ටෝනි අද දැයෙන් සමුගනී
- 19 06 2015
- 08:27
- {{hitsCtrl.values.hits}} views
- සඳමාලි වික්රමආරච්චි
පසුගියදා දිවියෙන් සමුගත් ප්රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහයන්ගේ අවසන් කටයුතු අද (18දා) සිදුකෙරේ.
මේ වනවිට ඒ මහතාගේ දේහය කොළඹ 10, සිරිධම්ම මාවතේ, අංක 163/3/ඒ දරන නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය අද පෙරවරු 10.00 ට නිවසින් පිටත්ව මහජන ගෞරවය සඳහා කොළඹ ජාතික කලා භවනට රැගෙන ඒමට නියමිතය. පෙ.ව. 10.30 පමණ ප.ව. 2.00 දක්වා ජාතික කලා භවනේ දේහය තැන්පත් කර තැබේ.
අනතුරුව පස්වරු 2.00 ට කොළඹ ජාතික කලා භවනෙන් පිටත්වන දේහය රැගත් අවමංගල පෙරහර මහබාගේ ශ්රී හෘදය දේවස්ථානය කරා පැමිණීමට නියමිත අතර, දේහය පිළිබඳ සියලු ආගමික කටයුතු එහිදී සිදුකිරිමට සැලසුම් කර තිබේ. ඉන්පසුව අවසන් කටයුතු මත්තුමගල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
ඡායාරූප - ඉසුරු පෙෙර්රා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
