www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
එංගලන්තයේ හල් නගරයට පැමිණි 3200ක් පමණ වූ ජනතාව නිරුවත්ව මාර්ගයන්හි ගමන් කිරීමේ පුවතක් වාර්තා වෙනවා. නිල් පැහැයෙන් ශරීරය නිල් පැහැයෙන් වර්ණ ගන්වාගෙන මාර්ගයන්හි සිටියේ සාගර ජල මට්ටම ඉහළ නැංවීම අර්ථ දැක්වීම සඳහායි.මෙම ඡායාරූප සැසිය ස්පෙන්සර් ටියුනික් නම් වූ ඡායාරූප ශිල්පියෙකු විසින් සිදුකර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පැවැති මෙම ඡායාරූප සැසියට ස්වේච්ඡාවෙන් එක්වූ ජනතාව පාන්දර තුනට පමණ සිය ශරීර පින්තාරු කර ගැනීම ආරම්භ කර තිබුණා.
නිල් පැහැයෙන් වර්ණවත් වූ සිරුරු මාර්ගය පුරා ගමන් කිරීමේදී ඈතට ජල කඳක් ලෙස දිස්වුණා. සෙනසුරාදා දිනයේදී හල් නගරයේ කාලගුණ තත්ත්වය එතරම් යහපත් නොවුණත් සීත කාලගුණයක් යටතේ පවා බොහෝ පිරිසක් එක්ව සිටීම ගැන ඡායාරූප ශිල්පියා විමතියෙන් කරුණු පැහැදිලි කර තිබුණා.
ඔහු විසින් ලබාගත් මෙම ඡායාරූප 2017 වසරේදී හල් නගරයේ පැවැත්වෙන ඡායාරූප ප්රදර්ශනයක්දී එළි දැක්වීමට නියමිතය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd