හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනී එමා වොට්සන් ඔක්ස්ෆර්ඩ් සරසවි සිසුවෙකු සමග පෙමින් බැඳී ඇති බව වාර්තා වෙයි.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ රග්බි කණ්ඩායමද නියෝජනය කරන මැට් ජැනී නමැති සිසුවා සමග එමාගේ සම්බන්ධයක් ඇති බවට කටකතා පැතිර තිබුණත්, එය වඩාත් සනාථ කරන ඡායාරූප කිහිපයක් පසුගියදා ප්‍රසිද්ධියට පත්විය. එහි දක්නට ලැබුනේ ඇය මැට් සමග කැරීබියන් වෙරළක පෙමින් වෙලී සිටින දසුන් කිහිපයකි.
වොට්සන් ඇගේ පෙම්වතා වූ විල් ඇඩමොවික්ස්ගෙන් වෙන්ව ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කිරීමත් සමගම මෙම සරසවි පෙම පිළිබඳ ඡායාරූප දිග හැරිණි. එහිදී තමන් විල්ගෙන් වෙන්වූ බව වොට්සන් ප්‍රකාශ කර තිබුණත්, මැට් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබිණි.
මැට් බැලූ බැල්මටම වොට්සන් වසඟයට ගත් කඩවසම් තරුණයෙකු විය. එමෙන්ම, ඇය මැට් සමග ගතකළ ඒ ප්‍රථම ප්‍රසිද්ධ ප්රේමාලිංගනයද කිසිදු චකිතයකින් තොරව ගතකළ බවද සඳහන් වුණි.
23 හැවිරිදි සුරූපී වොට්සන් මෙන්ම, 21 හැවිරිදි කඩවසම් මැට් දෑත් පටලාගෙන සුදෝසුදු කැරීබියන් වෙරළ තීරයේ පැය කිහිපයක් ගත කළ බවද, ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන්වී සිටි මොහොතක් දැකගත නොහැකි වූ තරම් බවද කියවුණි.