බිනාල් ගීත ක්ෂේත්රයට පැමිණෙන්නේ සංගීත කලාව මෙන්ම සාහිත්‍ය කලාවද මුල් කරගෙනය. ඒ තනු නිර්මාණයෙන් සහ ගායනයෙන් පමණක් නොව පද රචනයෙන්ද විශාල වැඩ කොටසක් සිදු කරමිනි. ඔහු %අද^ පුවත්පත හා මෙලෙස පවසන්නේ ඔහු මෙතෙක් ආ ගමන් මග පිළිබඳවය.
පිවිසුම
මම බිනාල් භාතිය ගුණවර්ධන. මම පදිංචි වෙලා ඉන්නෙ බැද්දගානේ. ගීත ගායනය මම කුඩා කාලයේ සිටම නියැළුණු දෙයක්. ගීත රචනය පටන් ගත්තේ මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියාට පසුවයි. මම පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙක්. එහෙත් මම සංගීතයට බොහොම ළැදියි.
ගී නිර්මාණ
දැනට මම ගීත හතළිහක් පමණ ලියලා තියෙනවා. ශීලා පරණමානගේ කියන ප්‍රවීණ රංගන ශිල්පිනියත් මමත් දැනට ගීත කිහිපයක් ගායනා කරලා පටිගත කරලා තියෙනවා. එයින් පළමු ගීතය මවුගුණ ගීයක්. එය යුග ගායනාවක් විදියටයි යන්නේ. එහි රූපගත කිරීමකුත් කළා. එය සමාජ ජාලවලට නිකුත් කිරීමට නියමිතයි.
ඒ වගේම දැනට 'දියලුම වගේ' සහ 'මගේ සඳ ඇවිදින්' කියන ගීත දෙක පටිගත කරලා තියෙනවා. 'නුඹ හුස්ම වූ දා පටන්' කියන ගීතය මේ දිනවල පටිගත කරන්නට නියමිතයි. ඒ වගේම විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියත් සමග 'හිරු ඇවිත් නුඹ ගෙන ගිහින්' කියන ගීතය පටිගත කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සුභාවිත සංගීතය
දැන් ඇත්තටම සුභාවිත සංගීතයට තියෙන බර ටිකක් අඩු වෙලා. ජනප්‍රිය සංගීතය එක්කයි ගොඩක් ගීත එළියට එන්නේ. මම වෙනසකටත් එක්කයි ක්ලැසිකල් සංගීතයට ගී නිර්මාණය කළේ.
ගී පදවල අන්තර්ගතය
මගේ ගීතවල මූලිකවම අන්තර්ගත වෙන්නේ බොහෝවිට ආදරය ගැනයි. විරහව නෙමෙයි. ඊට අමතරව මම මවුගුණ ගීත, හමුදාවට උපහාර පිණිස ගීත, බුදු ගුණ ගීත නිර්මාණය කර තිබෙනවා. මම එක පාර ගීත ගොඩක් නිර්මාණය කරන්නේ නැහැ. එක් වරකට එක් ගීතයයි නිර්මාණය කරන්නේ. මම තමයි මේ ගීතවල පද රචනය, තනු නිර්මාණය සහ ගායනය කරන්නේ. ඒ වගේම ශීලා පරණමාන මහත්මියගේ ආදරණීය කටහඬත් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන. ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පළමු ශ්‍රේණියේ ගායිකාවක්. ඇය ගායිකාවක් සේම සංගීතවේදිනියක්, විරිඳු ගී ශිල්පිනියක් සහ හඬකැවීම් ශිල්පිනියක්ද වෙනවා. ඒ වගේම 60 දශකයේ සිට මේ දක්වා වසර 50කට අධික ක්ෂේත්රයේ අත්දැකීම් ඇය සතු වීමත් විශේෂයි. මගේ ගීතවල යුග ගායනයට ඇය සම්බන්ධ වීම සුවිශේෂී වන්නේ ඒ නිසයි.
FB - Lyrics-of-Binal