ජයන්තා රණවක යනු ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රය තුළ අංග රචනා අංශයේ සිටින ප්‍රවීණ කලාකරුවෙකි. අංග රචනා කලාවට මෙන්ම අභිනය රංග කලාවටද නව ශිල්පීය තාක්ෂණයන් හඳුන්වා දෙමින් තමන් විදේශයන්ගෙන් උගත් දැනුම මෙරට තුළ ස්ථාපනය කර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෙක් එම ක්ෂේත්රයන් මොහු විසින් ඉහළ නංවා ඇත. සංස්කෘතික අමාත්‍යාංශයේද සහාය ඇතිව ඔහුගේ මීළඟ උත්සාහය වන්නේ අභිනය රංග කලාවට දක්ෂ පිරිස් සොයා යෑමය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමග කෙරුණු කතාබහකි.
Q වර්තමානය සහ අලුත් වැඩකටයුතු සිදුවෙන්නේ කෙලෙසින්ද?
මහා ලොකු කාර්යබහුලත්වයක් නැහැ. 'ආලෝකෝ උදපාදී' සහ 'බන්ධනයට' පස්සෙ චිත්‍රපට වැඩවල එතරම් නියැළුෙණත් නැහැ. මේ දවස්වල යම් තරමක කාර්යබහුලත්වයක් තියෙන්නේ අධ්‍යාපන තරගවල විනිශ්චයකරුවෙක් විදිහට සම්බන්ධ වීමයි. ඊට අමතරව මම සමස්ත ලංකා අභිරූපණ තරගාවලිය නමින් තරගාවලියක් කරන්නට සැලසුම් කරගෙන ඉන්නවා. මේ වෙනුවෙන් 'අද' පුවත්පත, 'තරුණයා' පුවත්පත සහ 'විජය' පුවත්පත මාධ්‍ය ආවරණ ලබාදෙනවා. ඒ වගේම මම තරගාවලියේ අනිකුත් වැඩකටයුතු සහ ත්‍යාග වැනි දේ සඳහා අනුග්‍රාහකයෙක් බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ මම මුහුණු පොතෙත් ඉල්ලීමක් කළා.
Q මෙවැනි තරගාවලියක අරමුණ කුමක්ද?
මෙය සංවිධානය කරන වගකීම මම අරගත්තේ විශේෂ කරුණු කිහිපයක් උඩයි. පළමු දේ වන්නේ මේ විෂය මම විසින් හඳුන්වා දුන්නක්. අද වනවිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා මේ විෂය ප්‍රවර්ධනය කරලා තියෙනවා. නමුත් ශිල්පීය වශයෙනුත් මෙය දියුණු විය යුතුයි. එහි ශිල්පීන්ට ඉදිරියට යන්නට මාවතක් තිබිය යුතුයි. දෙවැනි අරමුණ එයයි. අපි ක්‍රිකට්වලින් ජාත්‍යන්තරය ජයගත්තට රූපණ ශිල්පීන්ට එයට අවස්ථාවක් ලැබුෙණ් නැහැ. රූපණ විෂයට මූලික වෙන්නේ අභිනය රංග කලාවයි. එයිනුයි අභිරූපණය කියන නාට්‍ය කලාව බිහිවෙන්නේ. අන්න ඒ තරම් විශේෂ අභිරූපණ රංග කලාව වෙනුවෙන් සමස්ත ලංකා තරගාවලියක් නැහැ. පාසල් තරගාවලියේදීත් මම දැක්කා ළමයින් ගාව පුදුම කුසලතාවක් තියෙන බව. එය මේ වනවිට නවත්වලා තියෙනවා. හැකියාවන් ඇති ළමයින්ගේ අනාගතයට එය විශාල හානියක් විදියට මම දකිනවා. ඒකත් තරමකින් මෙයට හේතුවුණා. ඒ වගේම පාසල් මට්ටමින් පස්සෙ ශිල්පියෙකුට යන්නට පුළුවන් වෙන්නෙ ජාතික තරුණ සේවා සභාවේ තරගාවලියටයි. එයත් අවුරුදු 30 සපිරෙන තුරු පමණයි. කුසලතාව කියන්නෙ දවසින් දවස වර්ධනය වියයුතු දෙයක්. ඒ නිසා මම විවෘත තරගයක් නිර්මාණය කළා. ඉන්පසුව අපේ ශිල්පීන්ව ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.
අපිට ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි විශිෂ්ට ශිල්පීන් සිටියත් අපිට භාෂාවත් එක්ක ජාත්‍යන්තරයට යන්නට සීමාවක් පැනවෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි චාලි චැප්ලින්. කිසිම වචනයක් කතා නොකර ඔහු ජාත්‍යන්තරය ජයගත්තා. ඒ තමයි රූපණයේ විශේෂත්වය.
Q මෙහි තරග සැලැස්ම මොනවගේද?
දැනට අපේ සැලසුම වෙන්නේ ඔක්තෝබරයේ 21 සහ 22 දිනවලදී අපගේ ආයතනය තුළ අයැදුම්කරුවන් ලියාපදිංචි කරවීමයි. අපි අයදුම්පත් පාසල්වලට යවා තිබෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ වගේම බොහෝ පිරිස් දැනුම්වත් කර තිබෙනවා. ඒ අනුව 21 සහ 22 වැනිදා අපි යම් තෝරා ගැනීමක් සිදුකරනවා. ඉන්පසු තෝරාගත් පිරිස තරගාවලියට ඉදිරිපත් කරනවා. එය වට තුනකින් යුක්තයි. පළමු දිනයේ පැමිණෙන ප්‍රමාණය අනුව අපි පවත්වන ස්ථාන පිළිබඳව තීරණයකට එන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රාථමික, කනිෂ්ඨ, විවෘත සහ කණ්ඩායම් ලෙසින් ශීර්ෂ හතරක් යටතේ තරග පැවැත්වෙනවා. පළමු වටයට එක් ශීර්ෂයකින් 20ක් වගේ තෝරාගැනීමට නියමිතයි. දෙවැනි වටයේදී ඒ විස්සෙන් එක් ශීර්ෂයකින් පහක් තෝරාගන්නවා. අවසන් වටයේදී එම පස්දෙනා අතුරින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන තෝරනවා. ඉතිරි ස්ථාන දෙකට කුසලතා සහතිකයක් පිරිනමනවා. ඒ වගේම විවෘත අංශයේ සාමාජිකයන්ට කණ්ඩායම් තරගයට සහභාගි විය නොහැකි බවත් සිහිපත් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ ෙභ්දයක් නැහැ. ඔවුන්ව අපගේ අභිනය රංග කලා කණ්ඩායමට සම්බන්ධ කරගෙන රට පුරා ප්‍රසංග පැවැත්වීමටත්, ජාත්‍යන්තරයට ගෙන යෑමටත් සියලු කටයුතු සිදුකරනවා.
Q මෙම තරගාවලියට සම්බන්ධ වන්නට පුළුවන් කාටද?
විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ රූපණ කලාවට ලැදි අයට. රංගනය කියන ක්ෂේත්රයට ආසාවක් තියෙන සෑම කෙනෙකුටම එයාලගෙ අභිරූපණ හැකියාවන් හරහා මෙහි තරග කරන්නට පුළුවන්. රූපණ ලලිත කලා ආයතනය, පරණ පාර කොට්ටාව, පන්නිපිටිය ලිපිනයෙන් වගේම 0112 842516/0724362304 දුරකථන අංකයන්ගෙනුත් වැඩි විස්තර විමසීමට හැකියි.