ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
නිර්මාණකරණය අද වනවිට වෙනස් වෙනස් රටා ඔස්සේ ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කාලයකි. ඇතැමුන් විසින් කරනු ලබන නිර්මාණ ජීවමාන බවක් ගනු ලබන්නේ කෙසේදැයි සිතාගැනීමට පවා අපහසු අවස්ථා ඇති අතර, 'සර්ජි පිස්කුනොව්' නම් කලාකරුවා එවැනි විශිෂ්ටයෙකි. යුක්රේනයේ උපන් ඔහු මේ වනවිට වැඩි වශයෙන් කාලය ගත කරන්නේ ඇමෙරිකාවේ සහ ස්විට්සර්ලන්තයේය.
අලෝකකරණය සහ ස්වභාවධර්මය පිළිබඳ කුඩා කාලයේ සිට බොහෝ අවධානයෙන් සිටි සර්ජි, කලාවට යොමුව ඇත්තේද කුඩා කාලයේ සිටය. ඔහු වැඩි වශයෙන් නිර්මාණය කරන්නේ දිය යට ඇති ආකාරයේ නිර්මාණයන්ය. 1988 උපන් ඔහු නිර්මාණකරණය පිළිබඳ හැදෑරීම ආරම්භ කර ඇත්තේ පාසල් ගමනින් පසුවය. 2007 වර්ෂයේදී ඔහු පරිගණක පද්ධති ඉංජිනේරුවරයෙකු වශයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර, 2012 වර්ෂයේදී ඔහු එය අවසන් කර ඇත.
ඉන්පසු එම අංශයෙන් රැකියාවක නියැළෙන අතරතුර ඔහු චිත්‍ර කලාව සඳහා යොමුවීමට යම්කිසි කැමැත්තක් දක්වා තිබේ. පරිගණක විෂයය හදාරමින් කාලය ගත කිරීමත් සමගින් ඉඩ ලැබෙන හැම වේලාවක්ම මෙම නිර්මාණ සඳහා වෙන් කරගත් සර්ජි තමන්ගේ ඒකපුද්ගල නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එය ඉතාමත් සාර්ථක වූ හෙයින් 2012 වර්ෂයේ සිට 2017 දක්වා ප්‍රදර්ශන 14කට අධික සංඛ්‍යාවක් ඔහු විසින් පවත්වා තිබේ.
චිත්‍ර ශිල්පියෙකු වුවද ඔහු සිතුවම් කරන චිත්‍ර අතිශයින් තාත්වික හැඩයක් පෙන්නුම් කරයි. කැන්වසයක් මත සිතුවම් කරන මෙම සිතුවම් පියවි ඇසට පෙනෙන්නේ වතුර යට තිබෙන නිර්මාණ ලෙසිනි. එය එතරම්ම තාත්ත්වික ස්වභාවයක් දක්වයි.
මූලික වශයෙන් ඔහු චිත්‍ර ශිල්පය පිළිබඳ හදාරා නැත. නමුත් පොත්පත් කියවා එහි ඇති කාරණා අත්හදා බලමින් තම නිර්මාණ දියුණු කරගත් බව ඔහු පවසයි. ඔහුගේ පළමු ප්‍රදර්ශනය තුළදී ප්‍රදර්ශනය කෙරුණු සිතුවම් කිසිවක් ඔහු අලෙවි කොට නැත. ඔහු එම සිතුවම් තමන්ගේ කෞතුක වස්තූන් ලෙස සිය කලා කාමරයේ තැන්පත් කර ඇත.
කෙසේ වුවද ඔහුගේ සිතුවම් මේ වනවිට ඉතාමත් අධික මිලට අලෙවි වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd