ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ලෝකයේ විවිධ වූ හැකියාවන් ඇති සුවිශේෂී කලාකරුවන් පිළිබඳව අපි මෙම ලිපි මාලාව තුළින් පාඨකයන් වෙත ගෙන එනු ලැබුවෙමු. අදත් එවැනි කලාකරුවෙකු පිළිබඳව තොරතුරු ගෙන ඒමටයි සූදානම් වන්නේ.
Debra Bernier යනු එවන් වූ සුවිශේෂී හැකියාවක් ඇති කලාකාරිනියකි. කැනඩාවේ උපන් ඇය විශේෂ වූ හැකියාවක් දක්වන්නේ ස්වාභාවිකව පිහිටා ඇති දේ නිර්මාණයක් කිරීමයි. එහිදී ඇය විසින් එම ස්වාභාවික වූ වස්තූන්ට හානි නොවන පරිදි සිය කලා හැකියාවෙන් එය නැවතත් පෝෂණය කරනු ලබයි. මූර්ති ශිල්පිනියක් වන ඇය ස්වාභාවිකව පිහිටා ඇති ආකෘතීන් සඳහා ඇයගේ නිර්මාණය දායකත්වය ලබාදෙනු ලබයි.
කුඩා කාලයේ සිටම ඇය ස්වාභාවික සම්පත් පිළිබඳව දැඩි විමසිල්ලක් දක්වා තිබේ. තම නිවසේ වුවද ඇති ගස්වැල් සඳහා ඇය බොහෝ සේ සාත්තුකරන තිබෙන බව සඳහන් වෙයි. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු තම පවුලේ ව්‍යාපාරය බාරගැනීමට ඇය අවස්ථාව උදාවිය. නමුත් ඇය කිහිපදිනක් එම ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව එයින් ඉවත් වීමට තීරණයකර තිබේ.
අනතුරුව ඇය මූර්ති නිර්මාණය සඳහා යොමුව තිබේ. ඇය යම්කිසි මූර්තියක් නිර්මාණය කරනු ලබන්නේ අවශ්‍ය පුද්ගලයාට, අවශ්‍ය ස්ථානය තුළදීමය. එයට හේතුව ස්වාභාවික පිහිටා ඇති වස්තූන්ට හානිකිරීමට ඇය තුළ ඇති අකමැත්තයි. ඇය විසින් කරනු ලැබූ මූර්ති නිර්මාණයන්හි ඡායාරූප ඇය සිය වෙබ්අඩවිය ඔස්සේ අලෙවි කරනු ලබයි. එම ඡායාරූපයන් ඇමෙරිකානු ඩොලර් 300 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරයි. කෙසේවුවද දක්ෂ හැකියාව සහ ස්වභාවධර්මයට ඇති ආසාව සමගින් බිහිවන මෙවැනි නිර්මාණයන් දැකීමට හැකිවීම විස්මයජනකය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd