම් වහාම රෝහල් ගත කරන්නට වග බලා ගන්න. ඇතැම්විටක රෝගියා තදබල උදර වේදනාවක් ගැන පැමිණිළි කළ හැකිය.
එවිට එය රක්තපාතයේ ලක්ෂණයක් විය හැකි යැයි අනුමානය කරන බැවින් වහාම රෝගියා රෝහලට බාර දිය යුතුමය. මෙවන් අවස්ථාවකදී රෝගියා නිවසේ තබා ප්‍රතිකාර සැලසීමට ප්‍රමාද වීම අනතුරුදායකය. රෝගියා කිසිවක් පානය නොකරන අවස්ථාවක් උදා වී ඇත්නම් එවන් අවස්ථාවක ඇතිවන විජලනය හේතුවෙන් භයානක අවස්ථා උදා විය හැකි බැවින් රෝහල් ගත කරන්න.
එමෙන්ම රෝගියාගේ මුත්‍රා පහවීම අඩු බවක් ඇත්නම් වහාම රෝහල් ගත කරන්න. මේ ලක්ෂණ සියල්ලම රෝගියා තුළ මතු විය යුතු නොවේ. මේවායින් එකක් හෝ ඇත්නම් වහාම රෝහල වෙත රෝගියා රැගෙන යා යුතුමය.
කෙසේ නමුත් ඩෙංගු රෝගය වැලඳීම ස්වාභාවිකම අවධානමක් දක්වන පිරිසක් සිටී. ඒ ගැබිනි මවුවරුන්, හෘද රෝග හා වකුගඩු රෝගවලින් පෙළෙන්නන්, නිසි ලෙස දියවැඩියාව පාලනය නොකල දියවැඩියා රෝගීන් ස්ථූලතාවයෙන් පෙළන ඕනෑම වයසක අයෙක්, නිවසේ තබාගෙන නිසි පරිදි රෝගියා පිළිබඳ අවදානය දැක්විය නොහැකි අය, ප්‍රවාහන පහසුකම් නොමැති හදිසි අවස්ථාවකදී ඉක්මණින් රෝහලක් වෙත රුගෙන ඒමේ පහසුකම් නැති පිරිස, රෝහලක් වෙත පැමිණිම වඩාත් සුදුසුය.
උණ සෑදුණු රෝගියාට පානය සඳහා ලබාදිය යුතු හා නොදිය යුතු දේ සම්බන්ධයෙන්ද ඔබ දැනුම්වත්ව සිටිය යුතුය. මෙවැනි රෝගීන්ට වතුර ලබාදීම එතරම් සුදුසු නොවේ. ඒ සඳහා පැයකට වරක් පලතුරු යුෂ, තැඹිලිවතුර, සුප්, කැඳ, ජීවනී වැනි පානයක් ලබාදිය හැකිය.
නමුත් රතු දුඹුරු පැහැය සහිත පාන වර්ග කෙසේවත් ලබානොදී සිටීමට වගබලා ගන්න. රෝගියාට ආහාර දෙන්නේ නම් එහිදීද එවැනි වර්ණ සහිත දෑ මගහරින්න. ඩෙංගු රෝගියාට පැරසිටමෝල් හැර වෙතත් කිසිම ඖෂධයක් ලබා නොදීමට වගබලා ගන්න. පැරසිටමෝල් වුවත් ඉක්මණින් උණ බසින්නට යැයි කිසා අධි මාත්‍රාවන් ලබානොදෙන්න.
උපරිම වශයෙන් පැය හයෙන් හයට පමණක් ඒවා ලබාදීමට වග බලා ගන්න. රෝගියා වෙනත් දිගුකාලීන රෝග සඳහා ගන්නා ඖෂධ මේ සීමාවේදී නොගත යුතුය. ඒ සඳහා රෝගියා රෝහල් ගත කරන්න නැතිනම් වෛද්‍යවරයා මුණ ගැසී අවශ්‍ය උපදෙස් පතන්න. දියර වර්ග ලබාදීමත් සිදු කළ යුත්තේ රෝගියාගේ බර ප්‍රමාණය අනුවයි.
රෝගියා කිලෝ පනහක බරින් යුතු අයෙක් නම් එය දෙකෙන් වැඩි කරන්න. එවිට රෝගියාට අවශ්‍ය වනුයේ මිලි ලීටර් සීයක පමණ දියර ප්රමාණයකි. එනම් පැයකට වරක් මිලිලීටර් සීයක පමණ ප්‍රමාණයකින් දියර පානය සලස්වන්න. බර අඩු වුවහොත් එම දියර ප්‍රමාණය දීම වරදක් නොවේ බර වැඩි අයෙකු යැයි කිසා ඔහුට මිලි ලීටර සියය ඉක්මවන දියර ප්‍රමාණයක් දිය යුතු නොවේ.
ඩෙංගු රෝගියාගේ පාන වර්ග මෙන්ම පිටවන මුත්‍රා ප්‍රමාණයද මැන බැලිය යුතුය. ප්‍රමාණ මැන බලා ඒවා සටහන් තබන්නට අවශ්‍ය නිවසේ තබාගෙන සිටය. රෝගියෙකු නම් පැය හතරකට වරක් රෝගියාගේ මුත්‍රා ප්‍රමාණය මැන බැලිය යුතුය. පහවන ම්‍රත්‍රා ප්‍රමාණයද රෝගියාගේ බර ප්‍රමාණය අනුව විය යුතුය.
බර කිලෝ ග්‍රෑම් පනහක අයෙක් සැලකුවහොත් පැයකට මිලි ලීටර පනහක පමණ මුත්‍රා ප්‍රමාණයක් පහ වීම ප්රමාණවත්ය. පැය හතරකට වරක් මැනීමේදී මුත්‍රා මිලිලීටර් දෙසීයක් හෝ ඊට ආසන්නව මුත්‍රා පිටකර ඇත්නම් රෝගියා නිවසේ තබාගෙන ප්‍රතිකාර ලැබිය හැකි අවස්ථාවක පසුවේ.
මෙය මීට වඩා අඩු නම් වහාම රෝහලක් වෙත රැෙගන යන්න ඇතැමුන් රොගියාගේ රුධිර පට්ටිකා වැඩි කිරීමේ අරමුණින් විවිධ අත්බෙහෙත් යොදති.
නමුත් මෙය අවදානම් ක්‍රියාවකි. ප්ලේට්ලට් වැඩි වූවාට සිරුර තුළ තිබෙන වෛරසය සක්රීයය. එවිට රෝගියා ඩෙංගු තත්ත්වයේ කුමන අවදියක් කරා ගමන් කරමින් සිටින්නේද යන්න සොයා ගැනීම අපහසුය. එබැවින් විවිධ දෑ දීම වෙනුවට රෝගියාගේ රෝග තත්ත්වය පිළිබඳ බැරූරුම්ව සිතත්ත.
වෛද්‍ය මහින්ද හේමප්රිය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

