කොලිවුඩයේ සුපිරි නළු රැජිණිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වෙන කබාලි චිත්රපයට පසුගිය සිකුරාදා දිනයේදී ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ විය. කබාලි උන්මාදයෙන් පෙළුණ ඉන්දියානු ජනතාව වෙනුවෙන් ඇතැම් ව්‍යාපාරික ස්ථාන එදින සිය සේවකයින් සඳහා නිවාඩු දිනයක් ලෙසද නම් කර තිබුණා.
මේ අතර එයාර් ඒෂියා ගුවන් සමාගම බැංගලෝරයේ සිට චෙන්නායි බලා ගමන් ගන්නා සිය ගුවන් යානයක් කබාලි චිත්‍රපටය වෙනුවෙන් වෙන්කර තිබුණ අතර එම ගුවන් යානයේ කබාලි චිත්‍රපටයේ ස්ටිකර්ද අලවා තිබුණි.
එසේම බැංගලෝර් ගුවන් තොටුපොළේ මගීන් සිය ගුවන් යානයට ඇතුළු කර ගන්නා ස්ථානයේදී රැජිණිකාන්ත්ගේ විශාල ඡායාරූපයද එක් කර තිබුණා. බැංගලොර් සිට චෙන්නායි බලා ගමන් කළ මෙම ගුවන් යානයේ අසුනක් සඳහා ඉන්දීය රුපියල් 7800ක මිලක් නියම වී තිබුණ අතර එහි ගමන් ගත් මගීන් 160 දෙනෙකු චිත්‍රපටය නැරඹීම සඳහා සතත්යම් සිනමා ශාලාවට රැගෙන යාමට එයාර් ඒෂියා ගුවන් සමාගම මුලින්ම සැලසුම් සකස්කර තිබුණි.
කෙසේ වෙතත් පසුව එම ස්ථානය වෙනස් කරමින් ඔවුන්ව ප්‍රසාද් නම් වූ සිනමා ශාලාවට රැගෙන යාමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කිරීමත් සමග මගීන් සිය නොසතුටට ප්‍රකාශ කළේය. ඇතැම්හු තමාට සත්‍යම් සිනමා ශාලාවේ රැඳී සිටීමට අවශ්‍ය බව පවසා ඇත.
කෙසේ වෙතත් ස්ථානය වෙනස් කිරීම පිළිබඳව මුලින්ම මගීන්ට දැනුම් දිමට නොහැකි වීම කාර්යය මණ්ඩලයේ වරදක් ඒ සඳහා කාර්ය මණ්ඩලය සමාව ඉල්ලා සිටින බවත් ගුවන් සමාගම මගීන්ට පවසා ඇත.
කෙසේ වෙතත් එයින් සෑහීමකට පත්නොවුණ මගීන් වෙනුවෙන් සත්‍යම් සිනමා ශාලාවේම කබාලි චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කළේ වෙනත ් වේලාවක් ඒ සඳහා වෙන්කරමිනි.
මේ අතර කබාලි චිත්රපයට තිරගත වූ පළමු දිනයේදීම එය ඉන්දී රුපියල් කෝටි 48ක ආදායමක් උපයා තිබුණි.
![](http://editorial.ada.lk/wp-content/uploads/file/kabali-rajinikanth-7592.jpg)