ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ලෝකයේ නිල වශයෙන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රාසාංගික කලා තරගාවලිය වන World Championship of Performing Arts තරගාවලිය සඳහා ලංකාවෙන් ප්‍රථම වරට නියෝජනය කිරීමට තමාට හැකිවූ බව ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ප්‍රකාශ කළාය.
එම තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැති අතර එම අවස්ථාවේදි ඇය මේ පිළිබඳව සඳහන් කළාය.
“මෙම තරගාවලිය සඳහා ලෝකයේ සෑම රටකටම සභාගි විය හැකියි. මෙවර එය පැවැත්වෙන්නේ විසිවැනි වරට. මෙවර එය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ලොන් බ්ච් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත අතර, එය අංශ හතරකින් සමන්විතයි. ඒ රංගනය, නර්තනය, ගායනය හා නිරූපණය යන අංශයි. මම සහභාගී වන්නේ රංගනය සඳහා. මට රංගනය පිළිබඳ වසර දොළහක පළපුරුද්දක් තියෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන ලංකාවට කීර්තියක් අත් කරදීම තමයි මගේ බලාපොරොත්තුව.
වෙනත් රටවල්වලින් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් වශයෙන් සභාගි වෙනවා. දකුණු අප්‍රිකාවේ කණ්ඩායමේ සාමාජිකයන් හතළිහක් සිටිනවා. ලංකාවෙන් සහභාගි වෙන්නේ මම විතරයි. මේක ආරම්භයක් විතරයි. ඉදිරියේදී අපේ රට නියෝජනය කිරීමට කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යැයි අයේන්ද්‍රා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය. සචිනි හෙට ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිතය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd