විවිධ අංශවලින් ලෝකය තුළ දස්කම් විදහා දක්වන දරුවන් අතරේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා කුඩා දරුවෙකු ලෙස Kaitlyn Maher හැඳින්විය හැක. ඇයගේ දක්ෂතාව හේතුවෙන් ගායන ලෝකයේ තරුවක් බවට පත්ව ඇත.
ඇමෙරිකානු ළමා ගායිකාවක වන Kaitlyn Maher උපත ලැබුවේ 2004 වර්ෂයේදීය. මේ වනවිට ඇයගේ වයස අවුරුදු 11කි. ගායන තරුවක් ලෙස වැජඹෙන ඇය 2007 වර්ෂයේදී ගායන ක්ෂේත්රයට පිවිසි තරුවකි. 2008 වර්ෂයේදී, එනම් ඇයට අවුරුදු 04 දී ඇමෙරිකානු ගායන රියැලිටි වැඩසටහනක් වන America's Got Talent තුන්වැනි අදියර සඳහා ඇය සහභාගී විය. එම ගායන තරගයෙන් හොඳම තිදෙනා අතරට ඇය තේරීපත්විය.
එම තරගයේදී අනෙක් ළමා ගායක ගායිකාවන් ඔවුන්ගේ නොවන ගීත ඉදිරිපත් කළ අතර, Kaitlyn Maher තමන්ම නිර්මාණය කළ ගීත ඉදිරිපත් කළාය. ඇයට වයස අවුරුදු හතරේ සිටම ඇය ගීත ගායනයට මෙන්ම ගීත රචනයටද දක්ෂතා පෙන්වා ඇත.
ඇයට විශේෂ අවස්ථාවක් ලබාදුන් America's Got Talent තරගයේ අවසාන වටයේදී ඇය විසින් නිර්මාණය කරනු ලැබූ Somewhere Out There ගීතය ගායන කළාය. 2008 වර්ෂයේදී නත්තල් සමයේ ඇමෙරිකාවේ නිර්මාණය කළ National Christmas Tree යනුවෙන් හඳුන්වන විශාල නත්තල් ගස විවෘත කිරීම සඳහා ඇයට ආරාධනා ලැබී ඇත. එවකට ඇමෙරිකා ජනපති වූ George W. Bush සහ ළමා ගායිකව වන Kaitlyn Maher ඇතුළු ආරාධිත අමුත්තන් 7000 ක් මේ සඳහා සහභාගී වී ඇති බව වාර්තා වේ.
Compassion International ආයතනය විසින් ඇයව පළමු ළමා තනාපතිනිය ලෙස නම් කරන ලදී. 2009 වර්ෂයේදී Santa Buddies ත්‍රිමාන ළමා චිත්‍රපටයට ඇය හඬකැවීම් අතින් දායකත්වය ලබාදුන් අතර, 2010 වර්ෂයේදී Treasure Buddies ළමා චිත්‍රපටය සඳහා හඬ දායකත්වය ලබාදුන්නාය. ඉන්පසු ඇය 2015 වර්ෂය දක්වාම චිත්‍රපට 8ක් සඳහා හඬකැවීම් අංශයෙන් දායකත්වය ලබාදී තිබේ. 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත How the Grinch Stole Christmas! චිත්‍රපටය සඳහාද ඇය හඬකැවීම් දායකත්වය ලබාදී තිබේ.
ජනප්‍රිය ළමා චිත්‍රපටයක් වන Frozen චිත්‍රපටයට සඳහා ඇය ගායනයෙන් දායකත්වය ලබා දී ඇත. ඇය විසින් නිර්මාණය කර එළිදක්වන ගීත Youtube වෙබ් ජාලය ඔස්සේ නැරඹීමට හැකියාව ඇති අතර, ඇයගේ වෙඩ් අඩවිය ඔස්සේ ඇගේ ගීත ඇල්බම මිලදී ගැනීමටද අවස්ථාව ලබා දී ඇත. එම මිලදී ගැනීම්වලදී එම මුදලින් යම් ප්‍රමාණයක් ළමා අරමුදලක් සඳහාද වෙන්වන බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
www.kaitlynmaher.com