'නිනෝ ලයිව්' චිත්‍රපටය තුළින් සිනමාවට ප්රවිශ්ට වන දසුන් පතිරණ පසුව සිනමා නිර්මාණ කිහිපයකටම දායක වන්නේය. පසුගියදා පස්වැනි දෙරණ සිනමා සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගනු ලබන්නේද ඔහු විසිනි. ඒ 'ෆ්‍රැන්ජිපානි' චිත්‍රපටයේ රංගනයට දායක වෙමිනි. මේ කතාබහ ඔහු සමගිනි.
Q මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ දී හොඳම නළුවා ලෙස ඔබ ලබාගත් සම්මානය ගැන මුලින්ම කතා කරමු?
හොඳම නළුවා වීමට වැඩිය මේ සම්මාන උලෙළ ගැන මට සතුටු වෙන්න පුළුවන් තව දේවල් තියෙනවා. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් සම්මාන ගැනීම ලොකු සතුටක්. නිර්මාණකරුවෙක් චිත්‍රපටයක් කර කාලයක් බලන් සිට තිරගත කළාට පසුව එය ඇගයීමකට ලක්වීම තමයි නිර්මාණකරුවෙකුට තිබෙන හොඳම සතුට. මම හිතනවා %යූත් ජනරේෂන්^ එකක් මේ වෙලාවේ පත්තුවෙනවා කියලා. මම හොඳම නළුවා සම්මානය ගත්තා කියලා මම හොඳම නළුවා නෙමෙයි. මට වඩා හොඳ නළුවො ලංකාවේ ඉන්නවා. මම හිතන්නේ එහෙමයි.
Q සම්මාන උලෙළ තුළදීත් තරුණ නියෝජනයට වැඩි ඉඩක් හිමිවුණා. සිනමාව තුළත් ඔවුන්ට එහෙම නිර්මාණ කළ හැකි අවකාශයක් තියෙනවද?
මම හිතනවා මේ මොහොත වනවිට ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා කියලා. 'මෝටර් බයිසිකල්', 'ෆැන්ජිපානි' වැනි මම වැඩකළ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ චිත්‍රපටවල මම වැඩ කරන්නේ තනියෙම නෙමෙයි. මාත් එක්ක ඒ නිර්මාණවලට දායක වෙන තරුණයන් බොහෝ දෙනෙක් සිටිනවා. චිත්‍රපට පිස්සුව තියෙන, වැඩක් කරන්න ඕන කියලා හිතන පිරිසක් ඉන්නවා. තරුණයන් ඇගයීමට ලක්වීම තුළ තව නිර්මාණ සිදුවෙයි. මම හිතනවා ඔවුන්ට ඒ නිර්මාණවලට හිමි ඇගයීමත් ලැබෙයි කියලා. ඒක අපි ඉදිරියේදී බලමු. මෙතැන ප්‍රශ්නයක් තියෙන්නේ මේ දේ. ඒ ලංකාවේ කලාකාරයෙකුට තියෙන වටිනාකමට නැතිවෙලා තියෙන්නේ හැමෝම කලාකාරයන් නොවෙන නිසා. එක එක්කෙනාගේ ව්‍යාපෘති තියෙනවා. ඒ නිසා කලාකාරයන් නැතිවෙලා තියෙනවා. නිවැරදි කලාකරුවාට නිවැරදි තැන තියෙන්න ඕන. ඉස්සර කලාකාරයන් පස්සෙන් තමයි ප්‍රේක්ෂකයන් ආවේ. දැන් කාලාකාරයො එස්.එම්.එස්. ඉල්ලනවා. ප්‍රේක්ෂකයා පස්සේ යනවා මට ලැජ්ජයි. කලාකාරයට අංක එක වෙන්න ඕන එයා කරන නිර්මාණය. ඒක හරියට කළොත් ප්‍රේක්ෂකයන් ඔහු සමග ඉඳීවි. ඒ ගැන හිතලා ඔවුන් වැඩ කළ යුතුයි.
Q එහෙම කලාකරුවන් වෙන්කර දක්වන සීමාමායිමක් තීරණය කරන්න නොහැකිවී තිබෙනවා නේද?
මෙහෙමයි, මේ තුළ සැබෑ වැඩකරන කලාකාරයො ඉන්නවා. ඒත් ඉස්මතු වෙලා පේන්නේ කලාකාරයන් ලෙස පෙනී ඉන්න උත්සාහ කරන අය. ඒකයි ප්රශ්නය. ඔවුන්ට ඕන යූ-ටියුබ් ලයික්. කලාකාරයා ඉන්නේ ප්‍රේක්ෂකයාගේ හදවත එක්ක. කලාකාරයා මුලින්ම මානුෂීය වෙන්න ඕන. එහෙම නැති කලාකාරයෙකුගෙන් වැඩක් නැහැ. මට එහෙම බෙදා දක්වන රේඛාවක් නැහැ. බිස්නස් කරන්න ඕන තමයි, ඒ බිස්නස් එකත් එක්ක කලාවත් තියෙන්න ඕන.
Q ඔබ මේ සම්මානය ලබාගන්නේ 'සයපෙති කුසුම' (ෆ්රැන්ජි පානි) කියන සිනමාපටයට රංගනයෙන් දායක වෙමින්. එය අභියෝගාත්මක චරිතයක්?
'ෆැන්ජිපානි' කියන චිත්‍රපටය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ 'ලව් ස්ටෝරි' එකක් කියලා. එහි විශේෂත්වය එය සාමකාමී ආදරයක් වීම. මට ලැබුණු අසීරුම චරිතයක්. මම ඒ චරිතය නිරූපණය කරද්දි හැමවිටම උත්සාහ කළේ සාමකාමී කියන චරිතයට නියමිත රංගනය දක්වන්න. මොනවාහරි දෙයක් කරන්න මෙතැනදී බැහැ. මම නිතරම හිතුවේ මානුෂීයත්වයත් එක්ක මේ චරිතය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. මට මේ තිරපිටපත ලැබුණු ගමන් මම එය බාරගත්තා. මම කළ හොඳම රංගනය කියලා මම හිතනවා. මම ආසාවෙන් කළ හොඳම රංගනයට ලැබිය හැකි ඇගයීම, හොඳම තමයි මට ලැබුණේ. අපට මේ චිත්‍රපටය තුළින් පණිවුඩයක් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය එක්ක අපි කතා කරනවා තුන්වැනි පන්තියේ ඉන්න කොල්ලෙක්ගේ සිතුම්පැතුම් ගැන. ඒ වගේම මේ කතා කළේ සාමාන්‍ය මිනිසෙකුගේ ෆීලීන් එකක් ගැන. මට එය කිසිම මොහොතක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ චරිතයට දායක වෙන්න එපා කියලා බොහෝ දෙනෙක් මට කිව්වා. නළුවෙක් විදිහට මම හිතන්නේ මම නිරූපණය කරන චරිත සුදුද, කළුද කියන එක මට අදාළ නැහැ. නළුවෙක් ලෙස වෙන %කැරැක්ටර්^ එකක් කරන්න පුළුවන් නම්, මම හිතන්නේ ඒක. ඒ නිසා මම ඒ අභියෝගය බාරගත්තා. එතැනින් එහාට වෙන කිසිම දෙයක් එහි නැහැ
Q දසුන් ටෙලි නිර්මාණවල මෙන්ම වේදිකාව තුළත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මාධ්‍යය දෙක ප්‍රතික්ෂේප කරලද?
මම 'මෙගා' කියන එක ප්‍රතික්ෂේප කර තියෙනවා. මම සීමිත කොටස් සංඛ්‍යාවක හොඳ නිර්මාණවලට දායක වුණා. වැඩක් කරන්න පුළුවන් නම්, මම ඒ නිර්මාණයට දායක වෙනවා. තිරපිටපතක් නැතිව නාළිකාවල ප්‍රධානීන්ට ඕනඕන විදිහට ටෙලිනාට්‍යය කරලා වැඩක් නැහැ. වැඩක් කරන්න පුළුවන් තැන මම ඉන්නවා. මම වේදිකා නාට්‍යය නම් කාලයක් සිදුකළා. රාජ්‍යය නාට්‍යය උලෙළේ පවා සම්මාන ගන්න හැකිවෙලා තියෙනවා. මේ වනවිට දුවන්න නාට්‍යය කරන සංකල්පය තුළ මම නැහැ. ඒ වගේම රට යන්න නාට්‍යය කරන්නෙත් නැහැ.
Q දසුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
ඉදිරියේදී නිර්මාණ බාර ගැනීමේදීත් මම මේ චරිතය ඕන කියලා චරිත ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ. වැඩක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණාම මම එයට දායක වෙනවා. මට මුල ඉඳන් තිබුණෙ සිනමා පිස්සුව. මම මුලින්ම රංගනයෙන් දායක වුණේ 'නිනෝ ලයිව්' චිත්‍රපටය. එය 2008 දී නිර්මාණය වුණේ, තිරගත වුණේ මේ වර්ෂයේ. එය ලංකාවේ තියෙන සිස්ටම් එක. තාමත් මම ඉන්නේ ඒ චිත්‍රපට පිස්සුවේ. හොඳ ෆිල්ම් එකක් ලැබුණොත් මම කරනවා. මේ වනවිට ටෙලිනාට්‍යය තුනකට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. එය රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම තව චිත්‍රපට දෙකකට දායක වෙලා තියෙනවා. තවත් චිත්‍රපටයක් ගැන කතාබහ කරමින් පවතිනවා. ඒ වගේම මම ස්තුති කරන්න ඕන සියලුම ප්‍රේක්ෂකයන්ට. මට සම්මානයක් ලැබුණාම ඒ ගැන සතුටු වෙන ප්‍රේක්ෂකයන් සිටිනවා. මම ඒ ගැන සතුටු වෙනවා.