ඉන්දියානු පුවත් අඩවි මේ දිනවල උණුසුම් පුවතක් වාර්තා කරනු ලබයි. ඒ 2011 වර්ෂයේදී ඉන්දියාවේ ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටයක තෙවැනි කොටස එළිදැක්වීමේ පුවතක් ප්‍රචාරය වීමත් සමගිනි. මේ කාරණාව හේතුවෙන් මේ දිනවල ඉන්දියානු පුවත් මේ පිළිබඳව වාර්තා කරනු ලබන්නේ ඉතාමත් නොඉවසිල්ලෙනි. සරාගී දර්ශන බොහෝමයක් අඩංගු මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන බොහෝවිට තහනම් කිරීමට හැකියාවක් ඇති බවද සඳහන් වෙයි. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යන ලේබලය ඔස්සේ තිරගත වූ 'රාගිනී එම්එම් එස් 1' සහ '2' මෙන්ම, තෙවැන්න වූ 'රාගිනී එම්එම්එස් රිටන්ස්' චිත්‍රපටයත් එම ලේබලය යටතේම තිරගත වීමට සුදුසු බවයි සඳහන් වන්නේ.
මෙහි දෙවැනි චිත්‍රපටය තිරගත කරනු ලැබුවේ 2014 දීය. තෙවැන්න වූ %රාගිනී එම්එම්එස් රිටන්ස්^ චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙසද හඳුන්වනු ලබයි. මෙහි තවත් කරුණක් වන්නේ, පළමු සහ දෙවැනි චිත්‍රපටයන්ට සාපේක්ෂව මෙම චිත්‍රපටයේ සරාගී දර්ශනයන් වැඩි බවට ඉඟි පළකර තිබීමයි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන නිළිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ සමග යොමුව තිබේ. 23 වැනි වියේ පසුවන 'කරිෂ්මා ශර්මා' ඉන්දියානු සරාගී නිළියක් ලෙසයි බොහෝදෙනා හඳුන්වන්නේ. 'රාගිනී එම්එම්එස් රිටන්ස්' චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වෙයි.
ඉන්දියානු නිරූපිකාවක් වුවත්, ඇය බොහෝ ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ බිකිනි ඡායාරූප සඳහාය. කරිෂ්මා බොහෝ වෙළෙඳ දැන්වීම් සහ ප්රචාරක වැඩකටයුතු වලට දායක කර ගැනීමේ මූලික අරමුණ වන්නේ අඩනිරුවතින් සැරසී සිටීම ඇයට සාමාන්‍ය දෙයක් වීම නිසාවෙනි. ඉන්දියානු බොහෝ නිරූපිකාවන් අඩනිරුවත් දර්ශන සඳහා මැලිකමක් දක්වන බැවින් කරිෂ්මාට මහඟු අවස්ථාවන් උදාවේ.
ඇයව ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානු කතාමාලාවක් වන 'යේ හේ මොහබ්බතින්' හි රයිනාගේ චරිතය ඔස්සේය. ඉන්පසු ඇය තවත් රූපවාහිනී කතාමාලාවන් 08ක් සඳහා දායක විය. ඇයගේ මෙම නවතම චිත්‍රපටය හේතුවෙන් ඇයව ටෙලි නිර්මාණ තුළින් ප්‍රතික්ෂේප වීමට බොහෝ ඉඩකඩ ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. කෙසේවුවත් මේ කාරණා හේතුවෙන් කරිෂ්මාගේ රංගන ජීවිතයට යම්කිසි හානියක් සිදුවනු ඇති බවද බොහෝදෙනා පවසයි. 'රාගිනී එම්එම්එස් රිටන්ස්' තුළින් ජනප්‍රියත්වයට පත්වුවත් ඇයගේ සිනමා දිවියට එය කෙසේ බලපාවිද යන්න පිළිබඳ බොහෝදෙනෙකු විමසිලිමත් වන බව සඳහන් වේ.