ඇය වේදිකාව තුළ සම්මානලාභී රංගන ශිල්පිනියකි. මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'සිදූ' ටෙලිනාට්‍යය තුළින් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනු ලබයි. නදිශානි පේලිආරච්චි වන ඇයගේ වෘත්තීමය පැතිකඩ පිළිබඳව බොහෝදෙනා දන්නා බව නම් නොරහසකි.
නමුත් එම කාරණා සඳහා යොමු නොවී වෙනත් කාරණාවක් අද ඇයගේ රසිකයන් වෙනුවෙන් අප ගෙන ඒමට සූදානම්. අද (01දා) දින ඇයට විශේෂ දවසකි. මන්ද අද දිනයේ ඇය විවාහ දිවියට එළඹෙන බැවිනි. ඇය සිය ආදර කතාව පිළිබඳව අපත් සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.
Q මේ දවස්වල කොහොමද කාලය ගත වුණේ?
පසුගිය 27 වැනිදා තමයි රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළ ඉවර වුණේ. අවුරුදු 18කට පස්සේ 'වෙඩි තියන්න බැහැ' නාට්‍ය ආපහු කළා. 'ආදර වස්තුව' අවුරුදු 04කට පස්සේ අපි ආපහු කරන්න පටන් ගත්තා. මේ දවස්වල 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යය වේදිකාගත වෙනවා.
තනූජ් අනවරත්නගේ අලුත් නාට්‍යයක් වේදිකාගත වෙන්න තියෙනවා. ඒ ටික තමයි වේදිකාව පැත්තෙන් සිදුවන වැඩකටයුතු ටික.
එතකොට රූපවාහිනිය ගත්තාම මම 'සිදූ' එකේ වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරියටත් ඒකෙ වැඩකටයුතු තියෙනවා. වෙනස් යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණ නිසා සතුටින් කරගෙන යනවා.
Q ජීවිතයට තව කෙනෙක් එකතු වෙන්න යනවා නේද?
ඇත්තටම ඔව්, මම අද (01දා) විවාහ වෙනවා. තාම මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න එකක්. කොහොමද මුහුණ දෙන්නේ කියලාා හිතලා නැහැ. අදින් පස්සෙ තමයි මුහුණ දෙමින් විවාහ දිවිය ගෙනියන්නේ කොහොමද කියලා හිතන්න ඉන්නේ. දැනට අද (01දා) දවස ගැන විතරයි හිතලාා තියෙන්නේ.
Q දින ගැන්නේ අද දිනේ ඉවර වෙනකල්ද?
ඇත්තටම නම් දින ගනින්නේ නැහැ. ඔයා අහනකොට තමයි මම ඒ ගැන හිතන්න ගන්නේ. විශේෂයෙන් කියන්න නම් දෙයක් නැහැ. මම දන්න එකම දේ අද මම බඳිනවා කියලා විතරයි.
Q අද දවස විශේෂයි නේද?
අනිවාර්යෙන්ම ඔව්, විශේෂ දවසක් තමයි. විශේෂ කියන්න හේතුවක් තිබ්බත් ඒක කියන්න තේරෙන්නෙ නැහැ. විශේෂයි කියලා තමයි මටත් තේරෙන්නේ.
Q ඒ විශේෂ දේ මොනවගේද?
මොකක්ද? කියලා මම තාම හිතනවා. මට මේ ගැන ලොකුවට හිතන්න වෙලා නැත්තේ, මම විවාහ වෙන්න තෝරගෙන තියෙන්නේ අවුරුදු එකොළහක ඉඳන් මම දන්න අවුරුදු කිහිපයක ඉඳන්ම ළඟින් ඉන්න මගේ යාළුවාවයි. ඉතිං ඒ නිසා විවාහයක් ගැන අමුතුවෙන් බයක් හරි, මොකක්ද ඊළඟට වෙන්නේ කියන තිගැස්ම හරි මට නැහැ. ඒ යාළුවාම වෙන නිසා වෙන්න ඇති.
Q යාළුවා ආදරවන්තයා වුණේ කවදද?
ඇත්තටම අපි විවාහ වෙන්න තීරණය කරලා නම් ඉතාමත් කෙටි කාලයයි. එයා නම් මගෙන් අහල තියෙනවා අවුරුදු 06කට විතර කලින්. හැබැයි එතකොට අපි යාළුවෝ. මම අවුරුද්දකට කලින් සම්බන්ධයක් ගැන හිතනකොට මගේ ඔළුවට ආවේ එයාව විතරයි. ඊට පස්සෙ මාස 3,4කින් තමයි අපි සම්බන්ධයකට යමු කියලා තීරණය කළේ.
Q යාළුවාගේ ගැළපීම කොහොමද?
මම දැනට කියනවා, මට මේ වෙනකන් හමුවෙලා තියෙන, ආශ්‍රය කරලා තියෙන, මම දැකලා තියෙන අයගෙන් හොඳම මම කැමතිම ගතිගුණ තියෙන කෙනාව තමයි මම විවාහ වෙන්නේ. මට ඒ ගැන ගොඩාක් සතුටුයි. මට හමුවෙලා තියෙන අයගෙන් මාව තේරුම් ගත්ත කෙනා තමයි ඔහු. මගේ යාළුවා වෙලා ඉන්න කාලේ තිබුණ තේරුම් ගැනීමම අදටත් තියෙනවා.
මම හිතනවා ඒ තේරුම් ගැනීම ඉදිරියටත් තියෙයි කියලාා. මට කිසිම බයකුත් නැහැ. ඒ නිසා විවාහය ගැන අමුතුවෙන් ලෑස්ති වෙන්න උවමනාවක් නැහැ. විවාහයෙන් පසුව මෙයාට මාව ගැළපෙයිද? මාව තේරුම් ගනීද කියන බය නැහැ.
ඒ නිසා අමුතුවෙන්ම විවාහයෙන් පස්සෙ ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව හිතෙන්නෙ නැහැ. හැබැයි එක දෙයක් හිතෙනවා. අපි යාළුවෝ විදිහට අවුරුදු 11ක් හිටියනේ, ඉතිං ඒ යාළුකම විවාහයකට පෙරෙළෙන එක ගැන අපි දෙන්නටම පොඩි අමුත්තක් තියෙනවා.
Q පාසල් ආදරේ සහ මේ ආදරේ අතර වෙනස?
ආදරේ අතර නම් දැනෙන ලොකු වෙනසක් නැහැ. ආදරේ කරන්න ගියාම ඒ කාලෙද මේ කාලෙද කියලා වෙනසක් නැහැ. දැනෙන එක ඒ විදිහටම දැනෙනවා. හැබැයි, කියන්න තේරෙන්නේ නැහැ. පුංචි මොකක් හරි වෙනසක් තියෙනවා.
පාසල් යන කාලේ තිබ්බ ආදරෙයි, දැන් තියෙන ආදරෙයි වෙනස් කියන දේ දැනෙනවා. තේරුම් ගැනීමයි, ජීවත් වෙලා තියෙන කාලය මත සහ ඒ ආදරේ දකින විදිහ වෙනස් වෙලා ඇති කියලාා හිතනවා.
Q කලාව පැත්තට ඔහුගෙන් ලැබෙන සහයෝගය?
යාළුවෙක් වශයෙන් ඉන්න කාලයේදීත් මම එයත් එක්ක ඕනම දෙයක් කතා කරනවා. මට එන ප්‍රශ්නයක්ද, අහන්න තියෙන දෙයක්ද, කතා කරන්න තියෙන දෙයක්ද හැමදෙයක්ම එයත් එක්ක බෙදා ගන්නවා. මම හිතනවා ඉදිරියේදීත් ඔහුගෙන් උපරිම සහයෝගයක් ලැබෙයි කියලාා. ඒ කාලෙත් මේ දේවල් ගැනම තමයි කතා කළේ.
Q රංගනය කියන ක්ෂේත්රය තුළ දිගටම රැඳී ඉන්නද බලාපොරොත්තුව?
එහෙම කිසිම අදහසක් නැහැ. මේ ක්ෂේත්රයට මගේ කැමැත්ත තියෙන තාක් කල් මම වැඩකටයුතු කරනවා. මේ ක්ෂේත්රයට යම් තැනකදී මගේ කැමැත්ත නැති වුණොත් මම වෙන කිසිම හේතුවක් මත ක්ෂේත්රයේ රැඳී ඉන්නෙ නෑ. මට දැනට පේන්නෙ නැහැ මම ක්ෂේත්රය අතාරියි කියන එක. හැබැයි විවාහ වුණා කියලා ක්ෂේත්රය අතාරින්නේ නැහැ.
Q ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?
මම කාලයක සිට රාජිත දිසානායකගේ ෆ්‍රීඩම් තියටර් කණ්ඩායමත් සමග වැඩ කරනවා. මම හරිම කැමැත්තෙන් තමයි ඔවුන් සමග වැඩකටයුතු කරන්නේ. එහි 'ආදර වස්තුව', 'නැතුව බැරි මිනිහෙක්' වගේ නාට්‍ය කිහිපයක් තිබෙනවා. 'නැතුව බැරි මිනිහෙක්' මේ වන විට සෑහෙන වාර ගණනක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. 'ආදර වස්තුවත්' නැවත ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරනවා.
ඊට අමතරව මම නිදුක් මධුෂික ලියන සිරස එෆ්.එම්හී විකාශය වන 'රන්මුද්දක් හැඬුවා' ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒක වෙනස්ම විදියේ ගුවන් විදුලි නාට්‍යයක්. මම මීට පෙරත් ගුවන් විදුලි නාට්‍ය කිහිපයක හඬකැවීම්වලට දායක වී තිබුණත්, ගොඩක් කාලෙකින් තමයි වෙනස්ම විදියක කතාවකට සම්බන්ධවෙලා ඉන්නේ.
මට මේ දිනවල වේදිකාව, ගුවන් විදුලිය, ටෙලි නාට්‍ය වගේ ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. ඉදිරියේදී පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරපු ළමා චිත්‍රපටයක් තිරගත වීමටත් නියමිතව තිබෙනවා.
ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක