Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මං ඉපදිලා තියෙන්නෙ 1964 මාර්තු මාසෙ දෙවෙනිදා. දැන් මගේ වයස අවුරුදු 52 ක්. මේ වගේ උත්සවවලට ආවාම පුදුම තරම් දුකක් දැනෙනවා කලින් ඉපදුනේ ඇයි කියලා. අඩුගානේ 1984 ඉපදුණා නම් මේ වෙද්දි 32 ක්. අඩුම ගාණෙ 94 විතර ඉපදුණා නම් මේ වෙද්දි 22 යි. එවැනි කාලෙක හිටියනම් හේමාල් රණසිංහලට ෆයිට් එකක් දෙන්න පුළුවන්කමක් තිබුණ කියල හිතෙනවා. ඒ නිසා මං හිතන්නෙ මගේ වයස පහු කරගෙන ඉන්න සිනමාවට ආදරේ කරන හැමකෙනෙකුටම පුදුමාකාර දුකක් දැනෙනවැති. මොකද අපි ගත කරන්නේ මරණෙන් බේරිච්ච අතිරික්ත කාලයක නිසා. යුද්ධයට සම්බන්ධ වෙලා කැරලිවලට සම්බන්ධ වෙලා ඒවට මූණ දීලා අපි මේ ගෙවන්නෙ අතිරික්ත කාලයක්.
ඒ අතිරික්ත කාලෙ මේ වගේ උත්සවවලට ආවාම විශාල පීඩනයක් දැනෙන බව මුලින්ම කියන්න ඕන. එතෙනදි මෙච්චර කල් හංඟගෙන හිටපු රහසක් අද හෙළිදරව් කරන්නයි හිතන් ඉන්නෙ. ඒ කතාව දැනට තියල, තැන් තැන්වලින් අහුලගත්ත තොරතුරුවලින් කිහිපයක් ඉස්සෙල්ල කියන්නම්.පොඩි කාලෙ ඉඳන් තිබුණු චිත්‍රපට හීනෙත් එක්ක ජීවත්වුණු අවරුදු 12 ක් විතර කාලෙදි බොරලන්දෙ වංගිකුඹුර පාරෙ %එක්ටැම්ගේ^ චිත්‍රපටිය රූගත කරනවා දකින්න හර්බට් රංජිත් පීරිස් හම්බවෙන්න බොරලන්දෙ පාරට කිලෝමීටර් 14 ක් පයින් ඇවිදගෙන ගිහිල්ල ආපහු දාහතරක් පයින් ඇවිත් අප්පච්චිගෙන් ගුටිකාපු දවස් තාම මතකයි. මං මේක මත්පැන් බිබී සතියක් විතර හර්බට් රංජිත් එක්ක කියෙව්වා. 'උඹව කවදාවත් මට හමුවෙයි කියල හිතුවෙ නෑ' කියල.
මට කලින් ප්‍රියන්ත කොළඹගේ හම්බුණා නම් එහෙම මං 'ආදරණීය වස්සානය' චිත්‍රපටිය කරන්නෙ උඹත් එක්ක. ඒ චිත්‍රපටයට වෙච්ච විනාසය ගැන අද වාගෙ දවසක මං පුදුමාකාර විදිහට කම්පා වෙනවා. ඒ චිත්රපටියෙ ගීත 22 ක් මගේ වියදමින් හදන්න හිටියෙ. නමුත් අද වගෙ දවසක නෙවෙයි ඒක කළේ. මෙතන වාඩිවෙලා ඉන්න ශිවා එක්ක මත්පැන් බිබී සති ගණන් 'ආදරණීය වස්සානය' චිත්‍රපටිය කරන්න මහන්සි වෙච්ච හැටි ඔතන ඉන්න සිවගුරුනාදන් දන්නවා. ඒ තණ්හාවටම මුළු ජීවිත කාලයක් හම්බකරපු මුදල්වලින් 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටියත්, 'සුළඟ එනු පිණිස' සහ 'අක්ෂරය' යන චිත්‍රපටත් නිෂ්පාදනය කළේ මේ රටේ දේශපාලන දෘෂ්ටිවාදය වෙනස් කරන්න සිනමාව සම්බන්ධ කරගන්න ඕන කියන උවමනාවත් එක්කයි.
ඒත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට ලංකාවෙ බංකොළොත් වෙච්ච වර්තමාන පරම්පරාවෙ ජීවත්වෙලා ඉන්න එකම එකා මං. චිත්‍රපටි තුනක් නිෂ්පාදනය කරලා තුනම හරියට පෙන්නගන්න බැරිවෙලා ඒ නිසා සංකල්පීය ආඩම්බරයක් නොව මේ රටේ ජාතිවාදීන්ගෙන් සහ ආගම්වාදීන්ගෙන් කොන් කරපු කාලකණ්ණියෙකු බවට පත්වෙච්ච චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් ඉන්නව නම් ඒ තමයි ඔබට කතාකරන මම. මගේ සියලු ධනය මම ඒ චිත්‍රපටි තුනට වියදම් කළා.
ඊට පස්සෙ මෙතෙන්ට ආවොත් මෙතන ඉන්න හේමාල් රණසිංහ මහනුවර පන්තියෙ විද්‍යා විෂයයන් ඉගෙන ගන්න ගමන් මගේ පන්තියෙ ඉඳපු පුංචි පෙම්වතියක් බලන්න ආපු කාලෙ ඉඳල මට මතකයි ඔහුව. එහෙම එද්දි ඒ පන්තියෙම හිටියා 'ආදරණීය කතාවක්' චිත්රපටියෙ රඟපාපු නිළියත්. ගායිකාවක් වන මායා දමයන්තිගෙ මෙතන ඉන්න දුවණිය නුගේගොඩ පන්ති එන කාලෙ මට ආසාවක් තිබුණ ඇයව දාල චිත්‍රපටි ගීතයක් කරවන්න. කොහොම හරි එක ගීතයක් කළා. ඔහොම කාලෙක තමයි මට කොළඹගේ කතා කරන්නෙ. මං ඌව දන්නෙත් නෑ.
චිත්‍රපටි තුනක් කළා කිව්වට අද තමයි ඒවයෙ නම් ඇහැව්වෙ. ශුද්ධ සිනමාව කෙරේ විශ්වාසයක් තිබ්බ මට 'ආදරණීය කතාවක්' චිත්‍රපටියට ගීතයක් ලියල දෙන්න කිව්වට මං ඇත්තටම ඒක සතපහකට ගණන් ගත්තෙ නෑ. ඒ තමයි ඇත්ත. අපි සතපහකට වත් ගණන් ගත්තෙ නැති මිනිස්සු පස්සෙ කාලෙ වීරයො වුණාම මූණ දෙන්න බෑ. අපේ ජීවිතේ අනන්ත එහෙම හම්බවෙලා ඇති අපි සතපහකටවත් ගණන් ගත්තෙ නැති මිනිස්සු පස්සෙ වීරයො වුණ. එහෙම වුණාම අපිට ලැජ්ජ හිතෙනවා. එහෙම දෙයක් තමයි දැන් මට වුණෙත්.
ප්‍රවේගය චිත්‍රපටිය බලන්න කියල ආරාධනා පත්‍රය හතර සැරයක් ගෙනත් දෙන්න ආපු ඩොනල්ඩ් ජයන්තව මං සතපහකට ගණන් ගත්තෙ නෑ . අධ්‍යක්ෂවරයෙකුගෙ තියෙන ප්‍රෞඪ පෙනුම එයාට නෑ. ටී ෂර්ට් කෑල්ලක් දාගෙන ඇවිත් මට කියනව 'ප්‍රවේගය' කියල ෆිල්ම් හැදුවා කියල. දැක්කහම දෙමළ චිත්‍රපටියක් කරනව වගේ මතක් වෙන්නෙ. මං ඇහුව 'සින්දු පහයි ෆයිට් හතයිද' කියල. ඌ ඔව් කිව්ව. ඔව් කියද්දි කිසි ලැජ්ජාවක් තිබුණෙ නෑ. මම සැවෝයි එකේ ප්‍රවේගය බලල පිස්සු හැදිලා මෙහෙම දෙයක් මට කරන්න බැරිවුණානේ කියල හේමාල්ට කතා කරල ඔෆිස් එකට එන්න කියල පහුවදත් කතා කළා. ඒ වෙද්දිත් හේමාල්ට උණ හැදිලා රසික රසිකාවියො ඉඹලම. මං දවසක්ම හේමාල් එක්ක චිත්‍රපටිය ගැන කතා කළා.
මට මෙතෙන්ට එන්න කිව්වාම මං ආවෙ එච්චර කැමැත්තකින් නෙවෙයි. කොළඹගේ මට එන්න කියන්න ඇත්තෙ හේතුවක් ඇතුව. මොකද මෙතන කොළඹගේගෙ පුතා සහ ඊට එහා පැත්තෙන් නන්දා මාලනීගෙ මිණිබිරිය ඉන්නවා. ඇය සාමාන්‍යයෙන් සින්දු කියන්නෙ නෑ. නමුත් නන්දගෙ මිණිබිරිය නිසා සහ නන්දා මාලනියට බෙහෙවින් ආස කරන නිසා ඇයව මං ඔෆිස් එකට ගෙන්නගෙන කාටවත් කියන්නෙ නෑ කියල සින්දු කියව ගන්නව. අම්මයි තාත්තයි තාම දන්නෙ නැතුවැති ඒ කාරණය. හැමදාම වගේ සින්දු හතරක් පහක් පන්තියට යන්න කලින් කියව ගන්නවා. දෙයියනේ කියල ආච්චි අම්මට වැඩිය හොඳ කටහඬක් ඇයට තියෙනවා. ඒ දෙන්න නිසාම වෙන්නැති කොළඹගේ මට චිත්‍රපටයේ සින්දු ලියන්න කතා කරන්න ඇත්තෙ. ඊට පස්සෙ මට එන්න කිව්වා 'ආදරණීය කතාවක්' චිත්‍රපටිය බලන්න. ඒ වෙද්දි මං ප්‍රවේගයත් බලලයි තිබුණෙ.
මට හේමාල් පිළිබඳව අනාගතය සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මං හේමාල්ට කිව්වා 'හේමාල් ප්‍රවේසම් වෙයං ඔළුගෙඩිය හදාගනිං. බුද්ධිමත් වෙයං. සිංහල සිනමාව කියන වචනය පාවිච්චි කරන්න එපා. දේශීය සිනමාව කියල පාවිච්චි කරපං.. සිංහල කිව්ව ගමන් සිංහ...ලේ වගෙ මඟුල් මතක් වෙන හින්දා' කියල. ඒ නිසා දේශපාලනිකව මම ඔහුට බොහෝ කාරණා කියල තියෙනවා.
මම අද උදෙත් කල්පනා කළා නළුවෙක් හෝ නළුවෙක් නොවන එකෙක් හරි එළුවෙක් හරි මොකෙක් හරි කොණ්ඩෙත් ඉස්සරහ ඩයි කරගෙන ළඟදි ෆේස් බුක් එකේ මං දැක්කා සවිඥානික දෘෂ්ටිවාදී තරුණයෙකුට බණිනවා. ෂර්ට් එකත් ගලෝගෙන පපුවෙ යන්තරයක් දාගෙන. නිකං හිතන්නකො... යන්තරේ දැක්ක ගමන්ම අපි දන්නවනෙ 'අමු හරකෙක්. කියල. නැත්තං යන්තර දානවයැ. පටන් ගන්නෙම මං මේ කතා කරන්නෙ අර කරාබුවක් දාපු නහය විදගෙන ඉන්න එකාට කියල. එතකොට මට හිතුණා මං මේ කතා කරන්නෙ ෂර්ට් එකක් නැතුව යන්තරයක් දාගෙන කොණ්ඩෙ ඩයි කරගත්ත එකාට කියල. මේක තමයි අද නළුවන්ගෙ විඥානය. ඒ නිසයි මං හේමාල්ට කිව්වෙ 'සවිඥානික වෙයං. සිනමාව කියවපං' කියල.
මොකද හේමාල් ගැන මට විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඒක වැඩිහිටියෙක් විදියටද මං දන්නෑ ගුරුවරයෙක් විදියටද මං දන්නෑ ඒක මට තියෙනවා. මේකෙ හේමාල් රඟපානවා කියලත් මට කිව්වා. කවුද සින්දුව කියන්නෙ කියල ඇහුවම කිව්වා කුෂානි කියලා. ඒ විදියට ගත්තම මේකෙ වැඩකරන අයගෙන් හුඟදෙනෙක් මගේ පන්තියෙ. එනිසා මට සතුටක් දැනෙනවා.
දැන් මං කියන්නම් මගේ අදහස. ඇත්තටම ප්‍රියන්ත ඔබව මට අවුරුදු දහයකට පහළොවකට කලින් හමුවුණා නම් %ආදරණීය වස්සානය^ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඔබයි. දෙවැන්න තමයි සමාවෙන්න ඕන කාරණය ඔබේ කලින් චිත්‍රපට එකක්වත් බලල නැතිකම. ඒක තමයි ඇත්ත. මට හිතෙන්නෙ හොඳ වෙලාවට බැලුවෙ නැත්තෙ. දැන් මං කියන්නෙ 'ආදරණීය කතාවක්' චිත්‍රපටයට කැමති වුණේ ඇයි සහ මීළඟට කරන්න යන චිත්‍රපටයේ සින්දුවක් දුන්නැත්තන් බලෙන් හරි කරනවා කියන කාරණය කියන්න.
ඉතාම දුර්ලභ අපි දන්නැති කතා තේමාවල් පිළිබඳව චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක ඉතාම පහසු වැඩක්. උදාහරණයක් විදියට මට පිස්සන්කොටුව ගැන කෙටිකතාවක් ලියන්න ඕන නම් ඒක හරි පහසුයි. පිස්සගෙ ඇසුරෙන් එහෙම නෙවෙයි කියල කාටවත් කියන්න බෑ. හැබැයි සුලබ දේ එහෙම බෑ. මොනවද සුලබ දේ කියන්නෙ. අපි හැමෝම දන්න අඳුනන කරන දේවල් චිත්‍රපටියට නගන්න අමාරුයි. මං දැන් කියන්න හදන්නෙ ඇයි මං මේකට වශී වුණේ කියලා. අපි හැමෝම ත්‍රීවිල්වල යනවා. හැබැයි ත්‍රීවිල් එක ගැන සින්දුවක් ලියන්න කිව්වොත් හරි අමාරුයි.
තිඹිරිගස්යායෙ ඉඳල ගුවන් විදුලි සංස්ථාවට වැඩසටහනකට යන්න මට තිබුණෙ විනාඩි පහයි. වාහනේ කැඩිල තිබුණු නිසා මං ත්‍රීවිල් එකකට නැග්ගා. වයසක අංකල් කෙනෙක් ඩ්‍රයිවර්ට හිටියෙ. ඔහු කලින්දාත් එළිවෙනකං නිදිමරපු රියදුරෙක්. දැන් මට ඕනෙ 'කණ පැලෙන්න ගහනවා හයියෙන් පලයං' කියන්න. යන්නෑ. දැන් මට කියන්න ඕන 'විනාඩි පහයි වැඩසටහනට තියෙන්නෙ' කියල. සයිඩ් කණ්ණාඩියෙ උඩින් ගහල තියෙනවා .ඔබට බුදු සරණයි - එන්ජිම පරණයි. කියල.හරි රහයිනෙ මෙහෙම ලිව්වම. ඒකයි සුලබ දේ ලියන්න හරිම අමාරු. එනිසා මං හිතනව .සින්දු පහයි ෆයිට් හතයි. චිත්‍රපටි ආයෙත් සිංහල සිනමාවට ඕනමයි. ඉතාම සුලබ දේවල් නිර්මාණශීලීව ඉදිරිපත් කරන සිනමාවක් අපිට ආයෙත් ඕන.
හැව්ලොක් ටවුන් එකේ තියෙන රෙස්ටුරන්ට් එකේ කෑම කන්න යද්දි දුටු සුලබ දෙයක් මං කියන්නම් ප්‍රියන්තට කොච්චර ලේසිද මේ දේවල් කරන්න කියල. ඇතුළට ගියාම එතන වාඩිවෙන්න ඉඩ නෑ. ජපන් යුවළක් කෑම කාල ඉවරයි. අපේ කියමනක් තියෙනවනෙ කාපු බීපු තැන්වල සතා සර්පයාවත් ඉන්නෙ නෑ කියල. ඒ නිසා වේටර්ට කිව්වා අර දෙන්න ගියාම අපි එතන වාඩිවෙමු කියල. එයා කිව්වා 'නෑ සර්.. පැය දෙකකටවත් ඒ දෙන්න යන්නෙ නෑ..' කියල.
මං ඇහුව 'කාල ඉවරවෙලා ඇයි එහෙම ඉන්නෙ' කියලා.
මිනිහ කිව්වා 'ජපානෙ එහෙම තමයි' කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු අපූරු කතාවක් කිව්වා. 'සර් චීනෙ මිනිහ කන්නෙ ඇහෙන්... ඒ කියන්නෙ පෙනුම බලනවා... ජපන කන්නෙ නහයෙන්... ඒ කියන්නෙ සුවඳ හොයනවා... ඉන්දියන් කාරය කන්නෙ දිවෙන්... ඒ කියන්නෙ රස හොයනො... ලංකාවෙ එකා කන්නෙ කොහොමද කියල පුළුවන්නං කියන්න..' මං ගත් කටටම කිව්වා 'කටින්..' කියලා.
'නෑ... ලංකාවෙ එකා කන්නෙ Quantity ( ප්‍රමාණයෙන්/සයිස් එකෙන්) එකෙන්. රහ ගුණ මොකවත් ඕනෙ නෑ තඩි බත් එකක් කනවනේ... ඒ විතරක් නෙවෙයි කාපු බීපු තැන්වල සතා සර්පයවත් ඉන්නෙ නැතුව යනව වගේ යනවා... කෑව බිව්වනං පලයල්ල කියලනේ කියන්නෙ' ඒත් ජපන් යුවළ ඉන්නවනේ මං ඇහුවා. 'ඇයි ජපන්නු ඉන්නෙ?' කියලා. 'මේකයි සර් සුනාමි එනවනේ... ඒගොල්ලො කොයි වෙලාවෙ මැරෙයිද දන්නෑනෙ... හෙට උදේ මැරෙයිද බලාගෙන තමයි ජීවත් වෙන්නෙ... ඒ නිසා රෑට කාල ටිකක් වෙලා විනෝද වෙනවා... දැන් අර දෙන්නා හොඳට විනෝද වෙනවා' කියල.
අර තරුණිය තරුණයාගේ නවල තියෙන කමිසය දිගාරිනවා. ආයිත් නමනවා. බලන් ඉන්න එවුන්ට පිස්සු වගේ පෙනෙයි. ඒත් ඇය තරුණයාගෙ අතේ ඇඟිලි අස්සෙන් ගෑරුප්පුව තියනවා. වතුර බොන වීදුරුව අස්සෙන් දෙන්නව බලාගන්නවා. ඒ විදියට කාලය ගත කරනවා. සුලබයිනේ. හැබැයි මේ සුලබ දේ ඇහෙන් දකිනවට වැඩිය රූපත් එක්ක ආවම කොච්චර සුන්දරද?
අපි චිත්‍රපටි කරන කාලෙ ඕන වුණා දුර්ලභ අත්දැකීමක්, අපේ දේශපාලන මතවාදය සිනමාවට ගේන්න. ඒ කොහොම වෙතත් එදා මං ජනාධිපතිටත් කිව්වා අගමැතිටත් කිව්වා අදත් කියනවා. චිත්‍රපටි සංස්ථාවෙ සභාපතිටත් කිව්වා අදත් ඕනනං කියන්නම් චිත්‍රපට සංස්ථාව සංස්කෘතික අමාත්‍යාංශයට අයිති වෙන්න ඕන නෑ. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති වෙන්න ඕනත් නෑ. එය අයිති වෙන්න ඕන කර්මාන්ත අමාත්‍යාංශයට. මේක කර්මාන්තයක්. තිරනාටක සංස්කෘතික අමාත්‍යාංශයට ගන්නෙක වෙනම දෙයක්. ඒ නිසා ප්‍රියන්තගේ චිත්‍රපටත් ඒ ඉසව්වේ තියෙන නිසාම මම ප්‍රියන්තගේ නිර්මාණවලට ඉරිසියා කරමින් මේ දවස්වල ජීවත් වෙනවා.
සුලබ දේ හරි අමාරුයි නිර්මාණය කරන්න. එනිසා මේ කතාවත් සුලබ ප්‍රේම කතාවක් කරන්න. සුලබ දේ ලියන්න බෑ. අපේ සිනමාකාරයො වරද්ද ගත්තෙ එතන. අපේ සිනමාකාරයා කළේ කාන්තාවක් ගවුමක් චුට්ටක් ඉස්සුවොත් ලෙන්ස් එක සූම් (Zoom) ලෙන්ස් එකකට මාරු කරනවා. ප්‍රේක්ෂකයා සූම් ලෙන්ස් එකක් ඇහේ දාගත්තාවේ. කැමරාකාරයාට ඒක වැඩක් නෑ. සූම් කරන නොකරන එක ප්‍රේක්ෂකයගෙ වැඩක්. සිනමාකාරයො ඒක සූම්කරන්න ඕන නෑ.
'නුවර වැව රවුමේ රොබරෝසියා ගහක් යට පෙම්වතුන් යුවළක් ඉන්නවා. කෙල්ල ඉන්නෙ තමන්ගෙ දෙපා යටිපතුල වෙනකම් ගවුමෙන් වහගෙන. ගහෙන් වැටෙන මල් කොල්ලයි කෙල්ලයි දෙන්නම ගවුම් ඔඩොක්කුවට එකතු කරනවා. එක වෙලාවකදී කෙල්ල මල පන්නගෙන ගවුම අතින් අල්ලලා මල් ඔක්කොම ගඟට දමනවා'
සිනමාකාරයා මොකද්ද කළේ. ඉක්මනට ලෙන්ස් එක මාරු කළා. ක්ලෝසප්(Close up) ගෙනාවා. ඒකෙන් තමයි මේ විනාසය සිද්ධ වුණේ. ඔබ කළ යුත්තේ මල් ටික වැවට දැමීම පමණයි. ඒ සෞන්දර්යය සිනමා කෘති ඇතුළෙ තියෙන්න ඕන. ආදරණීය කතාවක් චිත්‍රපටියේ මේ සෞන්දර්යය තියෙනවා. එක රූප රාමුවක් නෑ එතනින් පිට පැන්න. එනිසා මං ඉරිසියා කරන චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධව මං ප්‍රියන්ත කොළඹගේට ස්තුතිවන්ත වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd