ටවර්හෝල් පදනමේ හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජකයා වන කලාශූරි ජී.එච්. ස්ටැන්ලි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 93 වැනි වියේ පසුවිය.
1927 ළමා රංගන ශිල්පියෙකු ලෙස රංගනයට පිවිසි ඒ මහතා නිශ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, සංගීතඥයෙකු හා නූර්ති ශිල්පියෙකු ලෙස සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
'සෙබාදහම', 'නීතිපති' ඇතුළු නාට්‍ය ගණනාවක් නිශ්පාදනය කිරීමට දායක වූ ඒ මහතා 'සමුද්‍රදේවි' නාට්‍යය අධ්‍යක්ෂණය කළේය.
දක්ෂ තබ්ලා වාදයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටි ස්ටැන්ලි පෙරේරා මහතා 'කලාභූෂණ' හා 'කලාශූරි' සම්මානවලින් පිදුම් ලැබ තිබේ.
ඊයේ (23දා) ඔහු අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25දා) සවස 5ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.දේහය දැනට අංක 22 දුම්රියපොළ පටුමග නුගේගොඩ යන ලිපිනයේ තැන්පත්කොට තිබේ.
ඔහු නූර්ති ගීත 100ක් අඩංගු කර 'ශතක සප්තර' නමින් පොතක් හා ග්රැමෆොන් හා නූර්ති ගීත ඇතුළත් කර ගීත තැටියක් 'අමා ගී' නමින් එළිදැක්වීය.
ලතා වල්පොල, වික්ටර් රත්නායක වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ස්ටැන්ලි පෙරේරා මහතාගේ සංගීත අධ්‍යෂක්ෂණය යටතේ ගීත ගායනා කොට තිබේ.
'මී මැස්සේ', 'සැකය', 'වාසනා', 'හිගන කොල්ලා', 'රෑන ගිරව්', 'සසර', 'අපරාධය හා දඩුවම' යන චිත්‍රපටවල නළුවෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.
නවක ශිල්පීන් ගණනාවක් කලා කෙතට දායාද කළ ඒ මහතා නාට්‍ය 100 අධික සංඛ්‍යාවකට විවිධ අයුරින් සිය දායකත්වය ලබාදී ඇත.