සජාඩ් හසාන් යනු ශ්‍රී ලාංකිය ගායක ක්ෂේත්රයෙහි ඉදිරියට එමින් සිටිනගායන ශිල්පියෙකි. සංගීතඥයෙකි. මේ ඔහුගේ නිර්මාණ කටයුතු පිළිබඳව සිදුකෙරෙන කතාබහක දිගහැරුමකි.
මොකද්ද ඔබේ අලුත්ම වැඩකටයුත්ත ?
මගේ නවතම නිර්මාණය තමයි 'මට කියන්න නම් එපා -2' වීඩියෝව. මෙය රීමෙක් Live orchestral version එකක්.මෙම විඩියෝවෙහි විශේෂත්වය තමයි 'මට කියන්න නම් එපා I' වීඩියෝවේ වර්ධිත පියවරක් වීම.කලින් වීඩියෝවේ පෙම්වතියට රඟපාන යුවතිය මියයනවා. ඊට අවුරුදු 5කට පසුව මේ ගීතය කොහාටද යන්නේ, ඒ කතාව කොහෙන්ද කෙළවර වෙන්නේ කියනෙක තමයි මෙම විඩීයෝවේ අන්තර්ගත වෙන්නේ. ඔබට එය නරඹාම තේරුම්ගත හැකියි.
ඉංග්‍රිසී හුරුවට ගීතයක් නිර්මාණය කරල තියෙනවද?
තවම නෑ. ඉදිරියේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ලැරී වෙරාන් මගේ 'කාදලියේ' ගීතය දැකල මට ඊමේල් එකක් එවල තිබුණා. ඔහුට එහි ‘remix' එකක් කරන්න අවශ්‍යයි කියලා. එහි වැඩකටයුතුත් මේ දිනවල කරගෙන යනවා. 'දෑසේ වෙළීමා' ගීතයේ දෙමළ මාධ්‍ය ගීතය වන 'කන්නිල් කන්නිල්' ගීතයට සෑහෙන්න ප්‍රතිචාර තිබෙනවා.
ඔබ දන්නා තාක්ෂණ දැනුම ප්‍රවීණ නිර්මාණකරුවන් එක්ක බෙදාගන්න අදහසක් නැද්ද?
Star friend’s තාක්ෂණය බොහෝ ගායක ගායිකාවන්ට වගේම නළු නිළියන්ටත් තිබෙනවා. එයින් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. අන්තර්ජාලය සමගයි එය බොහෝ සෙයින් බද්ධ වී තිබෙන්නේ. එමගින් රසිකයන් අපට සමීප කරනවා. එය ඇත්තටම අලුත් අත්දැකීමක්.
සංගීත අධ්යක්ෂණ කටයුතු ?
ඉස්සර නම් මම කරපු තනු අනිත් අයට දෙන්න ලෝබයි. ඒවා මගේම නිර්මාණවලට යොදා ගත්තා. නමුත් මේ වසරේ සිට හිතාගත්තා මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදියට එළියට එන්න. ඒ අනුව කිහිප දෙනෙකුටම ගීත කිහිපයක් කරනවා. මා ලවා තනු හා සංගීත අධ්යක්ෂණ කටයුතු කරගන්න කැමති අයට මාව සම්බන්ධ කරගන්න පුළුවන්.