Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පිදුරුතලාගල |
මොරැල්ල වනාන්තරයට පන්විල ප්‍රාදේශීය සභාව විසින් ගෙන විත් දමා ඇති කැලි කසල |
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වසරේ සිට සෑම වසරකම මැයි මස 30 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්වා වූ සතියක කාලය 'පරිසර සතියක්' ලෙස ප්‍රකාශයට පත්කිරීමද පසුගිය 30 වැනිදා සිදුකෙරිණි.
පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් සිදුකරන අර්ථාපල් හා එළවළු වගා |
තමන්ගේ බඩ වඩා ගන්නට ආත්මාර්ථකාමී ප්රයන්තයක යෙදෙන බොහෝ මිනිසුන් විසින් පරිසරයට කළ විනාශයේ විකෘතිය ඇස් ඉදිරියේ දක්නට තිබෙන කලෙක එවන් මිනිස් සිත පරිසරයට සංවේදී කරන්නට ජනාධිපතිවරයා විසින් දරන උත්සාහය අගය කළ යුතුය.සෑම වසරකම පරිසර දිනය ළංවූ විට පරිසර අමාත්‍යාංශය හා ආශ්රිත ආයතන එක්ව විවිධ වූ පරිසර වැඩසටහන් දියත් කරනු දක්නට ලැබේ. ඔවුහු පාසල් ළමයින් දැනුවත් කරති. විවාද, කථික තරග පවත්වති. මාර්ග දෙපස රුක්රෝපණය කරති. රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරති. සමුද්‍ර සංරක්ෂණ වැඩසටහන් දියත් කරති. කසළ බඳුන් විථි දිගේ සවි කරති. එහෙත්??
සියලු දෙනා අත්දැක ඇති කරුණ නම්, එවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ කොතරම් කාලයකට වලංගු වනවාද යන්නය. එවැනි දෑ සංවිධානය කරන රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම, මහජනතාවගේද මනසේ ඒවා කෙතරම් කාලයකට රැඳෙනවාද යන්න ගැටලුසහගතය.
මෙවර මැයි 30 වැනිදායින් ඇරඹි පරිසර සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එවැනි වැඩසටහන් පෙරවූ ඒවා සේ නොවේවායි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරමු. මන්දයත් ස්වාභාවික පරිසරය සිතැඟි පරිදි කෘත්‍රිම කොට මිනිසුන් විසින් ගොඩනගන ලද විකෘති පරිසරයේ ප්‍රතිඵල අත්විඳි ඒවා තවමත් පහව ගොස් නොමැති නිසාවෙනි.
පිදුරුතලාගල රක්ෂිතය තුළ සිදුකරන අනවසර වගා බිම් (ඇපල් ෆාම්) |
මෙවර පරිසර දිනය සැමරෙන මාතලේ දිස්ත්‍රික්කයද අයත් වනුයේ ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයටය. පැරැන්නන් මෙන්ම පරිසර විශේෂඥයන්ද බොහෝ විද්වතුන්ද පෙන්වා දෙන්නේ මධ්‍යම කඳුකරයේ ආරක්ෂාව මත රටේ ආරක්ෂාව පවතින බවයි. ඉතා ඉහළ වාරි තාක්ෂණයක් පැවැති ඈත අතීතයේදී පවා මධ්‍යම කඳුකරයේ ජලාශ හෝ වැව් අරමුණු ඉදිනොකරන ලද්දේ එම හේතුවෙන් බවත්, කඳුකරයේ ගලා එන දිය ඇලි, ගංගා හරස්කොට ඔවුන් විසින් කෘෂි කර්මාන්තය දියුණු කරගත් බවත් පැවසේ. එලෙස සුරක්ෂිත වූ කඳුකරයේ වනාන්තර පද්ධතිය හේතුවෙන් කිසිදු දිනෙක ජල ගැල්මකට, නායයෑමකට හෝ දරුණු ස්වාභාවික විපතකට මුහුණදීමට සිදුනොවූ බව අදටත් පොතපතේ සඳහන්ය.
එනසාල් පෝරණුවක් |
එහෙත් අද වනවිට මධ්‍ය කඳුකරයම සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වී ඇති බව නොරහසකි. මුදල් පසුපස ඉබාගාතේ දිවයන නරුම දේශපාලන සංස්කෘතියක් විසින් එහි වැඩි වගකීම භාරගත යුතු බව අවිවවාදයෙන් සඳහන් කළ හැකිය. එහෙත් පවතින ස්වාභාවික විපත් මෙන්ම ඉදිරියේදී සිදුවීමට හැකි යැයි ඇස් ඉදිරියේ පෙනෙමින් පවතින ආපදා තත්ත්වයන්ද වළක්වා ගැනීමට හැකි ලෙස පරිසරය යථාවත් කිරීමේ පූර්ණ බලය හා වගකීම ඇත්තේද බලධරයන් අතය.
නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාවක් |
කරුණු එසේ වුවද පරිසර සතිය තුළ සංවිධානය කරන වැඩසටහන් කොතෙක් තිබුණද ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට අවශ්‍ය ගැසට් පත්‍ර සැකසීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුනොවන්නේ ඇයිද යන්න ගැටලු සහගතය. බොහෝ පරිසරවේදීන් මෙන්ම පරිසර නීතිඥවරුන්ද මැසිවිලි නගන්නේ, වසර ගණන් ඇදෙමින් පවතින එවැනි ගැසට් පත්‍ර සැකසී සංරක්ෂණ කටයුතු නිසි පිරිදි සිදුනොවීම සම්බන්ධයෙනි. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේදී මෙවර පරිසර දිනය සැමරෙන්නේ මධ්‍ය කඳුකරයේ සංරක්ෂණය විය යුතු වටිනා පරිසර පද්ධති විනාශ වෙමින් පවතිද්දීය. පරිසර සතියේදීවත් ඒවා පිළිබඳ අවධානයක් යොමුව නොතිබීම කනගාටුවට කරුණකි.
එනසාල් වගාව හේතුවෙන් පැතිර ඇති ආක්රමණික ශාක (Mist Flower) |
මහනුවර දිස්ත්‍රික්කයේ ගන්නෝරුව වනාන්තරය, වරාතැන්න හක්කිඳ දූපත් සමූහය, මොරැල්ල හෙවත් මොරහෙල පහතරට තෙත් කලාපීය වනාන්තරයද සංරක්ෂණය කළ යුතු ස්ථානවලින් ප්‍රමුඛතාවය ගනී. ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් අනූන ගනේනෝරුව වනාන්තර පද්ධතිය මෙන්ම වරාතැන්න හක්කිඳ දූපත් සමූහයද මහවැලි ගග පෝෂණය කිරීමට ඉහළ කාර්යභාරයක් ඉටුකරයි. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති 'කොළ ගඩයා' නම් මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් වන්නේ මෙම හක්කිඳ දූපත් සමූහයයි.
එනසාල් වගාව හේතුවෙන් නායයෑමට ලක් වූ නකල්ස් රක්ෂිතයේ කොටසක් |
එසේම මහනුවර මැද ඇළ මාර්ගය ඔස්සේ පැමිණෙන කැළිකසළ, ඉලෙක්ට්‍රොනික් උපකරණ කැබලි මෙම ප්‍ර‘දේශයේ ගල් පතුල් යට තැන්පත්ව ඇති බවටද පරිසරවේදීහු පෙන්වා දෙති. එසේම ලෝක උරුම නකල්ස් කඳු වැටිය ආසන්නයේ පිහිටි එකම පහත රට තෙත් කලාපීය වනාන්තරය වන මොරහෙල හෙවත් මොරැල්ල වනාන්තරය ගස් කැපීම මෙන්ම පන්විල ප්‍රා‘දේශීය සභාව විසින් බැහැර කරන කැළිකසළ හේතුවෙන් දැඩි පාරිසරික අර්බුදයකට ලක්ව තිබේ. මේ පිළිබඳව අප මීට ඉහත කිහිප වරක් පෙන්වාදුන්නද වගකිව යුතු බලධාරීන් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, වැසි ජලය සමග මිශ්‍රවන කැළිකසළ වනාන්තරය තුළට ගලාවිත් ජලපෝෂක දූෂ්‍ය කරන්නේ නිරායාසයෙනි.
මහනුවර සහ මාතලේ දිස්ත්රික්කයන්ට අයත් ලෝක උරුම නකල්ස් වනාන්තරයේ අක්කර දහස් ගණනින් සිදුකරන එනසාල් වගාවත්, වනාන්තරයේ පහළ ප්‍ර‘දේශවල සිදුකරන මැණික් ගැරීමත් හේතුවෙන් නකල්ස් කඳු වැටිය ප්‍රබල පාරිසරික හායනයකට ලක්ව තිබේ. එනසාල් වේලීම සඳහා දැව ලබාගැනීමට දුර්ලබ මෙන්ම විශාල ගස් කපා හෙලන අතර, සතුන් දඩයම් කිරීමද රිසි සේ සිදුවේ. එසේම එනසාල් වගාව සඳහා ඇතිවන කෘමි උවදුරු සඳහා කාමිනාශක භාවිත කිරීම තුළ ඉහළ කඳු මුදුනේ ප්‍රධාන ජල මූලාශ්‍ර වෙත කාමිනාශක එකතු වන බවද පරිසර විශේෂඥයෝ දැඩිව අවධාරණය කර සිටිති.
මෙහිදී එනසාල් වගා කිරීම සඳහා ඉහළ කඳුකර හා උප කඳුකර ආශ්රිත විශාල භූමි ප්‍ර‘දේශවල කුඩා ශාක සියල්ල කපා දමා විශාල ශාක පමණක් ඉතිරි කර තිබෙනු දක්නට ලැබෙයි.
මේ අතර එනසාල් වගාව හේතුවෙන් පැතිරෙන ආක්රමණික ශාක විසින් වනාන්තරයේ ඇති දුර්ලභ ශාක විශේෂ වසා පැතිර තිබීමද ශෝචනීයය. අවධාරණය කළ යුතු වඩා වැදගත්ම කරුණ නම්, නකල්ස් කඳු වැටියේ එනසාල් හා තේ වගාවන් සඳහා කරන ලද එළිපෙහෙළි කිරීම් මෙන්ම ජල පහරවල් වෙනස් කිරීම හේතුවෙන්ද වනාන්තර මධ්‍ය‘යේ ඇතැම් ස්ථාන මේ වනවිට නාය යෑමට පටන්ගෙන ඇති බව බලධාරීන්ද නොදන්නා බවයි.
මාතලේ නගරය ආසන්නයේ පිහිටා ඇති ඇටිපොළ කන්දද දුර්ලභ සත්ත්ව හා ශාක විශේෂ දක්නට ලැබෙන ගවේෂකයන්ගේ අවම නෙත ගැටීමකට ලක්වූ වනාන්තරයකි. එසේම නාඋල ප්‍ර‘දේශයේ ඇති දුර්ලභ බිනර ශාකය සහිත ප්‍රදේශයද සංරක්ෂණය විය යුතු පරිසර කලාපයක් බවට පරිසර විශේෂඥයෝ පෙන්වා දෙති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි පිදුරුතලාගල කඳුවැටියද, කිකිළියාමාන වනාන්තරයද ඒ අවට ඇති තේ වතු ආශ්‍රිතව ඉතිරිව ඇති කුඩා වනාන්තර කුට්ටිද ඉතා කඩිනමින් සංරක්ෂණය කළ යුතුව ඇත.
පසුගිය සමයේ පිදුරුතලාගල කන්ද ආශ්‍රිතව 'ඇපල් ෆාම්' නමින් ඇපල් වගා කිරීමට යැයි වෙන්කරන ලද අක්කර සිය ගණනක භූමි ප්‍ර‘දේශවල මේ වනවිට මහා පරිමාණ වෙළෙඳුන් විසින් සිදුකරනු ලබන එළවළු වගාවන් පමණක් දැකගත හැකිය. එළවළු වගාවේ යෙදෙන අතරම සතුන් මැරීමද සිදුවන බව වාර්තා වේ. එළවළු වගා සඳහා යොදන කෘමිනාශක, වනාන්තරය මැදින් ගලායන කුරුඳු ඔයේ ඉහළ ජල පෝෂකයන්ට එක්ව වලපනේ ප්‍රදේශයේ ජලමූලාශ්‍රවලට එකතු වන බවට පරිසරවේදීහු චෝදනා කරති. වලපනේ නගරයට පානීය ජලය සපයන මෙම ජල පෝෂක වෙත කෘමිනාශක එකතුවීමෙන් ප්‍ර‘දේශවාසීන් දරුණු රෝගවලට ගොදුරු වීම කාට නම් වැළැක්විය හැකිද?
කිකිළියාමාන වනාන්තරය තුළද එනසාල් හා තේ වගාවන් ජයටම කෙරීගෙන යන අතර, ඊට සමගාමීව සතුන් දඩයම් කිරීමද සිදුකෙරෙයි. පසුගිය දිනවල තේ වතු ආශ්‍රිතව කොටින් මැරී වැටී සිටිනු දක්නට ලැබුණේ එවැනි දඩයක්කරුවන් විසින් අටවන ලද උගුල්වලට හසුවීමෙන් බවද පැවසේ.හිමිදිරි පෙදෙස ලෙස හැඳින්වෙන, නැගෙනහිර සිංහරාජය, සිංහරාජ අඩවියේ ඉහළම ජෛව විවිධත්වයක් ඇති ප්‍ර‘දේශයකි. මේ වනවිට තේ හා එනසාල් වගාවන් සඳහා විශාල ලෙස එළිපෙහෙළි කෙරෙමින් පවතින මෙම පරිසර පද්ධතිය තුළ විශාල පාරිසරික අර්බුදයක් හටගෙන තිබේ. එසේම ලී ඉරීම මෙන්ම සතුන් දඩයම මෙහිදීද දක්නට ලැබේ.
සෙන්ටි ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිතවද වසරේ එක් කාලයකදී ගිනි තැබීම් සිදුකරන බව පරිසරවේදීන් කලින් කලට පෙන්වාදී තිබුණද, ඒ සඳහා බලධාරීන් විසින් අවධානය දක්වා නොතිබීමද කනගාටුවට කරුණකි.ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යටවන ප්‍ර‘දේශය ආශ්‍රිතව සිටි 'රාවණා' නම් ගොළුබෙලි විශේෂය තලවකැලේ කොත්මලේ ජලාශයට ඉහළ ප්‍ර‘දේශයේදී පරිස්ථාපනය කළද මේ වනවිට එම ස්ථානයේ රාවණා ගොළුබෙල්ලා පිළිබඳව සලකුණු දක්නට නොමැති බවද පරිසවේදීහු පෙන්වා දෙති. එම ස්ථානය ආරක්ෂා කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටියද ව්‍යාපෘතිය සිදුකිරීමේදී වචනයට පමණක් වගකීම් භාරගෙන පසුව නිලධාරීන් විසින් ඒවා මගහරින බවත්, පරිසරවේදීන්ගේ හඬ වසා දැමීමේ අරමුණින් බොරු මවාපෑම් කරන බවත් බොහෝ පාර්ශ්ව කියා සිටිති.
මෙසේ මධ්‍ය කඳුකරයේ කඩිනමින් අවධානයට ලක්විය යුතු වටිනා පරිසර පද්ධති විශාල ප්රමාණයකි. ආක්රමණික වගා, සංවර්ධන ව්‍යාපෘති, කඳු වැටී බිඳ හෙලීම්, ඉදිකිරීම් සඳහා දළ බෑවුම් ප්‍ර‘දේශ යොදාගැනීම කෙරෙහි කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. ගංඟා, ඇළ දොළවල රොන්මඩ තැන්පත් වීම තුළ ඒවායේ ධාරිතාව අඩු වනවා සේම ගං පතුලේ ස්වභාවයද වෙනස්වනු ඇත. එහිදී ජලජ ජීවී මෙන්ම ජලජ ශාකවලටද හානිවීම වැළැක්විය නොහැකිය.
පරිසර දින උලෙළට අමතරව මාතලේදී එළඹෙන 05 වැනිදා පැවැත්වෙන දිස්ත්‍රික් පරිසර සංරක්ෂණ සමුළුවේදී හෝ බලධාරීන්ගේ අවධානය මෙම වටිනා පරිසර පද්ධති කෙරෙහි යොමුවන්නේ නම් ඉතා අගනේය. රටේ ජීවනාලිය, රටේ හදවත බඳුවූ මධ්‍ය කඳුකරය සුරක්ෂිත කරගන්නට හැකි නොවන්නේ නම් ඉදිරියේදී දරුණු ස්වාභාවික විපත් රැසක ආගමනය කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd