ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිශ්පාදකයෙකු, සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ එස්.එම්. ආනන්ද මහතා 83 වැනි වියේදී දිවියෙන් සමුගත්තේය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (26දා) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි. නිධානය, ගොලු හදවත්, මඩොල් දූව, ගැහැණු ළමයි, අක්කර පහ වැනි මෙරට සිනමා ක්ෂේත්රයේ සුවිශේෂී චිත්‍රපට ගණනාවක සිනමා ඡායාරූප ශිල්පියෙකු ලෙසද ඔහු කටයුතු කලේය.
මගේ නංගි ශ්‍යාමා, චන්ඩි ශ්‍යාමා, හෙලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා යන චිත්‍රපටයන්හි අධ්යක්ෂවරයාද වූ ඒ මහතාගේ දියණිය වන ශ්‍යාමා ආනන්ද අදාළ චිත්‍රපටයන්හි ප්‍රධාන චරිතය රඟදැක්වීය.