China Philharmonic Orchestra නොහොත් චීන Philharmonic වාද්‍ය වෘන්දයේ (CPO) මෙරටදී පවත්වන සුවිශේෂී ප්‍රසංගයක් අද (04දා) සවස 6.30ට නෙළුම් පොකුණේදී පැවැත්වීමට නියමිතය. මෙහි ප්‍රධාන නිර්මාපකයා වන Xia Xiaotang විසින් එම ප්‍රසංගය මෙහෙයවනු ලබයි.
මෙම වාද්‍ය වෘන්දය ලෝකයේ දක්ෂතාවලින් කැපී පෙනෙන අතර, මේ වන විට එයට වසර පහළොවක් ගත වී ඇත. චීනයේ ඉහළින් වැජඹෙන මෙම වාද්‍ය වෘන්දය ජාත්‍යන්තර කීර්තිනාමය යටතේ ආසියාවේ ප්රමුඛ ස්ථානයක පවතින බවට සඳහන් වෙයි. Philharmonic වාද්‍ය වෘන්දය (CPO) දෙස් විදෙස්වල පුළුල් අවධානය දිනාගැනීමට සමත්ව තිබේ.
2009 වර්ෂයේදී Philharmonic වාද්‍ය වෘන්දය (CPO) Gramophone online හරහා ලෝකයේ වාද්‍ය වෘන්ද අතරින් ඉහළ ගණයට පැමිණ තිබේ. ඊට අමතරව ලෝකයේ ඉහළම වශයෙන් පිළිගනු ලබන London Symphony වාද්‍ය වෘන්දය සහ New York වාද්‍ය වෘන්දයන් අතරට චීනයේ Philharmonic වාද්‍ය වෘන්දයද (CPO) ඇතුළත්ව තිබේ.
වර්තමානය වන විට Philharmonic වාද්‍ය වෘන්දය (CPO) ඔපෙරාවන්හි, වියට සංගීතය, මුද්‍රා නාට්‍ය, ශාලිකා සංගීතය, සංගීත සංදර්ශන, චිත්‍රපට / රූපවාහිනී සංගීත, බහු- මාධ්‍ය හා චීනය පුරා පැවැත්වෙන ප්‍රසංග සඳහා තම කාර්යයෙන් දායක වී ඇති බව සඳහන් වෙයි. එමෙන්ම 3,000කට ආසන්න සංගීත තනු ඉදිරිපත් කර ඇත. මිලියනයකට අධික ප්‍රමාණයක ප්‍රේක්ෂක ආකර්ෂණයද ඇති Philharmonic වාද්‍ය වෘන්දය (CPO) දේශීය හා ජාත්‍යන්තර සංචාරවලින් කිලෝමීටර මිලිනයකට වඩා සංචාරය කර ඇති බව සඳහන් වෙයි.