ශානක තරුණ අධ්‍යක්ෂකවරයෙකු වුවත් කලක් තිස්සේ රංගන ක්ෂේත්රය තුළ අත්දැකීම් ඇති හැකියාවන් සහිත තරුණයෙකි. සිය මංගල සිනමා අධ්‍යක්ෂණය වන 'අපේ මිනිස්සු' සමගින් මේ දිනවල යළි කතාබහට ලක්වන ඔහු මෙලෙස සිය අදහස් අප සමගින් බෙදා ගත්තේය.
ඔබේ පිවිසුම සහ ඔබ පිළිබඳව හැඳින්වීමක් කළොත්?
මගේ නම ශානක ඔබෙත්. ගම ගාල්ලෙ හබරාදූව. රංගනයට එන්නෙ ගොඩක් බාධක මැද. මම මුලින්ම එකතු වෙන්නෙ රංගන ශිල්පියෙක් විදිහට සිනමාවට. ඒ වගේම ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට 2010 වර්ෂයේ වගේ තමයි මම සම්බන්ධ වෙන්නෙ. නමුත් මම ඊට පෙරාතුව රූපගත කිරීම්වලට සම්බන්ධ වුණා. අපි ගොඩක් දුප්පත් පැත්තකින් තමයි ආවේ. ගාල්ල කියන්නේ ගොඩක් දුෂ්කර පැත්තක්. ගාල්ලේ ඉඳන් කොළඹට ඇවිල්ලා ලොකු වෙහෙසක් දරාගෙන ක්ෂේත්රයේ රැඳී ඉන්නවා.
චිත්‍රපටය පිළිබඳ කෙටි විස්තරයක්
චිත්‍රපටයේ නම 'අපේ මිනිස්සු' අධ්යක්ෂවරයා විදියට කටයුතු කරන්නේ මම. නිෂ්පාදකවරයා තමයි නිශාන්ත ජයකොඩි. තිර රචනය කළේ දර්ශන නදීෂ්. සහාය අධ්‍යක්ෂණය ලකී අතාවුද. මෙම නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය කළේ කේ.ඩී. දයානන්ද මහත්මා.
ෆිල්ම් එක ගැන කීවොත් ෆිල්ම් එකේ තියෙන්නේ මුඩුක්කුවෙන් උපන් ළමයෙක්ගෙ කතාන්දරයක්. මෙහි ඇමති කෙනෙක් ඉන්නවා. ඇමතිගෙ පුතා සහ මුඩුක්කුවෙන් උපන් ගෑනු ළමයෙකුගෙ අතරෙ සම්බන්ධතාවක් ගොඩනැගෙන මුඩුක්කුවේ කතාන්දරයක් විදියටයි මේක දිවෙන්නේ. විශේෂයෙන්ම මේකෙ දේශපාලන පක්ෂ එක්ක එකතු වෙලා ගැටෙන්නාවූ අද සමාජයේ තිබෙන්නාවූ දෙයක් තමයි අපි එළියට දාන්න හිතුවෙ.
රංගනයෙන් දායක වෙන්නේ වීනා ජයකොඩි, මහේන්ද්‍ර ‘පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු , නන්දන හෙට්ටිආරච්චි වැනි ප්‍රවීණයන් සමග තවත් විශාල පිරිසක්. ඔවුන් සමගින් කටයුතු කරන්නට ලැබීම ඉතාමත් හොඳ අත්දැකීමක්.
පළමු අධ්‍යක්ෂණයේ අත්දැකීම්
මේක මගේ පළවෙනි වැඩේ. ඉතා අසීරු අවස්ථාවලදී එහි සිටි ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය විශේෂයෙන් සිහිපත් කරන්න උවමනායි. මේක මට ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද පරණ රංගන ශිල්පීන් දුන්නා. අලුත් අයත් එක්ක වැඩ කරනවට වඩා පරණ අයත් එක්ක වැඩ කරන්න ලේසියි කියලා මට ඒ මොහොතෙදී හිතුණා.
ඉදිරි බලාපොරොත්තු
ලංකාවේ අලුත් අධ්යක්ෂවරු බිහිවෙනවා. නමුත් එන්නං වාලේ නිර්මාණ කරන්නෙ නැතුව මිනිස්සුන්ට හිතට වඳින්න පුළුවන් නිර්මාණ බිහිකරන්න තමයි මගේ බලාපොරොත්තුව. රංගනයෙන් හොද නිර්මාණ බිහිකරන්න හොඳ චරිත, මිනිස්සුන්ට බලන්න පුළුවන් චරිත ලබාදෙන්න ඉස්සරහට අපි සූදානමින් ඉන්නවා. මම දැනට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ එෆ්.එම්. එකක් පටන් ගත්තා. ඒකෙ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. මාක් එෆ්. එම්. වෙබ් රේඩියෝ එකක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ.
0729576801 / 0776919764