අනූව, 2000 දශකවලදී පැවති දැඩි තරගකාරීත්වය හේතුවෙන් එකම චිත්රපටයකවත් එකට එක්ව රඟ නොපෑ කරිෂ්මා කපූර් සහ ප්රීති සින්ටා මෑතකදී එක් වහළකට ගැනීමට බොලිවුඩ් විලාසිතා නිර්මාණකරුවන් සමත් වී ඇත.
ඒ ඔවුන්ගේ අංගයකට මේ දෙපළද එක්කර ගනිමිනි. මනිෂ් මල්හෝත්රා ප්රධානත්වය දැරූ මෙම විලාසිතා දැක්මේදී නේහා දූපියා, නීතු කපූර්, අම්රිතා අරෝරා සහ සොෆි චව්ද්රි තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කර තිබේ. ඉදිරියේදී මනිෂ් මල්හෝත්රා චිත්රපට අධ්යක්ෂවරයකු ලෙස ඔවුන් දෙපළම එකම චිත්රපටයකට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බැව් වාර්තා වේ.
කරිෂ්මා -ප්රීති දෙපළ බොලිවුඩයේ සුපිරිතම චිත්රපට තරු තුන වන ෂාරුක්, සල්මන් සහ අමීර් සමගින් චිත්රපටවලට දායක වී ඇත.
අශාන් පෙරේරා