Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
බෝවන රෝග නිසා ලොව සිදුවන මරණ සලකා බැලීමේදී ක්ෂය රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාව දෙවැනි වී ඇත්තේ එච්.අයි. වී. ඒඩ්ස් රෝගයට පමණි. ලෝක ජනගහනයෙන් ¾ක්ම ක්ෂය රෝගකාරක බැක්ටීරියාවෙන් දැනටමත් ආසාදිත වී ඇත. ශරීර ප්‍රතිශක්තියට බලපෑම් කරන මෙම රෝගයේ රෝග ලක්ෂණ පහළ නොවීම හේතුවෙන් බොහෝ රෝගීන් හඳුනාගැනීමට ලක්වන්නේ නැත.
ලෝක ක්ෂය රෝග දිනය හෙටට (24දා) යෙදෙන අතර, 'එක්වෙමු - ක්ෂය රෝගය දුරලමු' යන තේමාව සහිතව එම දිනය ලොවපුරා සමරනු ලබන්නේ හඳුනා නොගත් ක්ෂය රෝග ආසාදිතයන් මිලියන තුනක පිරිසක් මෙම මාරාන්තික රෝගය අනෙක් අයට බෝකරමින් සිටින නිසාවෙනි.
අප රටේ සෞඛ්‍ය ක්ෂේත්රයටද ගැටලුවක් බවට පත්ව ඇති මෙම රෝගය පිළිබඳ ඔබේ අවධානය නිතැතින් යොමුවිය යුත්තේ මාරාන්තික රෝගයක් වුවද නියමිත ප්‍රතිකාර ලබාගැනීමෙන් එය නිට්ටාවටම සුවකිරීමේ හැකියාවක් පවතින බැවිනි.
මොකක්ද මේ සිරුර වැහැරෙන ක්ෂය රෝගය?
මයික්රෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නම් බැක්ටීරියාව ආසාදනයවීමෙන් සෑදෙන රෝගය,'ක්ෂය රෝගය' ලෙස හඳුන්වනු ලැබේ. පෙනහළු ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් මෙම රෝගය වැලඳුණද ශරීරයේ අනෙකුත් අවයව හා පද්ධතිද මෙම රෝගයට ගොදුරු වීමේ හැකියාවක් පවතියි.
පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැලඳුණු විට රෝග ලක්ෂණ ලෙස,
- සති දෙකකට වඩා පවතින කැස්ස
- උණ
- ආහාර අරුචිය
- අධික තෙහෙට්ටුව
- බර අඩුවීම
- ශරීරය කෙට්ටු වීම
- සෙම සමග රුධිරය පිටවීම
- රාත්‍රී කාලයේ මඳ උණ සමග දහඩිය දැමීම
ආදිය දැකගත හැකි අතර, මෙම ලක්ෂණ සියල්ල හෝ කිහිපයක් හෝ එකක් වුවද පහළ විය හැකිය.
රෝගය ප්‍රධාන වශයෙන් බෝවන්නේ බැක්ටීරියාව ආසාදිත රෝගියෙකුගේ කැස්ස මගින් පිටවන ඉතා කුඩා බිදිති වාතයට එක්වී අනෙකෙකු ආශ්වාස කරන විට ශ්වසන මාර්ගයට එක්වීමෙනි. බැක්ටීරියාව පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු වූ විගස රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ශරීරයේ පැවතිය හැකි අතර, ශරීර ප්‍රතිශක්තිය දුර්වල වන අවස්ථාවල රෝග ලක්ෂණ පහළ විය හැකිය. මේ හේතුව නිසාම වටහාගතයුතු විශේෂ කරුණක් වන්නේ බැක්ටීරියාව ශරීරගත වුවද බහුල වුවත් ඔවුන් අතරින් රෝගය ඇති වන්නේ 10%කට පමණක් බවයි.
එනම් ක්ෂය රෝගයට හේතුවන බැක්ටීරියාව ශරීරගත වූවන් විශාල ප්රතිශතයකගේම ශරීරතුළ ඊට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගාගෙන තිබීමයි. කෙසේ හෝ ක්ෂය රෝගයට ගොදුරුවූවන්ගෙන් 80%කටම පෙනහළු ආශ්රිත ක්ෂය රෝගය ආසාදනය වී ඇති අතර, ඉතිරි 20% පෙනහළුවලින් පිටත අවයවවල ක්ෂය රෝගය අසාදනය වූවන් ලෙස හඳුනා ගැනේ.
ක්ෂය රෝගය වැලඳීමට ඇති අවදානම් තත්ත්ව
- ශරීර ප්‍රතිශක්තිය දුර්වල වූ විට රෝගය වැලඳීමට ඇති අවදානම වැඩිකරවයි
- දියවැඩියාව වැනි පාලනය නොවූ නිදන්ගත රෝග
- එච්.අයි.වී. ඒඩ්ස් රෝගය
- අවයව බද්ධ කිරීම වැනි දිගුකාලීන ප්‍රතිකාර ගතයුතු තත්ත්ව
- මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි භාවිතය
- මන්දපෝෂණය
- අවුරුදු 05ට අඩු දරුවන්
- වයස්ගත පුද්ගලයන් වැනි අයගේ ප්‍රතිශක්තිය දුර්වල නිසා ඔවුන් අතර, මෙම රෝගය ඇතිවීමට ඇති අවදානම වැඩිය.
ක්ෂය රෝගය ක්‍රිස්තු පූර්ව 3000 – 2400 තරම් ඈත අතීතයේ සිටම පැවත එන බව සොයාගෙන ඇති අතර, ඊජිප්තු මමී දේහවල කොඳු ඇටපෙළ ක්ෂය රෝගකාරක බැක්ටීරියාව නිසා විනාශ වී ඇති බවට පර්යේෂණවලින් තහවුරු වී ඇත.
එමෙන්ම ග්‍රීක සාහිත්‍යයේ Phthisis ලෙස හඳුන්වන දිරාපත්වන රෝගය ලෙස දක්වා ඇත්තේද ක්ෂය රෝගයයි. වර්ෂ 1882 මාර්තු 24 වැනිදා වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව වන Mycobactrriumtubercolosisබව ප්‍රකාශ කිරීම සමරනුවස් සෑම වසරකම මාර්තු 24 වැනිදා ලෝක ක්ෂය රෝග දිනය ලොව පුරා සමරනු ලබයි.
ක්ෂය රෝගයේ පැතිරීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් දත්තවලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 10.4ක් පමණ ක්ෂය රෝගයට ගොදුරු වී ඇති බව ඇස්තමේන්තුගත කර ඇත.
මොවුන් අතරින් මිලියන 5.9ක් (56%) පිරිමින් ලෙසද, මිලියන 3.5ක් (34%) ගැහැනුන් ලෙසද, මිලියන01ක් (10%)ළමයින් ලෙසද සඳහන් වේ. එසේම නව රෝගීන්ගෙන් 11%ක් එනම් මිලියන 1.2ක් HIV රෝගයට ගොදුරුවූවන් බවටද ඇස්තමේන්තු කර ඇත.
නමුත් මෙම රෝගීන් මිලියන දහයක පිරිසෙන් ලොව පුරාම හඳුනාගෙන ඇත්තේ රෝගීන් මිලියන 06 ක් පමණි. එනම් මිලියන තුනක් පමණ වන රෝගීන් තවමත් හඳුනාගෙන නොමැත.තවද මිලියන 1.4ක් පමණ මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව ඇස්තමේන්තු කර ඇත. එම මියයන අයගෙන්ද මිලියන 0.4ක් පමණ HIV රෝගීහු වෙති.
මෙම රෝගීන් අතරින් 61%ක් පමණ අග්නිදිග ආසියාතික හා පැසිෆික් කලාපවල ජීවත්වන අතර, 26%ක් අප්‍රිකානු කලාපයේ ජීවත් වේ. ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය යන රටවල ලොව වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තාවන රටවල් ලෙස හඳුනාගෙන ඇත.
ලංකාවේ වෙසෙන ක්ෂය රෝගීන්
ශ්‍රී ලංකාවේ 2016 වර්ෂයේ ඇස්තමේන්තුගත දත්ත අනුව ක්ෂය රෝගීන් 13,757ක් සිටියද, එම වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 8,886ක් පමණි. ඒඅනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,500කට ආසන්න පිරිසක් අප සමාජය තුළ මෙම රෝගී බැක්ටීරියාව අනෙක් අයට පතුරුවමින් සිටිති. මෙරට 2016 වසරේදී ක්ෂය රෝග මරණ 1200ක් බලාපොරොත්තු වුවද, වාර්තා වී ඇත්තේ 648ක් පමණි. වාර්තා වූ රෝගීන් 8,886ක් අතරද, පෙනහළු ආශ්‍රිතව රෝගය වැලඳුණු රෝගීන් 6,295ක් හා ශරීරයේ පෙනහළු හැර අනෙක් පටකවල රෝගය වැලඳුණු රෝගීන් 2591ක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.
මෙම පෙනහළු ආශ්‍රිතව රෝගය වැලඳුණු රෝගීන්ගෙන් 4517 දෙනෙකුගේ සෙම් පටල පරීක්ෂා කිරීමේදී විෂබීජය ඇති බව තහවුරු කරගෙන ඇත.
මෙරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, දෙවනුව ගම්පහ හා තෙවනුව කළුතර යන දිස්ත්‍රික්කවලින් ක්ෂය රෝගීන් බහුලව වාර්තා වේ.
ක්ෂය රෝගය HIV වැනි ප්‍රතිශක්තිය අඩු රෝගීන් අතරද දක්නට ලැබෙන බැවින්, 2016 වර්ෂයේ මෙරටින් HIVආසාදිතයන් 12දෙනෙකු අතර ක්ෂය රෝගයද ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.
ක්ෂය රෝගය හඳුනාගැනීම
කැස්ස පවතින රෝගීන්ගේ නම් සෙම පටල පරීක්ෂාව මගින් රෝගය හඳුනාගැනීමට හැකිය. එසේම පෙනහළුවල ක්ෂය රෝගය ආසාදනය වී ඇත්නම් පසුව ප්‍රදේශයේ සිදුකරන 'X' කිරණ පරීක්ෂාවක් මගින් හඳුනාගත හැකිය.
අපරටේ බොහෝ රෝහල්වල මෙන්ම සෑම දිස්ත්‍රික් රෝහලකම පිහිටි ළය රෝග සායනවලදී ක්ෂය රෝග පරීක්ෂාව නොමිලයේ සිදුකරගත හැකිය.
සෙම සාම්පල පරීක්ෂාව වර්තමානය වනවිට ජාන පරීක්ෂණ ක්‍රම (Gene Xpert) හරහාද සිදුකරනු ලැබේ.
පරීක්ෂණ සඳහා සෙම සාම්පල ලබාදීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය.
- මුව හොඳින් වතුරෙන් සේදීම.
- උණු වතුර වීදුරුවක් පානය කිරීම.
- දෙතුන් වරක් ගැඹුරු ලෙස හුස්ම ගැනීම.
- පපුව තුළින් සෙම පිටතට එන තෙක් හොඳින් තදින් කහින්න.
- බඳුනෙහි වැස්ම හැර, මුව ළඟට ගෙන, ඒ තුළට සෙම පිටකරන්න.
- බඳුනේ පිටත සෙම තැවරීමෙන් වළකින්න.
- කෙළ හෝ නාසයෙන් එන ශ්‍රාවය එකතු කිරීමෙන් වළකින්න.
- බඳුන හොඳින් නතු කර වසා රසායනාගාරයට ලබාදෙන්න.
සෙම කැඩී පිටතට නො එන රෝගීන් හා ළදරුවන්ගේ පෙනහළුවල රෝගය පවතීද යන්න X කිරණ පරීක්ෂණ හරහා පරීක්ෂා කළ හැකිය. එසේම වසා ගැටිති හෝ ශරීර අභ්‍යන්තර අවයව පද්ධතිවල ක්ෂය රෝගය පැතිර ඇති බවට සැකකරන අවස්ථාවලදී වෛද්‍යවරුන් විසින් සුළු ශල්‍යකර්ම හෝ ඉඳිකටු ආදියෙන් සුදුසු සාම්පල ලබාගැනීම සිදුකරනු ලබයි. ස්නායු පද්ධතිය හෝ මස්තිෂ්ක ආවරණය ආශ්‍රිතව ක්ෂය රෝගය පවතී නම් මස්තිෂ්ක සුෂුම්නා තරලය පරීක්ෂණ සඳහා යොමු කරයි.
ක්ෂය රෝගය සඳහා ඇති ප්‍රතිකාර
පළමුවරට ක්ෂය රෝගය වැලඳුණු රෝගියෙකුට මාස 06ක ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. නමුත් දින කිහිපයකින් රෝග ලක්ෂණ පහව යන හෙයින් රෝගීහු අඛණ්ඩව මාස 06ක් ඖෂධ ගැනීම අතපසු කරති. රෝගය සම්පූර්ණයෙන් සුවවීමට නම් මාස 06ක් යනතුරු ඖෂධ ලබාගත යුතුය.
ඒ අනුව ඍජු නිරීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය (DOT) ලෙස රෝගියා තමන්ට නියමිත බෙහෙත් පෙති කිහිපය ඖෂධ ලබාදෙන තැනැත්තෙකු ඉදිරියේදී ගිලීම සිදුකරනු ලබයි.
නිසි මාත්‍රාවෙන් දිනපතා නිවැරදිව ප්‍රතිකාර නොගැනීමෙන් මෙන්ම නිසි අයුරින් නිෂ්පාදනය හා ගබඩා නොකළ ඖෂධ ගැනීමෙන් මෙම රෝග කාරකය සාමාන්‍ය‘යෙන් ලබාදෙන ඖෂධවලට ප්‍රතිරෝධය දක්වන තත්ත්වයකට පත්විය හැකිය. ඒ අනුව ක්ෂය රෝගය සඳහා ලබාදෙන Rifampicianසහ Isoniazid යන ප්‍රබල ඖෂධ දෙකටම ප්‍රති‘රෝධී තත්ත්වයක් ඇතිව රෝගියා බහු ඖෂධ ප්‍රති‘රෝධී තත්ත්වයට පත්වේ.
මේ තත්ත්වයට පත්වූ රෝගියෙකු ඇසුරු කිරීමෙන්ද එම තත්ත්වයට යමෙකු ගොදුරුවිය හැකිය. මෙවැනි තත්ත්වවලදී සාමාන්‍ය ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ නොව ඉතා මිල අධික, අතුරු ආබාධ අධික ඖෂධ වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් ලබාදීමට සිදුවනු ඇත.
මෙම අවාසනාවන්ත බැරූරුම් තත්ත්වයට ගොදුරුවූ රෝගීන් ඉන්දියාව, චීනය ඇතුළු රටවලින් ලක්ෂ 05ක් පමණ වාර්තා වී ඇත.
2016 වසර තෙක් මෙරට එවැනි රෝගීන් 81 දෙනෙකු වාර්තා වී ඇත. නමුත් අවධානය යොමුකළ යුතු තත්ත්වය වන්නේ 2016 වසරේදී පමණක් මෙම තත්ත්වයට ගොදුරුවූ නව රෝගීන් 17 දෙනෙකු සොයාගැනීමයි.
මෙම රෝගීන් සඳහා විශේෂිත වාට්ටුවක් වැලිසර ළය රෝහලේ පවත්වාගෙන යයි. ඍජු නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර පැහැර නොහැරීමට හා නියමිත මාත්‍රාවෙන් ලබාගැනීම මගින් මෙන්ම බහු ඖෂධ ප්‍රති‘රෝධී රෝගීන් ඇසුරු නොකිරීමෙන් මෙම රෝගය මර්දනය කළ හැකිය.
අප සැලකිලිමත් ද?
ක්ෂය රෝගයට හේතුවන බැක්ටීරියාව අන් බැක්ටීරියා මෙන් නොව ශරීරයෙන් පිටත පවා සජීවීව පැවතිය හැකි භයානක බැක්ටීරියාවකි. මේ හේතුව නිසා අප අතර තවමත් හඳුනා නොගෙන සිටින 4,500ක් පමණ වන රෝගීන් අවට පරිසරයට මෙම මාරාන්තික බැක්ටීරියාව එකතු කරමින් සිටින බව සිහියේ තබාගත යුතුය.
බොහෝ ක්ෂය රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවන්නේ සමාජය තුළ ක්ෂය රෝගය කෙරෙහි අනවශ්‍ය බියක් හා කුළුගැන්වීමක් ඇති කරගෙන සිටින නිසාවෙනි. විශේෂයෙන් ක්ෂය රෝගය පරම්පරාගත රෝගයක් ලෙස වැරදි සහගත මතයක් අප අතර පවතින අතරම, එය සුවකළ නොහැකි රෝගයක් ලෙසද වැරදි මතයක් ගොඩනගාගෙන තිබේ.
මේ හේතුව නිසාම අප රටට සෞඛ්‍ය දත්ත අතර යහපත් අගයක් පෙන්නුම් කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කෙරේ.
2035 වසර වනවිට ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කරා යන ගමනේදී ක්ෂය රෝගය තුරන් කිරීමටද එයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි.
මේ හේතුව නිසාම ජනතාව ලෙස අපි,
- ක්ෂය රෝගය හඳුනාගත් විගස සුවය ලබන ප්‍රතිකාර සඳහා යොමුවීමට වගබලාගතයුතුය.
- එසේම අදාළ රෝග ලක්ෂණද, පරීක්ෂණ හා ප්‍රතිකාර පිළිබඳ අන් අය දැනුම්වත් කළ යුතුය.
- සුවකළ හැකි මේ රෝගය වැලඳීම ලැජ්ජාවට කරුණක් නොවන බවද, කිසිවෙකුගේ වරදින් සිදුවන දෙයක් නොවන බවද වටහාගැනීම මෙන්ම වටහාදීමද සිදුකළ යුතුය.
- රෝගය හඳුනාගැනීම හා ප්‍රතිකාරවලට යොමුවීම මෙන්ම තම හිතවතුන්ද ඒ සඳහා යොමු කළ යුතුය.
- රෝගය හඳුනාගැනීමේදී හා ප්‍රතිකාර කිරීමේදී දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතුය.
- සෙම පරීක්ෂණ සඳහා සම්පල කිහිපයක් ලබාදිය යුතුය.
- රෝගය තමන්ට වැලඳී ඇතිවිට අන්‍යයන්ට බෝවීම අවම කරගැනීම සඳහා සෞඛ්‍ය සේවකයන් ලබාදෙන උපදෙස් නිසිපරිදි පිළිපැදිය යුතුවේ.
- විශේෂයෙන් රෝගී මව කහින අවස්ථාවල මුව ආවරණය කරගැනීමත්, රෝගියෙකු කහින අවස්ථාවක අසල සිටින ඔබ විෂබීජය බෝවීමෙන් වැළකීම සඳහා මුව ආවරණය කරගැනීමත් යෝග්‍ය වේ.
- ක්ෂය රෝගීන් කොන් නොකළ යුතුය.
- රෝගීන් තැන තැන කෙළ ගැසීමෙන් වැළකිය යුතුය.
- මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුය.
- දියවැඩියාව, ඇදුම වැනි කල්පවතින රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර නිසිලෙස ලබාගත යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd