විවිධ මාධ්‍ය තුළින් නිර්මාණය වූ කලා නිර්මාණයන් සඳහා වටිනාකමක් හිමිවන්නේ හැකියාව ඇතත් එය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වන ක්‍රමය අනුවය. ඇතැම් නිර්මාණයන් කොතෙකුත් දුරට සංකීර්ණ වුවත් ඒවා ජනප්‍රියත්වයට පත්වන්නේ නැත. සමාජ මාධ්‍ය තුළින් බොහෝ කලාකරුවන්ගේ නිර්මාණයන් ජනප්‍රියත්වයට පත්වන හෙයින් ඇතැමුන්ට එය ජනප්‍රියත්වයට බොහෝදුරට බලපානු ලබයි. එවැනි කලාකරුවෙකු පිළිබඳව කතාබහ කිරීමටයි අද අප සූදානම් වන්නේ. ඔහු මෙන්ම ඔහුගේ නිර්මාණයන් වලද වෙනසක් ඇති හෙයින් ඔහු විසින් සිදුකරනු ලබන නිර්මාණයන් අද වනවිට බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ඔහු නමින් Gordon Pembridge නම් වෙයි. කෙන්යාවේ උපන් ඔහු බොහෝ කාලයක් ගතකර ඇත්තේ අප්‍රිකාවෙහිය. නමුත් ඔහුගේ අධ්‍යාපනය අවසන් වනතුරුම නවසීලන්තයේ පදිංචිව සිටි බව සඳහන් වෙයි. ඔහු සිය විනෝදාංශය ලෙස තෝරා ගනු ලැබුවේ ඡායාරූපකරණයයි. එහිදී ඔහු Wildlife Photography අංශය තුළ කැපී පෙනෙන පුද්ගලයෙකු වූ බව පැවසේ. තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් ඔහු අප්‍රිකාවට පැමිණ ඇත්තේ Wildlife Photography පිළිබඳව අවශ්‍ය මූලික දැනුමත් සමගිනි. Gordon වෘත්තිය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින්, සජීවී ත්‍රිමාණකරණය පිළිබඳ කටයුතු කරන්නෙකි. ඔහු නැවත නවසීලන්තයට පැමිණ 2004 වසරේදී වෙනස්ම වූ කටයුත්තක් සඳහා මුල පිරීය. ඒ කලා නිර්මාණකරණයයි. Gordon කලා නිර්මාණයන් පිළිබඳව අලුත් මාවතක් විවර කරනු ලැබීය. එනම් ඔහු ලී මගින් නිර්මාණ කලාවක් හඳුන්වා දුනි. ලී වලින් කරන ලද කැටයම් සහිත මල් බඳුන් ඔහුගේ නිර්මාණ විය.
Gordon 2004 වසරේදී නවසීලන්තයේ ඔක්ලන්තයේ කැටයම් කලාව පිළිබඳව හදාරා තිබේ. එහිදී ඔහු විසින් කැටයම් කලාව වෙනුවෙන් වෙනස් මාවතක් විවර කරනු ලැබීය. ත්‍රිමාණ කලාව තමන්ගේ වෘත්තිය වූ බැවින් මෙම කැටයම් කලාවට නවමු මාවතක් එක් කිරීමට Gordonට හැකි විය. සියුම් කැටයම් නිර්මාණයන් ඔස්සේ නිර්මාණය කරනු ලබන මෙම බඳුන් බොහෝ විට එක් සංකල්පයක් ඔස්සේ නිර්මාණය වනු ඇත. Gordon බොහෝ ලෙස පරිසරයට ආදරය කරනු ලබන පුද්ගලයෙකි. එම හේතුවෙන් ඔහුගේ විනෝදාංශය වූ WildLife Photography විෂයයද මේ සඳහා ඉවහල් කර ගැනීමට හැකි විය.
අලංකාර පරිසරයන්, සතුන් ඔහුගේ මෙම නිර්මාණ බඳුන් සඳහා යොදා ගනු ලැබීය. මේ හේතුව නිසාම ඔහුගේ නිර්මාණයන් සඳහා විශාල ප්‍රසිද්ධියක් සහ ඉල්ලුමක් ලැබුණි. තමන්ටම ආවේණික වූ සංකල්පයක් ඔස්සේ නිර්මාණ කලාවක් ඉදිරිපත් කරනු ලැබූ Gordon මේ වන විට තම වෘත්තිය ලෙස මෙම බඳුන් නිර්මාණ කලාව සිදුකරන බව සඳහන් වෙයි. අලංකාර පරිසර පද්ධතියක් හෝ ස්වාභාවික නිර්මාණයක් තමන්ගේ නිවස තුළ දැකගැනීමට හැකියාව ඇති පරිදි සජීවී නිර්මාණයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලබයි. එම කාරණාව හේතුවෙන් Gordonගේ නිර්මාණය සහ ඔහු පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතාබහ කරනු ලබයි.