Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සෑම වර්ෂයකම රජය විසින් ඉදිරිපත් කරන අයවැය පොරොන්දු පුළුල් ලෙස සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වන නමුත්, එකී පොරොන්දු සැබෑ ලෙසම රජය විසින් ඉටු කරන්නේද යන්න සමාජයේ මතුවන පොදු ගැටලුවකි. ඒ පිළිබඳ සාකච්ඡා, සංවාද වැඩසටහන් පවා ඇතිවනුයේ ඉතාම අල්ප වශයෙනි. 2017 අයවැය වාර්තාව මුල්කර ගනිමින් %අයවැය පොරොන්දු - මැතිසබයෙන් ඔබ්බට^ යන මාතෘකාව යටතේ වෙරිටේ පර්යේෂණ ආයතනය විසින් එහි ප්‍රගතිය පිළිබඳ දත්ත වාර්තා සටහන් අන්තර්ගත කරමින් සිදුකළ අධ්‍යයනයේ අවසන් වාර්තාව පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී එළිදැක්වීය. රජය ක්‍රියාවට නංවන්නේ තමන් පවසන දෙයමද? රජය පවසන්නේ තමන් ක්‍රියාවට නංවන දෙයමද? යන ප්‍රධාන ප්‍රශ්න දෙක මූලික කර ගනිමින් මෙම පර්යේෂණ විශ්ලේෂණය සිදුකර තිබේ.
ඒ ඔස්සේ පර්යේෂකයන් ලබාගත් දත්ත මත ගම්‍ය වූ ප්‍රධාන නිගමනයක් වන්නේ රුපියල් බිලියන එකක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කරන ලද අයවැය පොරොන්දු අතරින්, පූර්ණ වශයෙන් නිමාකොට ඇත්තේ 8%ක් වැනි ප්‍රමාණයක් බවයි. එමෙන්ම ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ එකී පොරොන්දුවලින් 22%ක ප්රමාණයකි. ප්‍රමාණවත් ප්‍රගතියක් වාර්තා කරන්නට සමත් වී ඇත්තේ පොරොන්දු 24%ක් වැනි සුළු ප්‍රමාණයකටය.
මෙම පර්යේෂණයේදී අයවැය පොරොන්දු 37ක්, රුපියල් බිලියන 116, 910ක් සහ රාජ්‍ය ආයතන 24ක් විශ්ලේෂණයට බඳුන් විය. මෙම අයවැය පොරොන්දු වලින් අතහැර දමා ඇති ප්‍රමාණය 24%කි. අයවැය පොරොන්දු අතරින් 11%ක ප්‍රමාණයක ක්‍රියාකාරීත්වය සම්බන්ධ තොරතුරු ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරමින් පාසල් දරුවන් සඳහා රුපියල් ලක්ෂ 200,000ක් වටිනා රක්ෂණ ආවරණයක් සැපයීම.
රුපියල් මිලියන 1,500ක් වැය කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සූර්ය බලශක්තියෙන් ගෘහස්ථව විදුලිය නිපදවීම ධෛර්යමත් කිරීමට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 1,000ක මුදලක් වැය කරමින් නිවාස සඳහා පොලී සහනාධාරය ලබාදීම සිදුකර තිබේ.
එනමුත් 2017 වර්ෂයේ රජය දුන් අයවැය පොරොන්දු අතරින් මාර්ග ගාස්තු අය කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම, ආනයන අපනයන බැංකු පිහිටුවීම, නිවාස බැංකුවට අවශ්‍ය ප්රාග්ධනය යෙදවීම, සුළු පරිමාණ ව්‍යාපාරවලට පොලී රහිත මූල්‍ය පහසුකම් සැලසීම, කරාපිටිය- අම්පාර සහ යාපනය යන රෝහල්වල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම, ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීම හා දායක විශ්‍රාම වැටුප් ක්‍රමය යනාදී පොරොන්දු ගණනාවක් රජය විසින් ක්‍රියාත්මක කිරීම අතහැර දමා තිබේ.
ඇතැම් අයවැය පොරොන්දු පිළිබඳ එකී අමාත්‍යාංශ විසින් තොරතුරු හෙළිකිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි යෝජනා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. එනම්,
අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වන එක පාසලකට උපරිම වශයෙන් පරිගණක 50ක් බැගින් කුලී පදනම මත පරිගණක ලබාගැනීම.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ අයත් වන පොලිස් දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබා දීම.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් සේවා පියස ඒකක 1000 පිහිටුවීම.
මුදල් අමාත්‍යාංශයට අයත්වන අසාර්ථක වන මූල්‍ය සමාගම්වලට සහාය වීම සඳහා මූල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක් පිහිටුවීම.
එමෙන්ම ප්‍රගතිය දුර්වල වූ යෝජනා 11%ක් පමණ තිබෙන අතර, සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරගෙන ඇත්තේ 8%ක ප්රමාණයකි.
මෙම අධ්‍යයනය මගින් පර්යේෂණ කණ්ඩායම අවධානය කරන්නේ පොරොන්දුවල විනිවිදභාවය ඉහළ නැංවීම, පොරොන්දු ඉටුකිරීම රජය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විනිවිදභාවය ඉහළ නැංවීම සහ මේ කරුණු සම්බන්ධ මහජන වාද විවාද හා සාකච්ඡාවන්ද ධෛර්යමත් කිරීමයි.
රටක ජාතික අයවැය යනු රජයේ ආර්ථික හා ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් පිළිබිඹු කරන්නකි.
විගණනය කිරීම, ආදී අදියර 4කින් සැදුම්ලත් අයවැය ක්‍රියාවලිය වාර්ෂිකව නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව තුළ කතාවක් ලෙසින් ඉදිරිපත් වේ. අයවැය කතාව පිළිබඳ ඇති ඉහළ අවධානය පාර්ලිමේන්තුව අයවැය අනුමත කිරීමෙන් පසු ක්ෂණයෙන් පහළ බසින අතර, එකී අයවැය අනුමත වීමට ප්‍රථම සිදු වූ සංශෝධන පිළිබඳව හෝ රජය ඒවා ක්‍රියාත්මක කිරීම කොතරම් දුරට සිදුකරනවාද යන්න පිළිබඳ විමසා බලන්නේ නම් ඒ ඉතා සුළු ප්රමාණයකි. මෙම අවම විවෘතභාවය හා ආණ්ඩුව මහජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම මත වගකිවයුත්තන් ලෙස එකී කාර්යභාරයද මගහරවා තිබේ. නමුත් එහි ප්‍රගතිය විමසා මෙලෙස අධ්‍යයනයක් සිදුකිරීම තුළින් රජයේ පොරොන්දු ඉටුකිරීමේ විනිවිදභාවය ඉහළ ප්‍රතිශතයක් ගනු ලබයි. එම නිසා මෙවැනි පර්යේෂණය එක්තරා ආකාරයකින් රජයට සපයන්නා වූ මාර්ගෝපදේශනයකි.
මෙම පර්යේෂණය මගින් අයවැය යෝජනාවල ප්‍රගතිය පමණක් නොව එහි විවෘතභාවයද මේ යටතේ අධ්‍යයනයට භාජනය කර තිබේ. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා කිසිදු රාජ්‍ය නිලධාරියෙකු හෝ අමාත්‍යාංශ නිලධාරියෙකුගෙන් වාචික තොරතුරු ලබාගෙන නොමැති අතර, මේ සෑම දත්තයක්ම ඒ ඒ අමාත්‍යාංශ මගින් ලබාගත් දත්ත වාර්තා මත පදනම්ව සිදුකර ඇත. එහිදී ඇතැම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කොට ලබාගැනීමට පර්යේෂක කණ්ඩායමට සිදුවිය.
ඇත්තෙන්ම තොරතුරු දැනගැනීම පුරවැසියාගේ මානව අයිතියකි. එකී අයිතිය තුළ රාජ්‍ය ආයතන එයට කොතරම් ගරු කරන්නේද, නැතිනම් එය නොසලකා හරින්නේද යන්නද මෙම පර්යේෂණයේදී අනාවරණය කරන ගැනීමටත් ඔවුන්ට හැකි විය. ඒ අනුව 2017 වර්ෂය අවසන් වන විට අයවැය පොරොන්දු ඉටුකිරීමේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම %විවෘතභාවය^ යන මාතෘකාව යටතේ අධ්‍යයනය කෙරිණි. මෙම පොරොන්දු ඉටුකිරීමේ ප්‍රගතිය මන්දගාමී වුවද, පොරොන්දුවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති බව මෙම අධ්‍යයනය තුළින් අනාවරණය කර ගැනීමට හැකි විය. ඒ අනුව පර්යේෂකයන්ට වර්ෂ අවසානයේ තොරතුරු ලබාගත නොහැකි වූයේ අයවැය පොරොන්දුවලින් 11%ක පමණ ප්‍රමාණයකට පමණි.
ඒ අනුව අයවැය පොරොන්දු 56%ක ප්‍රමාණයක් පිළිබඳ විවෘතභාවයක් එකී වගකිවයුතු ආයතනයන් දැරීම ප්‍රශස්තය. නමුත් තොරතුරු විවෘතව ඉදිරිපත් කිරීමට එම ආයතනය සමත් වුවත් එකී පොරොන්දුවලින් ඉටුකර ඇත්තේ 8%ක් වැනි ප්රමාණයකි. වැඩි ප්‍රතිශතයක් එනම්, 24%ක ප්‍රමාණයක් අතහැර දමා ඇති අතර, තවත් 24%ක ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රගතියක් ඉටුකර තිබේ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය විසින් රුපියල් මිලියන 15,000ක් වෙන්කළ මාර්ග ගාස්තු අය කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ පොරොන්දු පිළිබඳ තොරතුරු සැපයුවද එය ඉටුකර නොමැත. එමෙන්ම රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවීමට තිබූ ආනයන අපනයන බැංකුව පිහිටුවීමද සිදුකර නොමැත. රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවාස බැංකුවට අවශ්‍ය ප්රාග්ධනය යෙදවීමේ යෝජනාව ඉටුකර නොමැති අතර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් සුළු පරිමාණ ව්‍යාපාරවලට පොලී රහිත මූල්‍ය පහසුකම් සැලසීමේ යෝජනාවද අතහැර දමා තිබේ.
පසුගිය අයවැය පොරොන්දු ක්‍රියාත්මක කර තිබේද, නැතිද? එසේ සිදුකර තිබේ නම් එයට වියදම් වූ මුදල සහ එහි වාර්තා පිළිබඳ කිසිදු තොරතුරක් සැපයීමට අපොහොසත් වූ හා එය ප්‍රතික්ෂේප කළ පොරොන්දු ප්‍රමාණාත්මකව ගත් කල එය 11%ක ප්රමාණයකි.
රුපියල් මිලියන 10,000ක් වෙන් කළ අසාර්ථක වන මූල්‍ය සමාගම්වලට සහාය වීම සඳහා මූල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක් පිහිටුවීම, රුපියල් මිලියන 5,000ක් වෙන් කළ එක පාසලකට උපරිම වශයෙන් පරිගණක 50ක් බැගින් කුලී පදනම මත පරිගණක ලබාගැනීම, රුපියල් මිලියන 5,000ක් වෙන් කළ පොලිස් දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබාදීම සහ රුපියල් මිලියන 1,500ක වියදමෙන් %සේවා පියස^ ඒකක 1000ක් පිහිටුවීම පිළිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් නොකිරීමට එම අදාළ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඇතැම් පොරොන්දු ඉටු නොකෙරුවද සාධනීය මට්ටමින් තොරතුරු සපයා තිබේ. සාධනීය මට්ටමින් තොරතුරු සපයා ඇති ප්‍රමාණය අයවැය යෝජනා අතරින් 11%ක ප්රතිශතයකි. එයිනුත් අතහැර දමා ඇති පොරොන්දුවල සාධනීය තොරතුරු සපයා ඇති ප්‍රමාණය 75%ක් වැනි ඉහළ අගයකි. ආනයන අපනයන බැංකුව පිහිටුවීම, උතුරු පළාතේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැනි දේ ඇති අතර, ප්‍රගතිය සතුටුදායී පොරොන්දු සාධනීය මට්ටමින් තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ 25%ක් පමණි. ඒ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධන ක්‍රියාවලිය පමණි.
එමෙන්ම සීමිත තොරුතුරු 27%ක ප්‍රමාණයක් අයවැය පොරොන්දු අතර වේ. ඒ අනුව,
රුපියල් මිලියන 15,000ක විශේෂිත ලේඛන ආරක්ෂිත යතුරක් භාවිතය මගින් දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම.
රුපියල් මිලියන 5,000ක විද්‍යාගාර උපකරණ හා ලී බඩු ඇතුළත්ව පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
රුපියල් මිලියන 5,000ක උසස් පෙළ ගුරුවරුන්ට හා සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම.
රුපියල් මිලියන 5,000ක උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නිවාස ව්‍යාපෘතිය.
රුපියල් මිලියන 3,000ක සෑම නගරයකම නවීන පහසුකම් සමානව සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාත්මක සැලසුමක් සැකසීම.
රුපියල් මිලියන 2,000ක සියලුම පාසල් සඳහා මූලික පහසුකම් වන ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම.
රුපියල් මිලියන 1,000ක කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම.
රුපියල් මිලියන 1,000ක ලෝක වෙළෙඳ පොළ කේන්ද්‍ර කරගත් ආයෝජන, සංචාරක සහ අපනයන වර්ධනය කිරීම.
රුපියල් මිලියන 1,000ක ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීම.
රුපියල් මිලියන 1,000ක නිවාස සඳහා පොලී සහනාධාර ලබාදීම ආදී පොරොන්දු පිළිබඳ වගකිවයුතු ආයතන තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකිනි.
මෙම පොරොන්දුවල විවෘතභාවය මැනීමේදී ප්රශස්ත මට්ටමින් තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ 16%ක ප්රමාණයකි. එකී ප්රශස්ත මට්ටමින් තොරතුරු සැපයූ ආයතන හා පොරොන්දු පහත පරිදි දැක්විය හැකිය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය - මාර්ග ගාස්තු අය කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය - තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබාදීම.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව - ගොල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීම් සිදුකිරීම.
අධ්‍යාපන අමාත්‍යාංශය - පාසල් දරුවන් සඳහා රුපියල් 200,000ක් වටිනා රක්ෂණාවරණයක් සැපයීම.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය - ලක් සතොස සහ ඔසුසල බලයලත් වෙළෙඳ සැල් ජාලය පුළුල් කිරීම.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය - දායක විශ්‍රාම වැටුප් ක්‍රමය.
මේ අයුරින් ජනතාවට ලබාදෙන පොරොන්දු හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් නැවතත් කෙතරම් ජනතාවට පාරදෘශ්‍ය වන්නේද යන්න මෙයින් මොනවට පැහැදිලි වේ.
එමෙන්ම 2017 වර්ෂය තුළදී අයවැය පොරොන්දු අතරින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වූ අංශය නම්, මූල්‍ය අංශයයි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 24.3%ක අගයකි. මීට අමතර වැඩි වශයෙන් මුදල් වෙන්වූ අංශ ප්‍රමාණාත්මකව හඳුනාගත් විට, එය පිළිවෙළින්.
- මූල්‍ය අංශය - 24.3%
- ආරක්ෂක අංශය - 13.2%
- පළාත් සභා හා පළාත් පාලන අංශය - 9.9%
- රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණ අංශය - 9.8%
- උසස් අධ්‍යාපන හා මහා මාර්ග - 7.6%
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය - 7.5%
- අධ්‍යාපන - 3.6%
- නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධනය - 3.2%
- මහවැලි සංවර්ධන හා පරිසර - 2.6%
- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා - 2.4% ලෙස දැක්විය හැකිය.
මෙම අයවැයේ අන්තර්ගත පොරොන්දු කොටස් පහක් ඔස්සේ වර්ග කරන අතර, ඒවා ප්‍රතිශත වශයෙන් ඉදිරිපත් කර තිබේ. මෙහි වැඩි ප්‍රතිශතයක් එනම්, 36%ක් අන්තර්ගත වන්නේ ඉදිරි වසර සඳහා මුදල් වෙන් කිරීම් සමග වියදම් යෝජනාවන්ය. එමෙන්ම ප්‍රතිපත්ති නිර්දේශයන්, ක්‍රියාවලීන්, රෙගුලාසිවල වෙනස්කම් 30%ක ප්‍රමාණයක් අන්තර්ගත වේ. යෝජනා, ප්‍රතිපාදන, සෘජු ක්‍රියාමාර්ග අඩංගු නැති සුන්දර ප්‍රකාශ 24%ක ප්‍රමාණයක් තිබේ. 8%ක ප්‍රමාණයක් ඉදිරි වසර සඳහා ආදායම් යෝජනා ඇතුළත් වේ. අවසාන වශයෙන් පසුගිය රජයන් හා සැසඳීම තුළ දේශපාලන ප්‍රකාශ 2%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ගතව තිබේ.
මෙම අයවැය පොරොන්දු මගින් 18.2%ක ප්‍රමාණයක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු සඳහා වෙන්කර තිබේ. එය එවර අයවැයේ අමාත්‍යාංශයකට හිමිවූ ඉහළම අගයයි. ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 14.4%ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. එයට අමතරව, මූල්‍ය 8.9%, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් 10.7%ක්, කෘෂිකර්ම 2.8%ක්, නගර සැලසුම් හා ජල සම්පාදන 3.0%ක්, නිවාස සහ ඉදිකිරීම් 3.6%ක්, නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධනය 4.3%ක්, පළාත් සභා හා පළාත් පාලන 4.6%ක් හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන 5.4%ක් වශයෙන් වෙන් කර තිබේ.
සමස්ත පර්යේෂණය තුළදීම පර්යේෂකයාට තොරතුරු ලබාදෙමින් වඩා විවෘත රාජ්‍ය සේවයක් සිදුකළ ආයතනද මෙම පර්යේෂකයන් විසින් පෙළගස්වා ඇති අතර, රාජ්‍ය ආයතන අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන ඒ අතරින් ප්රමුඛ වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd